Followers

Wednesday, May 27, 2020

දියැඳි සිතුවම්...14

~14~ ගැට ලිහීම

වයිට් බෝඩ් එක ඉස්සරහ හිටගත්ත විජිත තුන්දෙනා දිහා සැලකිල්ලෙන් බැලුව. හිතුවට වඩා චැලේන්ජින් නේද.. ඕකේ අපි බලමු ජිග්සොපසල් එක හදන්න.මට ඔය තුන්දෙන දුන්න ඉන්ෆො ලයිනප් කලාම මෙහෙම පැටන් එකක් එනව..බලමු ඉතිරිය ෆිල් කරගන්න..කියපු විජිත බොඩ් එකේ ලියන්න ගත්තා.

01. ගාමිණි රාජසේකර - චයාමන් ( යුනික් ෆිනෑන්ස් ) - මැරුන / සැක - ඊයම් විශ වීම

02.ඊයම් විශ වීම ගැන කිසිම එවිඩන්ස් එකක් නෑ.

03. කෝල් හිස්ට්‍රි එකෙන් හෙලි උන රාජසේකර සහ විසාකා ඒකනායක ( යුනික් ෆිනෑනස්- ඕනර්) අතරෙ ‍යම් විශේෂ සම්භන්දයක්

04. හැබැයි මේ දෙන්න අතරෙ කිසි අනවශ්‍ය සම්බන්ධ යක් තිබ්බ බවට එවිඩන්ස් නෑ.

05.රාජසේකරගේ මියයාමෙන් කාටවත් විශේෂ දේපල ප්‍රතිලාභයක් ලැබෙන්නෙත් නෑ

06.හැබැයි රාජසේකර යම් දෙයකට බයේ ජීවත් වෙලා තියෙන්නෙ.

07.රාජසේකර ළග වැඩකරපු පියන් අකිල අතුරුදන්.ඔහු පෙනීසිටි පුද්ගලය නොවේ.
ඔහු කවුද..?

08.හැබැයි ඒ පියන් අකිල හා රාජසේකර ගෙ හිතවතෙක් වෙන විමල් බාස් කියන අයගෙ සම්බන්යක් තියනව.( පියන් පාවිච්චි කරල තියෙන්නෙ විමල්ගෙ අයි ඩී එක වෙනස් කරල)

09.අවුරුදු තුනක් තිස්සෙ විමල් බාසුත් අතුරුදන්.

10.විමල් බාස් ලඟ ගෝලයෙක් ඉඳල තියනව.විමල් ගියාට පස්සෙ මිනිහත් ගිහින්.

සර් එතැනට මට දෙයක් ඇඩ් කරන්න තියනව ෆාතිමා කිව්ව.යස් ෆාතිමා ..ගො අහෙඩ්.. හේමාල් ගෙනාව විමල්ගෙ නම්බර් එකේ රෙකෝඩ්ස් මම චෙක් කලා අර මුදලාලි කියපු විදියට විමල් කෝල් කරල තියෙන්නෙ මිනිහගෙ තිස්මඩ ගෙදර ඉඳන්. අපි දැන් දන්නව මිනිහ කවදාවත් එහෙ ගියෙ නෑ කියල. මිනිහගෙ ගෙදර අයගෙ සාක්ශි වලින්.. මට ඒක ටෙක්නිකලිත් පෲ කරන්න පුලුවන්. සර් මේක ඉලීගල් දෙයක්, මම ඔය සර්විස් ප්‍රොවයිඩර්ගෙ මේන් ෆ්‍රේම් එක හැක් කලා..ත්‍රී ඉයර්ස් බැක් රෙකෝඩ්ස් නෙ.. කොහොම හරි මට ඒක ගන්න පුලුවන් උනා.මුදලාලිට කෝල් එක ආපු වෙලාවෙ ඔය විමල් ගෙ ෆොන් එක තිබිල තියෙන්නෙ.මිනිහ ගෙ ගරාජ් එකේමයි... මොනවා... විජිත ඇහුවෙ පුදුමෙන් ... ඔව් සර් සිග්නල් ටවර් එක තියෙන්නෙ ඒ ළඟමයි.ෆෝන් එක වෙන ඒරියා එකකට ගිහින් නෑ.ගුඩ් ජොබ් ෆාතිමා ගුඩ් ජොබ් ..
කියපු විජිත විමල් බාස් ගෙ ගෝලයා කියන එක රවුම් කලා.. දැන් අපිට ඕනෙ මූව..

සර් එකොලොස් වෙනි පොයින්ට් එකකුත් තියනව හේමාල් කිව්ව ..ඒ මොකද්ද පුතා..

11. ඩී.අය .ජී.නාගරත්න
- වික්ටර් ඒකනායක ( යුනික් ෆිනෑන්ස් අයිතිකරු) මැරුන. අරලියා ඒකනායක( දියනිය) මැරුන, ගාමිණි රාජසේකර ( යුනික් ෆිනෑන්ස් ච්‍යාමන්) මැරුන. විසාකා ඒකනායක ,ඔත්පලයි.
ඒකනායක ෆෝචූන් එක නිකන්ම ඩී.අයි.ජී ගෙ ඔඩොක්කුවට වැටුන..
ද එහෙම නැත්නම් වට්ට ගත්තද නේ.. විජිත හේමාල් ගෙ කතාව සම්පූර්න කලා..

හැබැයි ඔය මරන ස්වාභාවික ඒවනෙ නේ ෆාතිමා ඇහුව.අපි ඒ ගැන ෆුට් නෝට්ස් දාල තිබ්බ.. ඉන්න කියපු ෆාතිමා කොලයක් ගත්තා,
රයිට් මේ තියෙන්නෙ, වික්ටර් ගෙ මරනය ස්වාභාවිකයි.කාලයක් තිස්සෙ තිබ්බ හාට් ප්‍රොබ්ලම් එකක්
වික්ටර් ගෙ වයිෆ් චයිල්ඩ් බර්ත් එකකදි, ස්වාභාවිකයි
වික්ටර් ගෙ සෙකන්ඩ් වයිෆ් පැරලයිස් උනේ වැටිල..ස්වාභාවිකයි
වික්ටරගෙ දුව කාර් ඇක්සිඩන්ට් එකක්,හැබැයි කෙල්ල ඩ්‍රග්ස් අරන් ඉඳල තියනව ඒ වෙලාවෙ,
ගාමිණි රාජසේකරත් ඊයම් විශ වීම තවම සැකයක් නෙ
නෑ ෆාතිමා මේ අතරෙ මොකක් හරි කොස්සක් තියනව. මේ මිනිස්සු එකෙක් ට එකෙක් ලින්ක් වෙන විදිය දැක්කද,
විමල් බාස්, මිනිහගෙ ගෝලය,අකිල පියන් තමා මේ පසල් එකේ මිස් වෙච්ච කෑලි.. මේ තුන හොයා ගත්තනං අපිට මේක කම්ප්ලීට් කරන්න පුලුවන් විජිත කිව්ව.
හේමාල් කැන්ඩි යන්න පොලොව පෙරලල හරි.. මේ විමල් බාස්.... පොඩ්ඩක් ඉන්න .. මොනාහරි මතක් උන විජිත ෆයිල් ගොඩ අවුස්සන්න ගත්තා...කෝ කෝඅර මුදලාලිගෙ ස්ටේට්මන්ට් එක.. ආ සර් ෆාතිමා පේපර් එක දුන්නා..
"
// නෑ සර් මිනිහ ගියාට පස්සේ කෝල් කලේ. තිස්මඩ හදිසියේම ආවාය.ගෝලය හෙට කඩේ යතුර ගෙනත් දෙයිය,ඒක මං එනකන් තියාගන්න කියල කිව්ව.. ඉතිං ..? පහුවෙනිදා මට ඇට් හෝම් ගෙදරකට යන්න තිබ්බ නිසා මම එදාම හවස ගියා යතුරු ඉල්ලගන්න.කොහෙද අර යකා බිම සිමෙන්ති දැමිල්ලක් කරනව ඒ අස්සෙ." //

//"මොනා උනත් අර ගෝල කොල්ල බිම සිමෙන්ති ටික දාල ගිය නිසා එතන පොඩ්ඩක් කල එලි උනා. "//

මේ චේද දෙක හයි ලයිට් කරපු විජිත හිනා වෙන්න පටන් ගත්තා..

බිම සිමෙන්ති දාල,බිම සිමෙන්ති දාලා... ආහ්.. ඇයි මට මේක කලින් නෝට් උනේ නැත්තෙ.. විජිත කිව්වෙ මේසෙටතදින් ගසමින්... ළමයි විමල් බාස් පහුගිය අවුරුදු තුනේම හිටියෙ ගරාජ් එකේම තමයි..
හැබැයි පොලව යට .. විජිත කිව්වෙ, කමල්,හේමාල් ,ෆාතිමා පුදුමෙන් බලන් ඉඳිද්දි.
අපි හෙටම යනව පැනිදෙණියෙ ගරාජ් එකට,කියපු විජිත කෝල් එකක් ගත්තා චීෆ් විජිත, හොඳයි චීෆ්, ඔව්.. ඔව්.. ඒගැන තමයි.මට හෙට පොලිස් පර්මිශන් ඇන්ඩ් ඇසිස්ටන්ස් ඕනෙ වෙනව බොඩි එකක් සම්බන්ධ වැඩකට.. ඔව් චීෆ් තවම සැකයක් විතරයි. ඔව් කේස් එකට ඩිරෙක්ට් ඉන්වෝල්.. ඔව්... තෑන්කස් චීෆ් කියපු විජිත කට්ටිය දිහාවට හැරුන.. තේකක් බොමුද...???

තුෂාර ආසිරි .

දියැඳි සිතුවම්...13

~13~ මොනවද බොන්නෙ...?

ආ.. අයියෙ.. මොකද මේ පැත්තෙ, විසාක ඇහුව.මට ටික දවසකින් එන්නත් බැරි උනානෙ ඒකයි ආවෙ.කොහොමද රාජසේකරගෙ මල ගෙදර හොඳට කෙරුනද..??නාගරත්න ඇහුවෙ ඔලොක්කු හිනාවක් එක්ක,විසාකට ඒක හොඳට තේරුන, හොඳට කෙරෙන්න මඟුල් ගෙදරක් නෙවෙයි නෙ..මරනයක්... විසාක කිව්වෙ තරහින්..මොකද උබට ඔච්චර තරහ යන්නෙ.නංගි මේ ඕව පෙන්නපං වෙන එවුන්ට මේ මට පෙන්නන එන්න එපා.ඔව්..උඹ මේ යහතින් ඉන්නෙ මම නිසා කියල දැනගනිං..අනේ ඔව්.. විසාකා පුටුවෙන් ආපහු නැගිට්ට.. ඒවට හිලව් වෙන්න මගෙ රීරි මාසෙම උරාබීල එනව මෙතන...නංගී... මේ අහපං...මම මේ උඹේ කටේ සද්දෙ බලන්න නෙවේ ආවෙ.උඹෙ ඔය සද්ද නවත්තන හැටිත් මම දන්නව.මම ආවෙ වැදගත් කාරනයක් කියන්න.ලබන සුමානෙ ලොකු පුතා ලංකාවට එනව.ඇත්තටම මමයි මිනිහට කිව්වෙ වහාම එන්න කියල.උඹ අදම කම්පැනි සෙකට්‍රිට කතාකරල ඒ ළමය චයාමන් විදියට ඇපොයින්ට් කරන්න ලෑස්ති කරන්න ඕනෙ. ඒක කියන්නයි මම ආවෙ...බෑ.. ඒක කරන්න බෑ කොහොමත්..අයියට නුවරඑළිය වත්තයි,කොළඹ ගෙදරයි දෙකම දුන්න, රාජසේකරගෙ ශෙයාස් ඔක්කොමත් ට්‍රාන්ස්ෆර් කලා,තව චයාමන් කමත්...,මට ආරංචීයි කොළඹ ගෙදර විකුනල කියලත්.ඔව් ඉතිං නිකං ලැබුනාම අගයක් නෑනෙ.මම කොහොමත් අයියට කොම්පැනියෙ චයාමන් කම දෙන්නෙ නෑ.ඔහොම ගියොත් මට පාරට බහින්න තමයි වෙන්නෙ.විසාක කිව්වෙ තරහින් පුපුරමින්.පුටුවටත් පයින් ගහගෙන නාගරත්න නැගිට්ට... බැල්ලි තොට පාරට තමයි බහින්න වෙන්නෙ, මම කියන විදියකට කලේ නැත්නම්,පාරට විතරක් නෙවෙයි මම තෝව අඩි හයක් යටටත් අරිනව.. නාගරත්න කිව්වෙ අත් මිට මොලවගෙන.. හා..ඇරපං බලන්න පුලුවන් නම්.. උඹට පුලුවන් දෙයක් කරපන්..මාවත්පුලුවන් නම් මරල දාපන්. එතකොට උඹට ලේසීනෙ.කරුනාකරල මෙතනින් පලයං,මට උඹව පේන්න බෑ.මේව මගෙ වැරදි.. මගෙ පවුකාරකං වලට මගේම අයිය නිසා මට මාව ආරක්ශාකරගනී කියල හිතුව.ඒත් උඹ කරන්නෙ මාව නොමර මරන එක.උඹ නිසා තමයි රාජසේකරත් කාත් කවුරුත් නැති මිනිහෙක් වගේ මැරිල ගියෙ, අනේ මට ඒ මනුස්සයට වතුර ටිකක් වත් දෙන්න බැරිඋන.ඉන්න කාලෙදිත් ඒ මනුස්සය හිටියෙ හිතින් මැරි මැරී,
ඔව් තොපේ පවු වලට එහෙම වෙලා මදි,නාගරත්න කිව්ව.අයියෙ දැන්වත් පලයං මට වදනොදී.. විසාක අඬ අඬා ඇවිත් නාගරත්න තල්ලු කලා.පලයං... අත ඇරපිය බැල්ලි මාව කියපු නාගරත්න,විසාකව තල්ලු කලා,වේගෙන් විසිවෙලාගිය විසාක බිම වැටුනෙ පුටුඇන්දකත් වදිමින්.ඩක් හඩක් නගමින් වැටුනු විසාකා කිසි හැලහොල්මනක් නැතුව ඒත් තදින් හුස්ම අදිමින් හිටියා.කාරය දිහාවට ඇවිදගෙන ගිය නාගරත්න ආපහු ගෙට ගොඩවෙල විසාක ගාවට ගියා.පැලුනු ඔලුවෙන් ගලන ලේවලින් පෙගිච්ච කොන්ඩෙන් මූනෙ පැත්තක් වැහුනු විසාකා අමාරුවෙන් හුස්ම එකතු කරමින් හිටිය.
මොකද නාගෙ විසාකට උනේ, කෝල් එක ආපු ගමන්ම හොස්පිටල් එකට ඇවිත් විසාක චෙක් කරපු කන්සල්ටන් නාගරත්න ගෙන් ඇහුව.මම දවල් ගියස් විජේ නංගි බලන්න.මෙයා මේ දවස් ටිකේ කිය කියා හිටියෙ කැරකිල්ල වගේ කියල, මම ඒත් කිව්ව පොඩ්ඩක් විජේට කෝල් කරල ඇපොයින්මන්ට් එකක් දාගන්නත්,ඒත් දන්නවනෙ විසාකගෙ හැටි.මම ගිහින් කතාකරල එන්න යද්දි එකපාරටම කලන්තෙ දාල වැටුන.මම හිටියෙත් අල්ලන දුරක නෙවෙයි.බයවෙන්න දෙයක් නෑ නාගෙ, තවම සිහිය නැත්තෙ ශොක් එක නිසා වෙන්න ඕනෙ.ඔලුවෙ පිටිපස්ස වැදිල තියන නිසා පොඩි රිස්ක් එකක් තියනව.බලමු අපි... මම ඔක්කොම බලගන්නම් කියපු ඩොක්ට ආය රෑම් එක ඇතුලට ගියා.
සති එක හමාරකට පස්සෙ විසාක ආය ගෙදර ගියෙ රෝද පුටුවෙන්,විසාකගෙ ඇගේ කොටසක් පන නැති අංශබාග ගතිය ඇතිඋනේ හිසේ පිටුපස පහල ස්නායු හානිඋන නිසා කියල ඩොක්ටර්ස්ල තීරනය කලා,කාලයත් එක්ක සුව අතට හැරෙයි කියලයි තීරනය උනෙ.
සර්.. හේමාල් කතාකරනව.. ඔව් හේමාල් කියන්න විජිත කිව්ව. සර් විසාකා ඒකනායක ගැන. ඔව් හේමාල් එනි නිව් ඉන්ෆො... ඔව් සර් විසාකා ඇක්සිඩන්ට් වෙලා.අද තමයි ගෙදර ගියෙ.. ඒ මොකද හේමාල් ,ගෙදරදි වැටිල, ස්නායු ඩැමේජ් වෙලා කියල තමයි මෙඩ් රිපෝර්ට්ස් වල තියෙන්නෙ, මේ ව කොහොමද මෙහෙම වෙන්නෙ පුතා... හොඳටම ශුවර් ද ඇක්සිඩන්ට් එකක් කියල... ඔව් සර් මේක වෙලා තියෙන්නෙ විසාකගෙ අයියා..ඩී.අයි.ජී.නාගරත්නත් ඉන්න වෙලාවක. ඩී.අයි.ජී ම තමයි විසාකා ව හොස්පිටල් ගෙනියලත් තියෙන්නෙ. පොලිස් ඉන්ක්වාරමන්ට් එකක් කරලද.. ඔව් සර් සාමාන්‍යයෙන් ගෘහ අණතුරක් විදියට වාර්තාකරල තියනව.හ්ම්.. ඔකේ..එනිතින්ග් එල්ස්..විජිත ඇහුව.. නෝ සර්... මොනාහරි තිබ්බොත් මම කියන්නම් කියපු හේමාල් ෆෝන් එක කට්කල.ටිකක් කල්පනා කරපු හේමාල් තව කෝල් එකක් ගත්තා.
මහනුවර පොලිස්ටේශන් සර්.. ආ හෙලෝ මම අයි.පී හේමාල් ,මට දෙන්න අයි.පී ලසන්ත, ක්‍රයිම්... සර් අයි.පී ලසන්ත දැන් ට්‍රැෆික් බ්‍රාන්ච් ඉන්නෙ, මම දාන්නං කියපු ඔපරේටර් කෝල් එක ට්‍රාන්සර් කලා, අයි.පී.ලසන්ත.. යස් .. ලසා මම හේම... අම්මට හුඩු.. යකෝ පුදුමයි උඹට අපි මතක් උනා..ඉතිං ඉතිං ... ලසන්ත ඇහුව.. මේ මම නුවර ආව ඊයෙ යාලුවෙක් එක්ක පොඩි බිස්නස් වැඩකට, ඈ බං උඹ දැන් බිස්නසුත් කරනවද.. දන්නැද්ද ලසා පොඩි ඉඩම් බිස්නස් එකක්, අපිට ඉතිං උඹලට වගේ පිටවාසි නෑනෙ හේමාල් හිනාවෙවී කිව්ව. යාලුව කෙලින්ම ගියා නුවරඑළියෙ,ඌ එන්නෙ හෙට උඹ මම ඉන්න හොටෙල් එකට වරෙන් හවස් වෙල පොඩ්ඩක් සෙට් වෙමු... අනිව... යකෝ නුවරටත් ඇවිල්ල උඹට සලකන්නෙ නැතුව යවන්න පුලුවන්ද.. ලසන්ත කිව්ව.. මේ උඹ මොනාද හේම බොන්නෙ... ඉස්සර වගේ ඕන දෙයක් බොනවනෙ නේ.. ඔව් ඔව්.. දන්නවනෙ.. ඒත් උඹ බෝතල් ගන්න එපා මගෙ ලඟ බොට්ල් එකක් තියනව.උඹ වරෙන්කො.. මම ඉන්නෙ සිටිවිව් හිටෙල් එකේ..එහෙනං හවස හම්බවෙමු.. කියපු ලසන්ත ෆෝන් එක තිබ්බ.
බෝතලෙන් බාගයක් විතර යද්දි හේමාල් ඩී.අයි.ජී.ගැන. කතාව පටන් ගත්ත. කොහොමද බං උබලගෙ ඩී.අයි.ජී. .. හහ් මිනිහ වැඩ්ඩ බං.. හැබැයි ගඳය.. ඕනෙ කුනුගොඩක් ඌට ඕනෙ විදියට හදාගන්න හැටි ඌ දන්නව.නැතුවත් බෑනෙ බං.. උඹලගෙ ඔය එකවුන්ට් බ්‍රාන්ච් එකේ වගේ නෙවේ බං.ෆීල්ඩ් එකේ.ගූ කේස් ... හැමදාම ගූ කේස්.. මේකෙ ඔලුව ගහල ඉන්න දර්මෙන් බෑ. උඹලට නං මොකද ෆයිල් එක ගත්ත.. ටිකි ටිකි ගාල කොම්පියුටර් එකට දැම්ම.. මේව කේස් බං.. ලසන්ත තව ශොට් එකක් දාගත්ත.මේ මගෙ පොඩි ලෝන් වැඩක් තියනව බං, තාම හෙඩ් ඔෆිස් එකෙන් ෆයිල් එක දාල නෑ.හොඳ කොල්ල වගේ ඒක බලල දීප.. ඒ අස්සෙ ලසන්ත ඒ වැඩත් කියනව.සිම්පල්නෙ බං මට ෆයිල් නම්බර් එක එවපන් මම බලන්නම් හේමාල් කිව්ව. ඉතිං බං මෑන් බැඳල..??ඔව් ඔව් ලොකු පුතෙකුත් ඉන්නව.. ළඟදි ආව රට ඉඳල.. අඔඑ ලොක්කත් ළඟදි රිටයර් වෙන්න්ලු බං යන්නෙ. අපරාදෙ... වැඩ්ඩෙක් බං... රියල් වැඩ්ඩෙක්.. කාලයක් පදවියෙත් හිටියනෙ බං.. කොටි කාලෙ... ඇයි බං කලින්ම රිටයර් වෙන්නෙ.. කතාව එහෙ මෙහෙ යන්න නොදී හේමාල් ට්‍රැක් එකට දාගත්ත.ලොක්කට මේව වැඩක් නෑ බං.. මෑන් තමයි දැන් ඔය මෑන්ගෙ නංගිගෙ වතුපිටි,කොම්පැනි ඔක්කොම රන් කරන්නෙ.රන් කරන්නෙ කිව්වට ලොක්කගෙම වගෙ තමයි. ඕවට දැන් කවුරු උරුම කං කියන්නද.. ඊයෙ පෙරේද ලොක්කගෙ නංගිත් ඇඳට වැටුන.නංගිගෙ මිනිහත් නෑ. ළමයත් මැරිල.. හේමා... වාසනාව කියන්නෙ ඕකට තමා බං.. කෝටි ගානක් නිකං හම්බුන වගේ. මේ සිංදුවක් කියමුද....ලස්ස ගනං වස්තු ලැබී.... ලසන්ත මේසෙට තට්ටු කරන්න පටන්ගත්තා.. හරි හරි. මේ ශොට් එකත් දාගනිං කියපු හේමාල් බෝතලේ අන්තිම ටිකත් ලසන්තගෙ වීදුරුව ට පිරෙව්වා.. හරි.. උඹ කියනවනං හරි... කියපු ලසන්නත ඒ වීදුරුව එක උගුරට හිස් කලා...


තුෂාර ආසිරි .

දියැඳි සිතුවම්...12

~12~ අනුන්ගෙ කුණු

ඔව් සර් මේ රෑපෙ ඉන්නෙ අකිල තමා.එතකොට තමුසෙ කියන්නෙ මිනිහගෙ ඩොකියුමන්ට් කියල තිබ්බෙ අයි ඩී කොපියකුයි,ඇප්ලිකේශන් එකයි විතරයි.කියල..කෝ ඒව... සර් ඔය ෆයිල් බන්ඩල් එකක කොහෙ හරි තියෙන්න ඕනෙ..කොහෙ හරි. ඕයි ඕව ෆයිල් කරන පිලි වෙලක් නැද්ද..?? හේමාල් ඇහුව.. ඒමනං නෑසර්.. මේ පොතේ නමයි, කොම්පැනියයි, මොබයිල් නොම්මරයි තියනවනෙ.පඩි මාක් කරන්නෙත් මේ පොතේ තමයි.. ලොක්ක කියල තියෙන්නෙ පොත් පත් ගොඩක් තියාගන්න එපා කියල.. මැනේජර් කිව්ව.ඔයි තමුසෙලගෙ ළග වැඩකරන මිනිහෙක් ඇබ්සන්ට් උනාම තමුසෙල මොනාද ඉස්සෙල්ලම කරන්න ඕනෙ,කතාකරනව ඕයි..බලන් ඉන්නෙ නැතුව කමල් ගුගුරව්ව.. ස..ස..සර් පොලිසියට කියන එක.. ඉතිං තමුසෙ ල ඒක කලාද..සර් මේ..අපේ ලොකු මහත්තය කියල තියෙන්නෙ කම්ප්ලේන් නැත්නං පොලිසි ගානෙ යන්න එපා කියල සර්.. කවුද තමුසෙලගෙ ලොක්ක.. සර් මේ.. රණවක මහත්තය.. අර පළාත් සබා මන්ත්‍රී තුමා...ආ.. එතුමද..?? කමල් ඇහුව.. ඔව් සර් දන්නවද..??ඒකනෙ සර් ප්‍රශ්නයක් නැනෙ එහෙනම් නේ... මෑන් පවර් එකේ මැනේජර් ඇහුවෙ අමාරුවෙන් මූනට හිනාවක් ගන්න ගමන්.ඕයි තමුසෙගෙ ලොක්ක මොන පකයෙක් උනත් නීතියට පිටින් යන්න බෑ.. තේරුනාද.. කමල් මැනේජර් ලඟට කිට්ටු උනා..මිනිහගෙ මූන ආයෙත් දියාරු වෙලා ගියා අඬන්න වගේ...තමුසෙලගෙ වැඩ ඔක්කොම නීති විරෝදීයි. බලනව හරියට රෙකෝඩ්ස් මේන්ටේන් වෙන්නෙ නෑ.තමුසෙල හිතන්නෙ තමුසෙලගෙ ලොක්ක කෙරුම කියලනෙ, ඊට වඩා කෙරුමො මේකෙ ඉන්නව, තේරුනාද.. කමල් කිව්වෙ මැනේජර් ගෙ ටයි එක අඹරල අදින ගමන්.තමුසෙ දැන්ම මේ මිනිහ ගැන මොනාහරි තොරතුරක් දෙන්න ඕනෙ.. එහෙ නැත්නම් තමුසෙව තමා ගිහින් ඇතුලට දාන්නෙ.හේමාල් කිව්වෙ ලිපිගොනු පෙරල පෙරල බලන ගමන්. මේ මිනිහට පඩි ගෙව්වෙ කොහොමද.?? මොන බැංකුවටද..හේමාල් ඇහුව... සර් මේ.. අපි සමහරක්ට පඩි දුන්නෙ කෑෂ් වලින්,මෙහෙට ඇවිත් තමයි ඒ අය පඩි අරන්ගියෙ.අකිලටත් එහෙම තමයි පඩි දුන්නෙ.. ඒ ඇයි.. කමල් ඇහුව.. මේ ටැක්ස් ප්‍රස්න නිසා තමයි සර්... මැනේජර් කිව්ව. මේ සීසී ටීවී කැවරා වල ෆුටේජ් කොහෙද සේව් වෙන්නෙ. කමල් ඇහුවෙ වටේ තිබ්බ කැමරා පෙන්නන ගමන්.මේව පිච්චිල තියෙන්නෙ සර් වැඩ නෑ..ඔය නිකං ලස්සනට වගේ තියෙන්නෙ. කියපු මැනේජර් ඔලුව කැසුව.හේමාල් කැමරා ලගට ගිහිං බැලුව.. ඕයි මේව කොච්චර පරනද... සර් අපේ ලොක්ක මේ ඔෆිස් එක ගද්දිත් මේව තිබුන..
කමල් මෙන්න තියනව.. ෆාතිමා ෆයිල් එක්ක් අස්සෙ තිබිල බොඳ වෙච්ච අයි.ඩී කොපියකුයි,ඇප්ලිකේශන් එකකුයි.ගලවල ගත්ත.හරි තමුසෙට මේපාර සමාව දෙනව.. හැබැයි තමුසෙව අපි කැඳවනව ආය අවශ්‍ය උනොත් ,තේරුනාද... කමල් කිව්ව.. තේරුනා සර් තේරුනා.. මැනේජර් කිව්වෙ දෙකට තුනට නැවෙන ගමන්. හරි.. තමුසෙ අද මෙක කලින් වහල ගෙදර යනව.. අද වැඩිපුර මහන්සි උනානෙ..අපි තමුසෙගෙ ලොක්කට කලින් දන්නල තියෙන්නෙ.. කමල් කිව්වෙමැනේජර්ගෙ පිටට තට්ටුවක් දාන ගමන්.. හැබැයි එකක් මේ ගැන තමුසෙ කටක් ඇරල තිබ්බොත් කටයි ඇටයි දෙකම තලනව තේරුනා නෙ හේමාල් කිව්ව.. ඔව් ඔව් සර් තේරුනා ලේන්සුවෙන් නලලෙ දාඩිය පිහිදන ගමන් මැනේජර් උත්තර දුන්න.හ්ම්.. යමු කියපු කමල් ඉස්ස උනා.. දොර් ඇරල දීල තුන්දෙනා පහලට බැහැල යනව බලන් හිටපු මැනේජර් ආයෙත් ඔෆිස් එක අස්සට දුවන් ගියා..ටෙලිෆෝන් එකේ ගලවපු වයර් එක ආය අමාරුවෙන් හයි කරගෙන රණවක මන්ත්‍රී තුමාට කෝල් කලා.
සර්.. මේ මිත්‍රපාල කතාකරන්නෙ.. සර් රහස් පොලිසියෙන් ආවනෙ.. සර් දන්නව කියල කිව්ව සර්.. මාව මෙතන මරන් කන්න හැදුව සර්.. මොන හෙන ගෙඩියක්ද සර්.. මැනේජර් කියව්වෙ එකදිගටම. අයිසෙ ඕක අපෙ ලොක්කගෙ ඕඩර් එකක්. තමුසෙ බය නැතුව ඉන්නව.තමුසෙට අවිලක් වෙන්නෙ නෑ.ලේකම් තුමා කිව තමුසෙට කලින් කියන්න එපා කියල ,ඒකයි මම කිව්වෙ නැත්තෙ.මන්ත්‍රී කිව්ව.. ඇයි සර් එහෙම කලේ.. මම විස්වාස නැද්ද සර්..ඇයි සර් ඒම කලේ.. මිත්‍රපාල ඇහුවෙ හිතේ අමාරුවෙන්.ඕයි මම තමුසෙ කියන දේද කරන්න ඕනෙ ලොක්ක කියන දේද..මේ චන්දෙකුත් එන අස්සෙ, බම්බුවක් කතාකරනව කියපු මන්ත්‍රී ෆෝන් එක තිබ්බ.නෙද්දකිං ගුණයක් නැති කාලකන්නිය...අපි මෙතන මෙකට කත් අදින විදියට මෙහෙම කරල මදි.
මේකෙ ෆොටෝ එක නම් හොඳටම බ්ලොට් වෙලා මම ස්කෑන් කරල ප්‍රෝග්‍රෑම් එකකට දැම්ම ඒත් හොඳ රිසල්ට් එකක් ගන්න බෑ.කමල් මිනිහගෙ වයස කීයක් ද කිව්වෙ ෆාතිමා ඇහුව ..හ්ම්ම්.. දැනට තියන ඩේට හැටියට අවුරුදු 23,24 ක් වගේ.නෑ කමල් වෙන්න බෑ ෆාතිමා කිව්ව.. මේ අයිඩී නොම්බර් එකේ මුල් ඩිජිට් වල හැටියට මෑන්ගෙ වයස 35 ක් වෙන්න ඕනෙ.
ඔෆිස් සීසීටීවී ෆුටේජ් කොහොමද හේමාල් ඇහුව,වැඩක් නෑ හේමාල්, කස්ටමර්ස්ල එන ගනුදෙනු වෙන ෆ්ලෝ එකේ ෆුටේජ් වලට විතරයි මෙයාල ප්‍රයෝරිට් දීල තියෙන්නෙ,ඒත් මෙතන තියෙන්නෙ ඔෆිස් ඒරියා නිසා සීඩීටීවී ෆුටේජ් මාස 6 යි තියෙන්නෙ.මේකෙ සෙකියුරිටි මැනේජර් තවම මැනුවල් සිස්ටම් කරේ තියන් ඉන්න ලොක්කෙක්. මම හිතන්නෙ ලාබම සීසීටීවී සිස්ට්ස්ම් එකක් තමයි කම්පැනියෙම රන් වෙන්නෙ.ඒ නිසා ඒවගෙන් වැඩක් නෑ.. කමල් කිව්ව.නෝ ප්‍රොබ්ලම් කමල් ඔයා මිනිහගෙ හැඩහුරුකම් කියල පින්තූරයක් ඇඳ ගත්තනෙ.ඒක යූස් කරගෙන අපි වැඩේ ඇදන් යමු ෆාතිමා කිව්ව.මේක ශුවර් එකට හොරෙන් හදපු අයිඩී එකක්.එහෙම නැත්නම් මිනිහ වෙන කාගෙ හරි එකක් යූස් කරල තියනව.නැත්නං වයස අවුරුදු දහයක් මොන හේතුවකටද වෙනස් වෙන්නෙ.කෝකටත් මම මේ නම්බර් එක ගවර්මන්ට් ඩේටා බේස්වල රන් කරල බලන්නම් කියපු ෆාතිමා ලැප්ටොප් එකට එබුන.
යමු එලියට සිගරැට් එකක් ගහන්න,හේමාල් කමල්ට කතාකලා.. ෆිරිජ් එකේ ෆැන්ට එකක් ඇති අරන් බොන්න.ෆාතිමා කාමරේ ඉඳන් කෑගැහුව.
මොකද තත්වෙ කාමරේට ආපු හේමාල් ඇහුව.
තත්වෙ හොඳ නෑ..ඩේට බේස් එකක විතරයි අයි ඩී නම්බර් එක තිබ්බෙ ඒක පැනිදෙණියෙ බීඕසී බෑන්ක් එකේ එකවුන්ට් එකක්,ඒකෙ තිබ්බෙත් පොඩි පොඩි ට්‍රාන්සැක්ශන් විතරයි ,හැබැයි ඒකෙ අන්තිම ට්‍රාන්සැක්ශන් එක වෙලා දැනට අවුරුදු තුනක්.අනිත් එක මේ අයි.ඩී එකේ ඇඩ්‍රස් එක කොළඹ ,හැබැයි බෑන්ක් එකවුන්ට් එකේ ඇඩ්‍රස් එක තිස්මඩ,මම ගෙස් කලා හරි මේක බඩ් කරපු අයිඩී එකක්.ෆාතිමා කිව්ව.නෝ වේ.. කමල් ඔලුවෙ අත ගහ ගත්ත.. මේ යකා කොහොමද අවුරුදු හතරක්, කිසිම ඩිජිටල් ෆුට් ප්‍රින්ට් එකක් නැතුව.... අවුරුදු හතරක් සවයිව් උනේ..
කමක් නෑ ෆාතිමා මම හෙටම ඔය තිස්මඩ ඇඩ්‍රස් එකට යනව.බලමු ලක් එකක් තියෙයිද කියල.සර් කිව්ව අර රාජසේකර ගෙ පර්සනල් බඩුවලත් පොයිසන් ගැන කිසිම හෝඩුවාවක් නෑ කියල.මේ ක අවුලක් වීගන යනව.. බලමු.. කමල් කිව්ව.
කන්න යනවද..?? හේමාල් ඇහුව.. යමු ෆාතිමා යමු කන්න කමල් කතාකලා.. යමු යමු.. මටත් බඩගිනියි.තෝසෙ කමුද..
දැන් මේක අගක් මුලක් නැතිවෙලා තියෙන්නෙ කමල් කීවේ කාරය පාරට දාන ගමන්, රාජසේකරගෙ මල ගෙදර වීඩියෝ වලත් කිසිම අලුත් ඉන්ෆො තිබ්බෙ නෑ.ඔක්කොම නෝර්මල්.. පොයිසන් දුන්න කියල කිසිම සාක්ශියකුත් නෑ.මිනිහගෙ ප්‍රොපටි වල ප්‍රශ්න මොකක්වත් ඇත්තෙත් නෑ.ෆැමිලි බිස්නස් ප්‍රශ්නත් නෑ.. එහෙනම් මොකටද මිනිහ බයවෙල හිටියෙ.
හේමාල් මිනිහ ගෙ පෙර වැරදි එහෙම මොනවත් ක්ලික් උනේ නෑනෙ කමල් ඇහුව.මැන්ගෙ හිස්ට්‍රි එක ක්ලියර් කමල්.සමහර විට ප්‍රයිමිනිස්ටර් ගෙ පවක් මිනිහගෙ පිටින් ගියාද දන්නෙ නෑ. ඒකද දන්නෙත් නෑනෙ ප්‍රයිමිනිස්ටර් මේකට මෙච්චර උනන්දු.. හේමාල් කිව්ව.. ඔව් වෙන්න පුලුවන්. ප්‍රයිමිනිස්ටර් අපි ලව්ව මිනිහගෙ කුනු සුද්දකරගන්නද දන්නෙ නෑනෙ ට්‍රයි කරන්නෙ.
බලමු.අර මිසිස් විසාකා ඒකනායක ගැන ඉන්ෆො කොහොමද,ෆාතිමා ඇහුව.. හ්ම්ම්.. විසාක තමයි ඔය යුනික් ෆිනෑන්ස් එකේ අයිතිකාරි..ඕකෙ ෆවුන්ඩර් වික්ටර් ඒකනායකය ගෙ සෙකන්ඩ් වයිෆ්, වික්ටර් ඒකනායක නම් මැරිල තියෙන්නෙ සෑහෙන කාලෙකට කලින්,දැනට අවුරුදු හතර පහකට කලින් වික්ටර් ගෙ ළමයත් නැතිවෙල.ඉතින් ඔය මනුස්සය තමයි ඔය වික්ටර් ඒකනායක ගෙ ප්‍රොපටි,බිස්නස් ඔක්කොම රන් කරන්නෙ.සෝශල් නැති කැරැක්ටර් එකක්. ආ ඔය රාජසේකර වික්ටර් ඒකනායකය ගෙත් හොඳ යාලුවෙක් ඒකාලෙ ඉඳලම.ඒකයි ඔය ෆිනෑන්ස් බිස්නස් එක මිනිහට දීල තියෙන්නෙ කරගෙන යන්න.වික්ටර් ඉන්න කාලෙදිත් රාජසේකරට ඕක නිදහසේ කරන් යන්න දීලලු තිබුනෙ. හේමාල් කිව්ව.
හහ්.. රාජසේකරය මිසිස් විසාකත් නිදහසේ කරගෙන ගිහිල්ල තියනව වගේ වික්ටර් මැරුනට පස්සෙ කමල් කිව්වෙ හිනා වෙවී. අර රෑ තිස්සෙ කෝල් කරල බිස්නස් මැටර්ස් එහෙම කතා කරල.
එහෙම් එකක් නං පේන්න නෑ..කමල් හේමාල් කිව්ව. මමත් ඕක ෆලොඅප් කලේ ඕක හිතේ තියන්.නමුත් මට ඕක ක්න්ෆර්ම් කරගන්න කිසිම ඉන්ෆො එකක් හම්බ උනේ නෑ. මිනිහ කැන්ඩිගියාම බොහොම කලාතුරකින් මිසිස් විසාකා හම්බවෙන්න ගිහින් තියනව.එච්චරයි..
එහෙමද...

තුෂාර ආසිරි 

දියැඳි සිතුවම් ... 11

~11~ මොකද උනේ...?

ආ.. එන්න ඔෆිසර්, මට ඩී.අයි.ජී නාගරත්න කෝල් කලා.ළමයගෙන් ස්ටේට්මන්ට් එකක් ගන්න පුලුවන්.දැන් කන්ඩිශන් එක හොඳයි, ඒත් වැඩි වෙලාවක් ගන්න එපා. අනිත් එක තමයි අනිත් ළමය ගැන කියන්නත් එපා.ෆිසිකලි රිකවර් උනාට මිනිහ හරිම සෙන්සිටිව් නිසා සිහිය එන්න දවස් කීපයක් ගිය නිසා සිහිය ආපු ගමන්ම සෑම සිදුවීමක් ම එකපාරටම මතක් කරන්න එපා කියලයි කන්සල්ටන් ඇඩ්වයිස් කරල තියෙන්නෙ.. තේරුනා නෙ වෝඩ් ඉන්චාජ් කිව්ව.. හරි සර්.. මම එහෙම කරන්නම්.. එහෙනම් මම යන්නද එස්.අයි නැගිට්ට.. ඕකේ ඕකේ ඔෆිසර් ගිහින් ස්ටේට්මන්ට් එක ගන්න , නෝ ප්‍රොබ්ලම් ..
කොහොමද..?? එස්.ඉයි. ප්‍රනාන්දු ඇහුවා..ටිකක් හොඳයි සර්.. ඔලුව තවම ටිකක් රිදෙනව... ගිම්හාන් උත්තර දුන්න.. ඒක හරියයි.. මට පොඩි කට උත්තරයක් ගන්න තියනව, අමාරුයි නං කියන්න ඕනෙ හොඳද කියපු ප්‍රනාන්දු නෝට් පොත දිග ඇරගත්ත.

තමුන්ගෙ සම්පූර්න නම..? ගිම්හාන් සමීර විතානගේ

ලිපිනය - අංක 25/233, ගං ගොඩ පාර, පිළිමතලාව

දෙමාපියො - දෙන්නම නෑ..අත්තම්ම ගාව ඉන්නෙ.

රැකියාව - තවම නෑ, ඒලෙවල් කරල ඉන්නෙ කැම්පස් සිලෙක්ට් උනා.

අරලියා ඒකනායක එක්ක් තමුන්ට තිබ්බ සම්බන්දය - සර් අරලියා ට කරදරයක් නෑ නේද.. ගිම්හාන ඇහුවෙ ඇස්වල කඳුලු පුරෝගෙන..ඒ ගැන තමයි අපි මේ විභාග කරන්නෙ.. කියමු බලන්න මොකද්ද තමුන්ගෙ යි මේ ලමයයි අතරෙ තිබ්බ සම්භන්දෙ, සර් අපි... අපි ගිම්හාන් වචන එක්කහු කරන්න හැදුවත් ඒක පුලුවන් උනේ නෑ.. තමුන්ගෙ පෙම්වතිය හරිද..?? ගිම්හාන හිස වැනුව.
කොච්චර කල්ද තමුන්ල මේ සම්භන්දෙ පටන්ගෙන... මාස හයක් විතර..
ගිය සෙනසුරාද මොකද උනේ කියල මතකද..??
ඔව්.. කියමු බලන්න ...
සර් ගිය සිකුරාදා තමා මගෙ රිසාලස් ආවෙ, මම කැම්පස් සිලෙක්‍ට් වෙලා තිබුන.මම අරලියාට කෝල් කරල කිව්ව එයා ගොඩක් සන්තෝස උනා.පහුවෙනිද කොහොමත් අපි හම්බවෙන්න දාගෙන තිබුනෙ, එයා ගෙදරින් කැමැත්ත අරන් තිබ්බ එලියට යන්න. එය කිව්ව උදෙන්ම එන්න,මාලිගාවටත් යන්න ඕනෙ කියල, එයා මගෙ එක්සෑම් එකට බාරයක් වෙලා තිබිල ඒක නිදහස් කරන්නත් එක්ක. කියපු ආයෙත් ඇස් රතු කරගත්ත.
තමුන් දෙන්න කොහෙදිද හම්බ උනේ.මම එයාලගෙ ගෙදර ගේට්ටුව කිට්ටුවට ගියා. එයා එන්නෙ එයාගෙ කාර් එකේ අපි ගැන ගෙදරින් දන්නෙ නැති නිසා මම ගෙදරට යන්නෙ නෑ..යන්නෙ නෑ කියන්නෙ කලිනුත් තමුන් ඔහොම ගිහින් තියනවද.. එස්.අයි ප්‍රනාන්දු ඇහුවා. ඔව් දෙපාරක් වගේ.. එයා කිව්ව ගෙදරටම එන්න කියල,එයාගෙ ඇන්ටි මොනවත් කියනෙකක් නෑ කියල ඒත් මම ගෙදරට ගියෙ නෑ.ගිම්හාන් කිව්ව.
එදා තමුන් ඔය ගෑනු ළමයගෙ මොනාහරි අමුත්තක් දැක්කද..?? ඇයි සර් එහෙම අහන්නෙ.. ගිම්හාන ඇහුවා.. කියන්න බලන්න මොනාහරි අමුත්තක් දැක්කද නැද්ද..?? හ්ම්ම්ම්ම්.. ගිම්හාන මතක් කලා.. එදා අරලිය නිදිමරල වගේ හිටියෙ..කලින් දවසෙ කෑවට පස්සෙ කැරකිල්ල වගේ තිබ්බ,හරියට නින්ද ගියෙත්නෑ කිව්ව තමයි. උදෙත් කන්නෙ නැතුව එන්න හදද්දිත් ඇන්ටි බඩගින්නෙ යන්න එපා කියල බලෙන්ම කිරි එකක් දුන්න කිව්ව.ඉතින් මම කිව්ව මාලිගාවට යන්න කලින් කොහොන් හරි කාල යමු කියල. ඒත් ඒ වෙද්දි වෙලාව උදේ පහමාරට වගේ නිසා රෙස්ටොරන්ට් ඇරල නෑනෙ.පස්සෙ කමු කියල එයා කිව්ව.ඊට පස්සෙ.. මාව නග්ගගෙන අඩි දෙක තුනක් ඩ්‍රයිව් කලාට පස්සෙ එයා කිව්ව බ්‍ර්රේක් ටිකක් තදයි.කියල ,ඊයෙ දවසම මිකැනික් මේක අල්ල අල්ල හිටිය..මොනා කරලද දන්නෙ නෑ.කිව්ව..එක පාරට බ්‍රේක් හරි ගියා.හම්මෝ ඇති කියපු එයා.වෙනද වගේම බහිරව කන්ද පල්ලම ටිකක් හයියෙන් පල්ලහට ආව.සන්හිල් හෝටලේ පහුකරනවත් එක්කම අරලියා කෑගැහුව අනේ ගිම්හාන මේකෙ බ්‍ර්ර්ක් ගියා.. කියල කාර් එක වේගෙන් පල්ලමට ගියා.මට එච්චරයි මතක.. අනේ සර් මගෙ අරලියා.. එයා ගැන කවුරුත් මට කියන්නෙ නැත්තෙ ඇයි.. එයාට කරදරයක් නෑ නේ.. ගිම්හාන අඩන්න ගත්තා. හා..හා.. ඔය ළමය ගනං ගන්න එපා..ඒ ගෑනු ලමයට ප්‍රශ්නයක් නෑ කියමුකො.. මේ කට උත්තරේ හරියට දෙන්න සහයෝගෙ දෙන්න. එක තමයි තමයි තමුන්ට ඒ ළමය වෙනුවෙන් කරන්න පුලුවන් හොඳම දේ ප්‍රනාන්දු කිව්වා.
තමුන් දැනුවත් ද ඔය ගෑනු ළමය මත් ද්‍රව්‍යකට ඇබ්බැහි වෙලා හිටිය කියල.ප්‍රනාන්දු කිව්ව.ගිම්හාන ට දැනුනෙ පුදුමෙකට වඩා තරහක්. ගිම්හාන ගෙ මුලු ඇගම වෙව්ලල ගියා. කවුද සර් ඔය අපරාද කතාව කිව්වෙ.අරලියා අහිංසක ළමයෙක්.ඇයි ඔයවගේ කතා අහන්නෙ.ගිම්හාන ඇහුව.
තමුන් නොදන්නවට ඔය අනතුරට හේතුව මත්වීම නිසා වාහනය පාලනය කර ගැනීමට නොහැකි වීම.තේරුනාද..? අනතුරෙන් පස්සෙ අපි තමුන්ල දෙන්නගෙම බ්ලඩ් චෙක් කලා.ඒකෙන් තහවුරු වෙලා තියනව ඔය ගෑනු ලමය මත්ද්‍රව්‍යක් අරන් හිටියෙ කියල.තමුන්ල නොදන්න ගොඩක් දේවල් ඔය සල්ලි කාර කෙල්ලො කරනව, තමුන්ලත් ඉතින් තමුන් ට නොගැලපෙන දේවල් පස්සෙ නොදැන ගියාම,නතර වෙන්නෙ මේ වගෙ ඉස්පිරිතාලවල, නැත්නම් පොලිස් කූඩු වල, ප්‍රනාන්දු කියාගෙන ගියා.
ඕක් බොරුවක් සර්, අරලියා ට වාහනේ කොන්ට්‍රෝල් නැති උනෙ වාහනේ ලෙඩක් නිසා මිස එයා ගෙ වැරද්දක් නිසා නෙවෙයි කියපු..ගිම්හාන ඇස් දෙක පියාගත්ත... මුලු ඇඟම ගිනිගන්නව වගෙත්, ඔලුව පුපුරන්න තරම කැක්කුමක් එනවත් විතරයි ගිම්හාන ට දැනුනෙ.. ආයෙත් සිහිය නැතිඋනා.
ආ.. ප්‍රනාන්දු ස්‍ටේමන්ට් එක ගත්තද..? මේසෙ ඉස්සරහ හිටගෙන ඉන්න ප්‍රනාන්දු ගෙන් ඩී.අයි.ජී.නාගරත්න ඇහුව.ඔව් සර්.මිනිහ අහිංසකයෙක් ,අර ළමය ඩ්‍රග්ස් ගන්නව කියල මිනිහ දන්නෙ නැති පාටයි.දුප්පත් කොල්ලෙක්,ප්‍රනාන්දු කිව්ව.හ්ම්.. එහෙමද..?? තමුසෙ ඇහුවද මිනිහට මිනිස්ටර් ගමගේ එක්ක තියන සම්බන්දෙ මොකද්ද කියලා.. ආ ඔව් සර් ගමගේ සර් ගෙ පුතා මිනිහගෙ පන්තියෙ ඉඳල තියෙන්නෙ ,ප්‍රනාන්දු කිව්ව..නෑදෑයො නෙවෙනෙ.. නාගරත්න ඇහුව.. නෑ.. නෑ සර්...
ඒක මිසක්.. ඕකේ ඕකේ.. තමුසෙ ඕක පොත් වලට දාල , රස පරික්ශක වාර්තා එක්ක,රිපෝට් අදම මට සබ්මිට් කරනව..ජජ් හම්බවෙලා මේක ඉවරයක් කරන්න, කියපු නාගරත්න ෆෝන් එක අතට ගත්ත, සර් තව දෙයක්.. ප්‍රනාන්දු කිව්ව.. ඔව් කියනව බලන්න,
සර් මේ කොල්ලගෙ කට උත්තරේට අනුව කාරෙකේ බ්‍රේක් වල දෝශෙකුත් තිබිල තියනව,ඇක්සිඩන්ට් වෙන්න් කලින්.. තමුසෙට පයිත්තියංද ඕයි.. නාගරත්න ගිගිරුවෙ මේසෙටත් අතින් ගසමින්, දැන් අර රස පරික්ශක වාර්තාවෙ තියනව වාහනේ ගැටලුවක් තිබ්බෙ නෑ කියල.ඔය අවසිහියෙන් කියවන කොල්ලෙක්ද තමුසෙට විස්වාස රජයේ රස පරික්ශකද..
ඕයි..අනවශ්‍ය පණ්ඩිත කං කරන්නෙ නැතුව ඕක ඉවර කරල දානව.තමුසෙ ඕක පොත්වලට දාන්න කලින් මට ග්‍රාෆ් එකක් පෙන්නන්න ඕනෙ තේරුනද..නාගරත්න කිව්වෙ ඇඟිල්ලක් දික් කරමින්.. ඕකේ සර් සැලියුට් එකක් ගහපු ප්‍රනාන්දු එලියට ගියා.
හලෝ.. නංගි... ඔව් ප්‍රශ්නයක් නෑ. කොල්ලට සිහිය ඇවිත්.. නෑ.. නෑ.. ඒව ඔක්කොම හරි..අනිත් ඒව හෙමීට බලාගමු.පස්සට කරදර තියාගන්න අවශ්‍ය නෑනෙ.. හොඳයි මම රෑවෙලාඑන්නම්
කියපු නාගරත්න ෆෝන් එක තිබ්බ.


තුෂාර ආසිරි.

දියැඳි සිතුවම්... 10

~10~ හෝම් වර්ක්

සීතාවක ගාර්ඩන් එකේ සෙනග වැඩිය ගැවසෙන්නෙ නැති කොනක බිම පික්නික් එකක් ආපු යාලුවො ටිකක් වාඩිවෙලා හිටිය.තේ ප්ලාස්ක් එකක් සැන්ඩ්විච් පෙට්ටියත් එක්ක තව පොත් ෆයිල් වගේකුත්, කැම්පස් එකේ ළමයි පාඩම් කරන්න මෙහෙම කාන්ඩ ගැහිල එනඑක ගාර්ඩන් එකට අමුත්තක් නෙවේ.
ඉතිං ළමයි මොනාද අපි අතේ තියෙන්නෙ, විජිත ඇහුවෙ හැමදෙනා දිහාම බලන ගමන්.
ෆාතිමා මොකද ගෙදර තත්වෙ..??... යස් සර් .. රාජසේකරගෙ පෞද්ගලික ජීවිතේ අප්සට් දෙයක් ගෙදර ඉන්න වැඩකාරයො කතාවෙන්නෙ නෑ.ගෙදර,ඔෆිස් එක තමයි ඩේලි රෑටින් එක.අමතර ගමනකට ගිහින් තියෙන්නෙ ටෙනිස් ක්ලබ් එකට.වෙන අමතර ගමන් මොනවත් විශේෂයෙන් තිබිල නෑ.හැම තැනම ගාඩ් එකේ කොල්ලො දෙන්න එක්ක තමයි ගිහින් තියෙන්නෙ.ඩ්‍රයිවර් කියපු විදියට කාත් එක්කවත් සම්බන්ධයකුත් තිබිල නෑ.කවුරුවත්ම එහෙම හම්බවෙන්න විශේෂයෙන් ගිහිල්ලත් නෑ.
බෝයි ෆ්‍රෙන්ඩ් ගෙ ඉන්ෆො ශුවර් නෙ නේද..?විජිත ඇහුව... සර් කොහොමද,මම ඒක සර්ට තවම කිව්වෙත් නෑනෙ..?? ෆාතිමා ඇහුව පුදුමෙන්.ඒකෙන් කමක් නෑ ෆාතිමා මිනිහා එක්ක එෆෙයා එකක් පටන් ගත්ත එක හොඳයි.ඩ්‍රැයිවර්ල තමයි තමුන්ගෙ වාහනේ අයිතිකාරයගෙ හැම පුද්ගලික දෙයක්ම දන්නෙ.. ගුඩ් මුව්..වෙන මොනාද විස්තර විජිත ඇහුව ..මිනිහගේ කෑම බීම පුරුදු කොහොමද??
උදේට බත් විතරයි ලු කෑවෙ,දවල්ටත් කෑම ගෙදරින් ඔෆිස් එකට යවල තියනව.ඒකත් ඩ්‍රැයිවර් රාජසේකරගෙ ඔෆිස් රෑම් එකේම ගිහින් තිබ්බලු.එලියෙන් කාලම නෑ.රෑ කෑමත් පාටියක් වගේ නැති දවසක් නම් ගෙදරින්මලු කන්නෙ.කෑමට කලින් ඉඳල හිටල තනියෙන්ම ඩ්‍රින්ක් එකක් දැම්මලු.ඕව තමයි සර් මිනිහගෙ කෑම බීම..තේ කෝපි එහෙමනං බොන්නෙ ම නෑ කියල තමයි කිව්වෙ. ෆෘට් ජූස් තමයි ගෙදරදි බීල තියෙන්නෙ.
ගෙදර වැඩට ඉන්නෙ තුන් දෙනයි, උයන්න හිටපු විලියම් කියන වයස මනුස්සයයි.ඩ්‍රැයිවර් සේනයි.ඔය වත්තෙ වැඩ එහෙම කරපු ගනේෂුයි.තුන් දෙනාම අවුරුදු දහයක් විතර රාජසේකර ලඟ වැඩ කරල තියනව.හොඳට පඩි එහෙම දීල සලකව්වලු.හැබැයි ඉතිං තරහ ගිහාම නං යකෙක් වගේ කියල තමයි හැමෝම කිව්වෙ.පරන වලවි කාරයොලුනෙ, ඒ මෙන්ටලිටි එකත් හේතු වෙන්න ඇති ඔයවගේ බිහේවියර් එකට.ඒත් හොඳට සලකපු නිසා ඔක්කොම රාජසේකර ට හිතවත්.එතකොට පවුලෙ විස්තර, විජිත ඇහුව.මනුස්සය අවුරුදු පහලවකට විතර කලින් ඩිවෝස් වෙලා, ලමයෙකුත් ඉන්නවලු.හැබැයි ඒ අය දැන් ලංකාවෙ නැල්ලු. දෙන්නම ඕස්ට්‍රේලියාවේ කියල තමයි කියන්නෙ.ඒ මිසිස් නම් රාජසේකර ට වඩා ගොඩක් සල්ලිකාරයො ලු.ඒ ඇර විස්තරයක් නම් දැනගන්න බැරිඋන.නුවර තාම මිනිහගෙ තාත්ත ඉන්නවලු වයස නිසා යාමක් ඒමක් නං නැතිලු.හැබැයි රාජසේකර තාත්ත බලන්න සතියකට දෙකකට සැරයක් නුවර ගිහින් තියනව.ඒ ගමනට නං ඩ්‍රැයිවර් යන්නෙ නැල්ලු.රාජසේකර යි ගාඩ් එකේ දෙන්නයි විතරයි නුවර යන ගමන් වලදි ගිහින් තියෙන්නෙ.ඒ ඇරෙන්නෙ වෙන නෑදෑයො කවුරුත් ඉදල නෑ.ඔෆිස් එකේ මැනේජ්මන්ට් එකේ කීපදෙනෙක් දෙ තුන් පාරකුයි, එක පාරක් ප්‍රයිමිනිස්ටයි රාජසේකර බලන්න ආව ඒ ඇරෙන්නෙ වෙන කවුරුවත්ම ආවෙ නෑ.
හ්ම්.. ඒකත් එහෙමද..?
ෆාතිමා කොහොමද කෝල් හිස්ට්‍රි එක.. ඔව් සර් දැනට මම පහුගිය අවුරුද්දේ හිස්ට්‍රි එක චෙක් කලා.එතන නං පොඩි සස්පීශස් දෙයක් මට නෝට් උනා. ෆාතිමා ෆයිල් එකක් විජිත ට දෙන ගමන් කිව්ව.මොකද්ද ඒ.. සර් ඔය හයිලයිට් කරල තියන ලෑන්ඩ් ෆෝන් එකටයි හෑන්ඩ් ෆෝන් එකටයි රෙගියුලරි කෝල්ස් ගිහින් තියනව.. ස්පෙශලි හෑන්ඩ් ෆෝන් එකට පැයේ දෙකේ කෝල්ස්, ටයිම් එක ගොඩක් වෙලාවට මහ රෑ.. මම මේ නම්බරස් චෙක් කරල බැලුව. නම්බරස් දෙකම කැන්ඩි වල, නම්බරස් දෙකේම රෙජිස්ටර්ඩ් ඕනර් තමයි මිසිස් විසාකා ඒකනායක යුනික් ෆිනෑනස් එකේ ඕනර් ගෙ වයිෆ්. හ්ම්ම්.. ඒකත් එහෙමද..??ඔය ලේඩි කීපාරක් ආවද රාජසේකර බලන්න විජිත ඇහුව..එක පාරක්වත් ආවෙ නෑ සර්,ෆාතිමා උත්තර දුන්න..ඉන්‍ට්‍රස්ටින්...විජිත මිමිනුව.. ඔව් සර් මේ තියෙන්නෙ මගෙ ඔබ්සර්වේශන්.ෆාතිමා ෆයිල් එක විජිත ට දුන්න.
ගුඩ් ෆාතිමා... කියපු විජිත කමල් දිහාවට හැරුන.. ඔකේ ගො අහෙඩ් කමල්.. සර් ඔෆිස් එහේ නම් මිනිහ ගැන හොඳක් කියන්නෙ නෑ වැඩ කරන කවුරුත්.පොඩි වැරැද්දක් වත් පෙන්නන්න බැරිලු,ඔක්කොම ඉස්සරහ කෑගහනවලු.. මිනිහ ෆ්ලෝ එකේ ඉන්නව්නම් සීනියර් මැනේජර්ලත් හෙල්ලිලලු ඉන්නෙ.මේකෙ ෆවුන්ඩර්ගෙ මරනෙන් පස්සෙ මිනිහ තමයි මේ කොම්පැනිය මේ තරම් දුරට ඩිවෙලොප් කරල තියෙන්නෙ.හැබැයි ඉතින් හරියට පිලිවෙලට වැඩ කරන ඕනෙ කෙනෙක්ට මිනිහ තරා තිරම නොබල හිතවත් කම් පාල තියනව.ගෑනු කේස් ,අනං මනං මොනවත්ම තිබිලත් නෑ සර්.
ඕකේ වෙන ..විජිත ඇහුවෙ ෆාතිමා දුන්න තේ එක අතට ගන්න ගමන්.
ෆාතිමා කිව්ව වගේම කෑම බීම ගෙදරින් මයි අරන්,ඇවිත් තියෙන්නෙ.ඔෆිස් එකෙන් කියල බීල තියෙන්නෙ ජූස් විතරයි. ඒකත් පයිනැපල් ජූස් විතරලු,ඒකත් පිටින් ඕඩර් කරල නෑ.ඕකෙ පියන් කොල්ලෙක් වැඩකරල තියනව මිනිහ ඔය හදපු බීම එකක් අල්ලල ගිහින් මෑන්ටම කියලලු හදාගෙන බොන්නෙ.ඔය කොල්ලට නං රාජසේකර හොඳ ට සැලකුව කියනව.දැන් ඉන්න පියන් නං කිව්වෙ ඌ ලොක්කට පැනල දුන්න කියල.ලොක්කගෙ ඔක්කොම වැඩ ටික කලේ මිනිහලු.වෙන කාටවටත් කරන්න දුන්නෙ නැල්ලු.හ්ම්.. කමල් , ඔය කියන විදියට රාජසේකර ගෙ අතටපයට වැඩටික කරල දුන්නෙ පියන් කොල්ලෙක් නං,රාජසේකරත් මිනිහට හිත්වත්ව හිටියනං මිනිහ තමයි හොඳටම දන්නෙ රාජසේකරගෙ ඔෆිස් ලයිෆ් එක,මිනිහ මොකද කියන්නෙ..?? විජිත ඇහුව.. සර් මිනිහ දැන් එතන නෑනෙ..
නෑ කියන්නෙ..??මෑන් එකපාරටම වැඩට එන එක නවත්තල,කොහොමත් ඔය මෑන්පවර් කාරයො මිනිස්සු එක පාරටම අයින් කරනවනෙ..හැබැයි ඉතින් මේ යකා අවුරුදු දෙකක් විතර මේ කොම්පැනියෙම ඉඳලත් තියනව.ඔය දැන් ඉන්න පියනුත් ඒ මෑන්පවර් එකෙන් ම දාපු එකෙක්..මිනිහ නං කියන්නෙ අවුරුදු දෙකක් හිටියෙත් ලක් එකට ඕවගෙ මිනිහෙක් අවුරුද්ද කට වඩා තියාගන්නෙත් නෑ කියල.ඕවගෙ ඔය අර්ඨසාදක ,ලේබර් රයිට්ස් වගේ කේස් වලින් ගැලවෙන්න, ඒ වෙනුවට පියන් ඔතෙන්ට දාපු මෑන්පවර් කොම්පැනියෙන් වෙන එකෙක් එතෙන්ට දාල තියනව.
කමල් මෑන් ෆලෝ කරන්න.මට මිනිහ ගැන එලාම් එකක් වදිනව..ඔකේ සර් කමල් කිව්ව.අනික මට රාජසේකර ඔෆිස් එකෙයි,ගෙදරයි කැමට බීමට පාවිච්චි කරපු පුද්ගලික බඩුටික ඕනෙ කරනව. ෆාතිමා ,කමල් ඒටික අරන් මට කතා කරන්න. විජිත කිව්ව.. ඒ ඇයි සර්,හේමාල් ඇහුව මේකනෙ හේමාල් , මේ ගැන මම ස්ටඩි කලා, අපි සස්පෙක්ට් කරන විදියට රාජසේකරට හිතාමතා පොයිසන් දීමක් කරල තිබුනනම්,ස්පෙශලි ඊයම් වගේ පොයිසන් , ඒ ගැන පොඩි හරි එවිඩන්ස් එකක් කෑම බීමට පාවිච්චි කරපු උපකරණ වල ඉතුරුවෙන පොසිබිලිටි එකක් තියනනව,අපි ඕව ලැබ් එකට යවල බලමු..චාන්ස් එකක් ගන්නපුලුවන්,වෙඉද කියල.. ඔකේ සර් හේමාල් කිව්ව.
හේමාල් මොකද කැන්ඩි වල විස්තරේ..??
සර් කැන්ඩිවල රාජසේකරගෙ නෑයෙක්ට ඉන්නෙ තාත්ත විතරයි.ඒ කාලෙනං රාජසේකරල ඉඩම් හිමි රදලයො ඒත් දැන් නම් ඒව ඔක්කොම ඉවරයි.රාජසේකරලට දැන් ඉතුරුවෙලා තියෙන්නෙ ඔය නුවර ගෙදර විතරයි.රාජසේකරගෙ නමින් තියෙන්නෙත් කොළඹ ගෙදර විතරයි.ගොඩක් ඉඩකඩම් විකුනල තමයි ඔය සිනමන් ගාඩ්න් වල ගේ අරන් තියෙන්නෙ.ෆාතිමා කිව්ව වගෙ මිනිහ මැරේජ් එකෙන් ගොඩ ගිහින් තියනව,ඒත් ඒක හදිසියේම ඉවර වෙලා තියනව. ඩිවෝස් කේස් එක මම ස්ටඩි කලා.. ඒකෙ විදියට දෙපාර්ශවය එකඟතාවෙන් වෙන් වෙලා තියෙන්නෙ.කිසිම වන්දියක් රාජසේකර ගෙන් ඉල්ලලත් නෑ.හැබැයි ඩිවෝස් එකෙන් පස්සෙ රාජසේකර ට මොකුත් ඉතුරුවෙලත් නෑ.ඇත්තම කියනවනම් මිනිහ ගෙ වෙල්ත් එක කියල පෙන්නං ඉඳල තියෙන්නෙ වයිෆ් ගෙ වෙල්ත් එක.යාංන්තන් මිනිහගෙ තිබ්බ පොලිටිකල් කන්ටෑක්ස් ටිකයි යුනික් ෆිනෑන්ස් එකේ චයාමන් කමයි නිසා ජාමෙ බේරන් ඉඳල තියෙන්නෙ..තව දෙයක් ඔය ෆාතිමා කිව්ව වගේ මිනිහ සතියකට දෙකකට සැරයක් නුවර ගෙදර ඇවිල්ල යනව කියන එකත් කන්ෆර්ම්. හ්ම්,... ඕකේ..ගුඩ් ජොබ් ඕල් ඔෆ් යූ..කියපු විජිත සිගරැට් එකක් පත්තු කරගත්ත..
ඕකේ ළමයි මට මේ වීක්එන්ඩ් එක වෙද්දි මේ දේවල වෙන්න ඕන..
කමල් , රාජසේකර ඔෆිස් එකේ ටච් කරපු හැම දෙයක්ම මාක් කරගන්න ඒව කලෙක්ට් කරගන්න ෆාතිමා එයි,මම ඒබඩු අරන් යන්න ඕනෙ කියල මම යුනික් එකේ මැනේජ්මන්ට් එකට ඉන්ෆෝම් කරන්නම් , අර මිනිහ ට හිතවත් ය කියපු පියන් කොල්ල,ඌව මොන ලෝකෙන් හරි හොයල ගන්න,බලමු ඌ මොනාහරි වැඩිපුර දෙයක් දන්නවද කියල,ඔකේ සර් කමල් කිව්ව.
ෆාතිමා..රාජසේකරගෙ ගෙදරයි,ඔෆිස් එකෙයි තියන පර්සනල් ස්ටෆ් ටික ඔක්කොම එකතුකරන් ගිහින් ලැබ් එකේ මිස්ට මංචනායකගෙ ගෙදරට බාර දෙන්න. මංචනායක ඒ ගැන දැනුවත් කරල තියෙන්නෙ.
හේමාල් මේ මිසිස් විසාකා ඒකනායක ගැන බලන්න,මහ රෑ පැය ගනන් බිස්නස් මැටර්ස් කතාකරනව වෙන්න බෑනෙ.ඒ නිසා බලන්න මොකද්ද මේ රෙලේශන්ෂිප් එක කියල.මට විසාකගෙ බැග්‍රවුන්ඩ් රිපෝට් එකක් ඉමිඩියට්ලි එවන්න.
ක්ලියර් නෙ හැමෝටම විජිත ඇහුවා.යස් සර්...
ඕකේ එහෙනම් අපි වීක් එනඩ් එකේ හම්බවෙමු.කොළඹදි විජිත කිව්ව.

තුෂාර ආසිරි .

Monday, May 25, 2020

දියැඳි සිතුවම්... 09

~09~ සිහින ලොවක් දුටුවා මතකයි.

අම්මේ ඒකත් ඉවරයි.. අන්තිම පේපර් එක ඉවර වෙලා එලියට එන ගමන් හසිය කිව්ව.ගිම්හාන මොකද බං අච්චර කොල ඉල්ලගත්තෙ, මට නං දුන්න කොල ටිකත් වැඩිත් උනා.සමහර ප්‍රශ්න වල තිබ්බ දේවල් මම අහලවත් නෑ යකෝ..චාමර කිව්ව.ඔව් ඉතිං ක්ලාස් එකේ හරකෙක් වගේ නිදාගත්තම ඇහෙන්නෙ නෑ තමා හසිය කිව්ව.ඉතිං උඹ මොනාද ලිව්වෙ ගිම්හාන ඇහුව.. මම ප්‍රශ්නෙ ආපහු ලිව්ව.ඔය දන්න මොනාහරිත් ලියල දැම්ම, අන්තිම පේපරේ ලිව්ව.. මේක බලන සර්, මිස් අනේ මාව පාස් කරන්න, මගෙ තාත්ත කුලී වැඩ කරන්නෙ, අම්මයි නංගිල මල්ලිලයි පස්දෙනයි.. බලාගන්න තාත්තත් එක්ක කුලී වැඩ කරන ගමන් තමයි මම විභාගෙ ලිව්වෙ, අනේ මාව පාස් කරන්න,ඔයාලට සියලු දෙවිදේවතාවන්ගෙ පිහිටයි කියල. මෙහ්.. ඕක දැකල දුක හිතිල මට එස් එකක් හරි දාල දෙයි නෙ.. චාමර ඇහුව...
සියලු දෙවිදේවතාවන්ගෙ පිහිටයි... තොට තොගෙ තාත්තගෙ ලයින් නං ගානට එනව නේ... හසිය කිව්වෙ හිනා වෙවී.. යකෝ ඔය ටෝක් වලට හරක් චන්දෙ දීල තොපෙ තාත්ත පාර්ලිමන්ට් යැව්වට, උඹ හිතනවද මාකර්ස්ල උඹට ළකුනු දායි කියල..ගිම්හාන කිව්ව. අඩො නැතිවෙයිද බං, චාමර ඇහුව.දැන් ඉතිං උඹට දෙයියනේ කියල ඊලග පාර පලාත් සබාවට ඉල්ලන්න පුලුවන්.උඹ වගේ ගල් ආඳො තමා අපිට ඕනෙ.හසිය කිව්ව.. ඒක නෙවේ මොකද්ද බං අර නංගිල මල්ලිල පස් දෙනෙක්ගෙ කතාව හසිය ඇහුව.. අපි දන්න තරමට උඹට ඉන්නෙ අයිය කෙනෙක් විතරයි නෙ.. බලන් යද්දි ලොක්ක ගැන යන කටකතා ඇත්ත තමයි..
පල බල්ලො යන්න .. කියපු චාමර හසියගෙ බෙල්ලට පැනල තදකරගත්ත.. අතෑරපන් යකෝ.. හසිය කෑගහන්න පටන්ගත්ත.තෝව මරන එක මරනව.. චාමරය කිව්වෙ තවත් හසියව හිරකරන ගමන්.මරැ හරක් පොරේ, වරෙන් බං යන්න ගිම්හාන ඉස්සර උනා.හා දෙන්න එහෙන් මෙහෙන් තල්ලු කරගන්න ගමන් ම ඉස්සරහට ගියා. මේ යමු අපේ ගෙදර හසිය කිව්ව.මට බෑ.. චාමර කිව්ව.. ඇයි.. හසිය ඇහුව.. උඹ එන්නෙ නැත්නං කමක් නෑ.. අම්ම කිව්ව අද එලුමස් වගයක් හදනව කියල, අද පේපර් ඉවර වෙන දවස නිසා හොඳ කෑමක් දෙයි.. ගිම්හාන උඹ එනවනෙ.. හසිය ඉස්සර උනා. මේ.. ගිම්හානයත් යනවනම් මාත් එනව..ගෙදර ගිහිනුත් කරන්න වැඩක් නෑනෙ.යමං කාර් එක ඇවිත් ඇති ඒකෙම යං චාමර ඉස්සර උනා.අන්න මචං මිනිස්සු.. කෑම ගැන හිතල නෙවේ එන්නෙ.. බොක්කට.. බොක්කට හසිය කිව්වෙ ඇහැක් ගහන ගමන්.. ගිම්හාන යමං උඹට පොඩි දෙයක් කියන්නත් තියනව,හසිය කිව්ව.
ආ.. ඇන්ටි කොහොමද කියාගෙන ගෙට ගොඩඋන චාමර හසියගෙ අම්මට දන ගහල වැන්ද.. තුරුණුවගෙ සරනයි මයෙ පුතේ.. කියල චාමර ගෙ ඔලුව අතගාපු හසියගෙ අම්ම හසිය දිහාවට හැරුන.බලාං හැදියං...මේ දරුවන්ගෙ හැදියාව...අනෙ අම්මෙ..ඇති ඇති.. කියපු හසිය සැටියට පැන්න.. ඔය දැක්ක නේද දහජරාව පිටින් ඉන්න ලස්සන..බලමුකො රිසාල්ස් ආවාම.. කියපු ඈ ගිම්හාන දිහාවට හැරුන , කොහොමද මයෙ පුතේ, පුතා නිසා තමා මට මෙයාගෙ විභාගෙ ගැන. බයක් නැත්තෙ..ඔය දරුව මේකත් එක්ක පාඩම් කරන්න දාපු දහිරිය මම දැක්කනෙ,පුලු පුලුවන් වෙලාවට පුතා ඇවිත් පාඩම් කරපු නිසා තමයි මට බයක් නැත්තෙ මේක ගැන.පුතාලට මහන්සිත් ඇතිනෙ යමු බත් ටිකක් කාල ඉමු කියන් ඇන්ටි ගෙට ගියා.මොනාද බූරුවො අර අම්ම ළග බඩගාල වැන්දෙ, තොගෙ වැඩ නිසා මමයි බැනුම් අහන්නෙ,හසිය කිව්ව.
කෑමට පස්සෙ තුන්දෙනාම කාමෙරේට ගියා.මේ දැන්වත් කියපන් අර මොනාද කියන්න තියනව කිව්ව එක ගිම්හාන් ඇහුව.දීපන් දීපන් ඕක..චාමර කිව්ව.. උඹත් දන්නව එහෙනං, මොකද්ද බං ගිම්හාන ඇහුවෙ හිතාගන්න බැරුව.
ලාච්චුව ඇරපු හසිය ඇන්විලොප් එකක් ගත්ත.මේක උඹට.. කාගෙන්ද, ලියුමක් නේ..ගිම්හාන ඇහුවෙ දෙගිඩියාවෙන්,නැත්නං යකෝ ඇල්ලොප් අස්සෙ දාල පාන් ගෙඩි දෙන්නෙ නෑනෙ ,චාමර කිව්ව.. කාගෙන්ද...මොනවටද..? ගිම්හානට ඇත්තටම තේරුනේ නෑ මේ මොකද වෙන්නෙ කියල.ගිම්හානය.. මේක අරලිය ගෙන් ,අපෙ නංගිට දීල තිබ්බෙ.උඹට දෙන්න කියල.හැබැයි එක්සෑම් එකෙන් පස්සෙ.ඒ ඇයි.. ගිම්හාන ඇහුව.. ඒක ඉති ඒකිගෙන් අහපං ,මගෙන් අහන්නෙ.. හසිය කිව්වෙ ලියුම චාමරට පාස් කරමින්.අඩෝ දීපන් කො ඕක, ගිම්හාන් චාමරට කිව්ව. අම්මේ.. හදිස්සිය... පෙම්හසුන කියවන්න..යකෝ මේ වගේ මංගල අවස්තාවක් ආයෙ එනවද..ඒයි.. හසිය උඹ කියවපන්..චාමර ආය ලියුම හසිට පාස් කලා.ඒයි.. දීපන් බං ගිම්හාන හසිය ගෙනුත් ලියුම ඉල්ලුව.. ආපෝ පැනි බේරෙනව දැනටම.. ඉදා.. හසිය ගිම්හාන දිහාවට ලියුම විසික් කලා..

05/04/2000

ආදරණීය ගිම්හාන්,

ඔයා පුදුම වෙනව ඇති මේ ලියුම දැකල.මමත් පුදුම වෙනව මෙහෙම මම ලියුමක් ලියන එක ගැන.ඒත් ගිම්හාන මම මෙහෙම ලිව්වෙ නැත්නම් ඔයා කවදාවත් මට ආය හම්බවෙන්නෙ නැතිබව දන්නව.
මොකද මගේ විස්තර ඇහුවට පස්සෙ ඔයා කියපු දේ මම දන්නව.ඔශානි ගෙ අයිය මට ඊයෙ හම්බ උනා ,එයා ඔයාගෙ හොදම යාලුව නේ. මම එයාගෙන් ඔයා ගැන විස්තර අහද්දි, එයා ඔයා ගැනගොඩක් දේවල් කිව්ව.ඔයාගෙ ගෙදර ප්‍රශ්න,ඔයා ඉන්නෙ අත්තම්ම එක්ක බව,හැමදේම, .. හසිත අය්යට බනින්න එපා මට ඒ දේවල් කිව්ව කියල,මමයි හැම දේම ඇහුවෙ.ඔයා දන්නවද අන්තිමට හසිත අය්ය කිව්වෙ මොනාද කියල.එයා කිව්ව නංගි ඔයා ගිම්හාන ගැන ඔච්චර අහන්නෙ ඇයි කියල මට තේරෙනව ,ගිම්හානත් ඔයා ගැන විස්තර දැනගන්නකන් ඔයා ගැන හිත හිතා හිටියෙ.ඌ මට කවදාවත් ඒගැන කිව්වෙ නෑ.. ඒත් ඌ මට සහෝදරයෙක් වගේ,මට තේරෙනව ගිම්හාන මොනාද හිතන්නෙ කියල.එයා කිව්ව ඔයා ඉස්සල්ලම මෙගෙ විස්තර අහපු වෙලාවෙ කියපු ඒව.. හසිත අය්ය කිව්ව ඊට පස්සෙ මං ගැන ඔයා කොයි වෙලාවකවත් කතාකලේ නෑ කියල.
අනේ ඇයි.. ඒ.. ඔයා හිතුවද ඔයා ගැන දැනගත්තට පස්සෙ මම ඔයා මගහරී කියල..ගිම්හාන්..ඔයා දැක්ක දවසෙ ඉදල ඔයා ගැනම විතරක් හිතව්වෙ,ඔයා කවුද කියල දැනගෙන නෙවෙයි,දැනගත්තට පස්සෙ ඒ බැඳීම තවත් වැඩිඋනා මිස අඩු උනේ නෑ ගිම්හාන.මගේ හිතේ තියන ඔක්කොම මම කොහොම කියන්නද,මට තේරෙන්නෙ නෑ ගිම්හාන,ඒත් ඒ දේවල් ඔයාට දැනෙනව ඇති.. මම දන්නව... ඔයාට මාව දැනෙනව...
මේ ලියුම ඔයාට හම්බවෙන්නෙ තව සති තුනකින්,එක්සෑම් ඉවරඋනාම.මට ඕනෙ උනෙ නෑ එක්සෑම් එක අස්සෙ මේවත් ඔයාගෙ හිතට දාන්න,ඒකයි.ඒත් මගේ හිතේ හැමතිස්සෙම ඔයා ඉන්නව ගිම්හාන,හැම තිස්සෙම.තව ගොඩාරියක් දේවල් තියනව කියන්න.අනේ .. ඔයා හිතනව ඇති මට පිස්සුද කියල නේ..
මේ.. මගෙ සෙල්ෆෝන් නම්බර් එක 0755542342 කෝල් එකක් දෙන්න,මං බලන් ඉන්නව.ඔයාට බුදු සරනයි.

ඔයාට ගොඩාක් ආදරේ,
අරලියා



තුෂාර ආසිරි .

Saturday, May 23, 2020

දියැඳි සිතුවම්... 08

~08~ දැල් එලීම

මැසේජ් එකක් ආපු සද්දෙට යන්තම් ඇහැක් ඇරල ඒදිහා බලපු කමල් ආයෙත් ඇස්දෙක පියා ගත්ත.ඒත් ආය එක තප්පරේකින් කමල් ඇදෙන් නැගිට්ට නෙවෙයි,නැගිටුන.. හීනෙන් වගේ දැක්ක,නොදන්න නම්බර් එකකින් ආව මැසේජ් එක දෙපාරක්ම කියෙව්වෙ සැක ඇරගන්න.
0530,MBH - V
( උදේ 5.30 ට මවුන්ට් බීච් එකේදි - විජිත )

CPD
( කොපිඩ්/තහවුරු කලා)
කියල මැසේජ් එකට රිප්ලයි කරපු කමල් නිදාගන්න හැදුවත් ඒ නින්ද ලේසියෙන් ඈවෙ නෑ.
වටින් ගොඩින් එලිය වැටීගෙන එද්දි මවුන්ට් බීච් එකේ දුවමින් උන්න අයෙක් ට තව තුන්දෙනෙක් එකතු උනා.ගුඩ් මෝනිං සර්..තුන්දෙනාම කිව්වෙ එකම හඬින්..මෝනිං විජිත කිව්වෙ තුන් දෙනා දිහාම බලන ගමන්. හතර දෙනාම හෝටලේ සීමාව පහුවෙනකන් දුවගෙන ගියෙ කතාබහක් නැතුව.හාහ්.. කාලෙකින් හොඳ හුස්ම ටිකක් ගත්ත.. විජිත කිව්වෙ ඔරැ කඳකට හේත්තු වෙන ගමන්.. අපි හිතුවෙ සර් අපිව අතෑරලම දාල කියල ෆාතිමා කිව්වෙ හිනාවෙවි. සර්ට මේදේ උනේ අපිව පරිස්සම් කරන්න ගිහිල්ල.. ඒකයි මට අප්සට්.. ඒත් පස්සෙ සර් අපිට කතාකරන්න එපා කිව්වම, හේමාල් බිම බලාගත්ත.. අපි හිතුවෙ අපිට වඩා හොඳ ටීම් එකක් සර්ට එහෙදි සෙට් වෙලා කියල කමල් හේමාල් කියපු කතාව සම්පූර්න කලා.ස්පෙශලි අර සල්ගාදු අංකල්, ඒකට හේමාල් ඇරෙන්න ඔක්කොම හිනාඋනා. ඕකනෙ සර් මූත් එක්ක බැරි.. මම සිරා දෙයක් කියද්දි මූ ඒක ජෝක් එකට ගන්නව. හේමාල් ඕක අල්ලල දාන්න, මම එදාම කිව්වනෙ, මේක ටිකක් කූල් වෙනකන් ඈත් වෙලා ඉමු කියල.අනික අපේ අන්තිම කේස් ෆයිල් එලියට ලීක් වෙලා කුඩු වසන්තලා අපි හන්ට් කරන්න පැන්නුවෙ ඇතුලෙම ප්ලෑන් එකකට. රෝලන්ඩ්ට මම පිස්තෝලෙ ඔලුවට තිබ්බෙ ,මම සැක කරන්නෙ ඌ කියල පෙන්නල මේක ඇත්තටම කරපු උන් කන්ෆියුස් කරන්න.වසන්තට තිබ්බට පස්සෙ අපි සෙපරේට් වෙලා කියල පෙන්නන එක තමයි ඒවෙලාවෙ අපි ගත්ත හොඳම ඩිසිශන් එක.මම ඒගැන සෑහෙන දෙයක් කරල තියෙන්නෙ. මම ඇදල තියන නූල් ටික ඔක්කො එකපාර ගස්සන්න පුලුවන් උන වෙලාවක මං ඒ ඔක්කොම යවන්නෙ ඇතුලට නැත්නම් ,අඩි හයක් යටට. විජිත කිව්ව.
ඕකේ අපි සබ්ජෙක්ට් එකට බහිමු. එන්න කලින් මම එවපු බ්‍රීෆින් එක ස්ටඩි කරානෙ. ඔව් සර් .. මේ පුද්ගලයට ත්‍රෙට් එකක් තිබ්බද..? ඒ මොන හේතුවක් නිසාද..? කාගෙන්ද..?ඒ ත්‍රෙට් එක ආපු පාර්ශවයෙන් ගත්ත ඇක්ශන් එක මොනවද..? මේ බ්ලඩ් පොයිසන් වීම සහ පිලිකාව ඒ ඇක්ශන් වල රිසාල්ට් එකක්ද.. මේව තමා අපේ ඉන්වෙස්ටිගේශන් එකේ දැනට ස්කෝප් එක. අපි බලමු ඉස්සරහට අපි කලෙක් කරන ඉන්ෆො එක්ක මේක තව මොන මොන පැතිවල යයිද කියල..
ක්ලියර් සර්.. සර් මේක කෝට් කේස් එකක්ද ,නැත්නම් පොලිසියෙන් අපිට ට්‍රාන්ස්ෆර් කරපු එකක්ද..? කමල් ඇහුවා.. ආ .. එතෙන්ට තමයි මම එන්න හිටියෙ කමල්.. මේක චීෆ් ඩිරෙක්ට් හැඬල් කරන ස්පෙශල් කේස් එකක්.. හැබැයි මේ කේස් එක ඩිපාට්මන්ට් එකේ කිසිම විදියකට ලොග් වෙන්න බෑ. කොටිම්ම කිව්වොත් මෙහෙම ඉන්වෙස්ටිගේශන් එකක් උනා කියල කවදාවත් කොහෙවත් ලියවෙන්නෙ නෑ. අපි අන්තිමටම හොයාගන්න කරුනු මත යම්කිසි ඇක්ශන් එකක් ගන්න ඕනෙ කියල චීෆ් තීරනය කලොත් හැර.. තේරුනානෙ.. ඔව් සර්.. කමල් කිව්වා.. ලොග් නෝට් දාන්නෙ නැතුව කොහොමද ඩේට බේස් , ෆෝන් රෙකෝඩ්ස්වගේ ඒවට ලොග් වෙන්නෙ..හේමාල් ඇහුව.. මොනවත් නොකියම විජිත ෆාතිමා දිහාට හැරුන. ෆාතිමා..?? නෝ ප්‍රොබ්ලම් සර්.. ෆාතිමා කිව්වෙ හිනාවෙමින්, මොන ඩිපාට්මන්ට් එකේ මොන ඩේට බේස් එකටද ලොග් වෙන්න ඔනෙ කියල විතරක් කියන්න ෆාතිමා කිව්ව.. හරි නෙ... විජිත හේමාල් ගෙන් ඇහුව. තුන් දෙනාම හෙට ඉදන් පූල් එකේ, සයිඩ් වෙපන් හෑන්ඩ් ඕව කරන්න ඔනෙ නෑ.ලඟතියා ගන්න. දැන් ඉඳල අපි යූස් කරන්නෙ මේ ෆෝන්, විජිත පරන ඇනලොග් ෆෝන් තුනක් සයිඩ් බෑග් එකෙන් අරන් දුන්න.පරන උනාට කැමරාත් තියනව විජිත කිව්ව.ෆාතිමා කම්පියුටර් එක.. ?? විජිත ඇහුවා.. ඒක අවුලක් නෑ සර් මම මේ සිම් එකෙන්ම නෙට් ලොග්වෙනව.. කොහොමත් මම කේස් එක ඉවර වෙද්දිම මැශින් එක ඩිස්ට්‍රෝයි කරනව ෆාතිමා කිව්ව.
ඕකෙ, ෆාතිමා හෙට ඉඳල රාජසේකර ගෙදර හවුස් මේඩ්,කවුරුහරි ඇහුවොත් කියන්න කලින් අගමැති තුමාගෙ මහගෙදර වැඩට හිටියෙ කියල. ෆාතිමා මට ගෙදරට යන එන අය, රාජසේකරගෙ කනබොන, ජීවත් වෙන විදිය,පුරුදු,ගෙදර අනිත් වැඩකාරයො කතාවෙන ගොසිප් ඔක්කොම ඕන..පැහැදිලි ද..?? යස් සර් ෆාතිමා කිව්ව.
හේමාල් කැන්ඩි යන්න, රාජසේකරගෙ කැන්ඩි වල විස්තර, ෆැමිලි විස්තර,හොයන්න,.. ඕකෙ සර් හේමාල් කිව්ව.
කමල් හෙට ඉදල ෆිනෑන්ස් එකේ වැඩ, රාජසේකර ගෙ ඔෆිස් ලයිෆ් එක, පුරුදු,ගොසිප්,හැම දෙයක්ම...හැම පොඩි ඩීටේල් එකක්ම ගන්න.. ඒක කරන්න හොඳම ජොබ් එකක් මම සෙට් කරල තියනව.. විජිත කිව්වෙ කමල් දිහා බලමින්.. ඒක හොඳයි සර්, මම යුනියෙ ඉන්න කාලෙත් ට්‍රයි කලා බෑන්ක් එක්ක හරි ෆයිනෑන්ස් කොම්පැනියක හරි වැඩ කරන්න. ඒත් ඉතිං සෙට් උනෙ මේ ජොබ් එකනෙ.. කමක් නෑ මෙහෙම හරි ටයි එකක් එහෙම දාගෙන එක්සෙකටිව් ජොබ් එකක් කරන්න හම්බවෙනව නං.. කමල් කිව්වෙ කොලර් එකත් උස්ස ගන්න ගමන්.
අයිසෙ මම තමුසෙව එතෙන්ට යවන්නෙ පියන් කෙනෙක් විදියට...

තුෂාර ආසිරි .

දියැඳි සිතුවම්... 07

~07~ ඊළග ටාගට් එක...?

සර් කෝල් එක.. ටෙලිෆෝන් එක හතරවෙනි පාරටත් රිංග් වෙද්දි සාජන් සල්ගාදු කිව්ව.ඕක බලනව අයිසෙ,මේකට වැඩකට ඇති කෝල් එකක් එන්නෙ නෑනෙ,කියපු විජිත සිගරැට් එකක් පත්තු කරගෙන කකුල් දෙකත් උස්සල මේසෙ කොනක තියාගත්ත.නොදකිං , අතලඟ තියන පෝන් එක උස්සන්නත් මම යන්න ඕනෙ, කියල හිතින් බනිමින් ආපු සල්ගාදු ෆෝන් එක ඉස්සුවා.. හාලෝහ්... ෆයිල් රෑම් සර්.. ඊට පස්සෙ ඇහුනෙ සල්ගාදු ගෙ කට හඩ දියාරු වෙලා යන සද්දේ...ඇස් කොනින් සල්ගාදු දිහා බලද්දි විජිත දැක්කෙ සල්ගාදු දෙකට නැමිල ෆෝන් රිසීවර් එක තමන් දිහාවට දික් කරන් ඉන්න හැටි.මොකද අයිසෙ... චි..චි චීෆ් සර් කියපු සල්ගාදු විජිත ට රිසීවරේ අත් දෙකින්ම දුන්න.
හෙලෝ, ගුඩ් මෝර්නිං චීෆ්,.යස් චීෆ් .. 1500 හවර්ස් .. ඔකේ කියපු විජිත ෆෝන් එක තිබ්බ.
සල්ගාදු තවම හිටගත්ත ගමන්, මොකෝ අයිසෙ තමුසෙට උනෙ කියපු විජිත හිනා උනා.නෑ සර් චීෆ් සර් නේ කියපු සල්ගාදු ආයෙත් ඇඹරුනා. මොකද තමුසෙ ඔච්චර ඇඹරෙන්නෙ ඉතිං කියපු විජිත සිගරැට් පැකට් එක සල්ගාදු ට දික්කලා. ගන්නව..
එකක් ගත්‍ත සල්ගාදු මේසෙට යන්න හැරුනෙ මොනා උනත් හොඳ මිනිහ කියල හිතාගෙන.මේ හදනව හොඳ තේ එකක් විජිත කිව්වෙ එහෙම හිතනවත් එක්කම.. නොදකිං.. දැන් හදපල්ලකො තේ.. මේකට තේ අදින හැටි ගෑනි එහෙම දන්නවනං මාව ගෙදරිනුත් දොට්ට දාල හිතමින්,යකෝ මූ මේකට පනිෂ්මන්ට් ට්‍රාන්සර් ආවට මමනෙ ආ දවසෙ ඉදල පනිෂ්මන්ට් කන්නෙ හිතමින් සල්ගාදු එහා කාමරේට ගියා.
ආ විජිත කොහොමද ...ගුඩ් ආෆ්ටර්නූන් චීෆ්,කියපු විජිත සීරුවට හිටගත්ත, සිට් සිට් විජිත .. කියපු චීෆ් , ලාච්චුවෙන් ෆයිල් එකක් එලියට ගත්ත. ඕකේ.. විජිත මම කෙලින්ම කාරනේට බහින්නම්, ගාමිණි රාජසේකර ,අහලත් ඇති.. ලංකාවෙ ඉන්න ලීඩිං බිස්නස්මන් කෙනෙක්, යුනික් ෆිනෑන්ස් එකේ චයාමන්, වගේම ශෙයා හෝල්ඩර් කෙනෙක්, ලංකාපුත්‍ර බැකුවෙ ඩිරෙක්ට බෝඩ් එකෙත් ඉන්නව. තව ඔය ෆයිනෑන්ශල් බිස්නස් එකේ මිනිහට සම්බන්ධ කම්පැනීස් කීපෙකුත් තියනව.මාස තුන හතරකට කලින් මේ පුද්ගලය පිලිකා රෝගයට සමාන රෝග ලක්ෂන නිසා නවලෝකෙට ඇඩ්මිට් කරනව. හැබැයි විජිත මෙහෙ ඩොක්ටර්ස්ලට බැරිවෙනව හරි ඩයග්නෝසිස් එකක් ගන්න.ඊට පස්සෙ සිංගප්පූරුව ගිහින් එහෙන් ඩයග්නෝසිස් එකක් කලා , මේතියෙන්නෙ ඒ රිපෝර්ට් එක, චීෆ් විජිත දිහාවට රිපෝර්ට් එක තල්ලු කලා.ඕක කම්ප්ලිකේඩ් පස්සෙ ස්ටඩි කරන්න, කතාව කෙටියෙන් මේකයි.මිස්ට රාජසේකරට තියෙන්නෙ බ්ලඩ් කැන්සර් එකක්,ඒවගේම බ්ලඩ් ස්ට්‍රීම් එකේ අවදානම් සහගත ප්‍රමානයක් ඊයම් වැඩිපුර තියනව.සමහරක් විට ඒක හේතුවෙන්න පුලුවන් කැන්සර් එකට,නමුත් ඒක සැකයක් විතරයි.කැන්සර් එක ජෙනටිකලිම එන්නත් පුලුවන් .රිපෝට් වල විදියට මෙ පුද්ගලයාගෙ අභ්‍යන්තර අවයව දැන් ඩැමේජ් වෙලා ක්‍රිටිකල් ස්ටේජ් එකක ඉන්නෙ.ඇත්තටම ඩොක්ටර්ස්ලගෙ ෆෝකාස්ට් එක තව මාසයයි. දැනට මෙයා හොඳ මෙඩිකල් ඇටෙන්ශන් එකක් එක්ක ගෙදර ඉන්නෙ.මිනිහ මරනෙට වඩා විඳවනව විජිත කියපු චීෆ් කන්නාඩිදෙක හලවල පිහිදගෙන ආයෙත් දාගත්ත.
චීෆ් ඊයම් වැඩිකතාව ටිකක් ..... විජිත ඇහුව... ඔව් ඔව් විජිත ඒකෙ වෙන්න පුලුවන්.. ඒත් මේකට කම්ප්ලේන් එකක් වත්, කේස් එකක් බිල්ඩප් කරන්නවත් අපට කිසිම තොරතුරක් නෑ.ඊයම් වැඩිවීම නිසාම මෙක උනා කියල මෙඩිකල් ප්‍රොෆෙශනල්ස්ල කියන්නෙ නෑ.ඊයම් වැඩිබව එයාලගෙ ඔබ්සර්වේශන් එකක් විතරයි.යම්කිසි දෙයක් උනානම් ඒක කාලෙත් එක්ක වෙලා තියෙන්නෙ.. ඒකයි හොයාගන්න දවස වෙද්දි ඩැමේජ් එක වැඩිඋනෙ.කිසිම මෙඩිකල් රිපෝට් එකකින් කියන්නෙ නෑ මේක සැලසුම් සහගතව කවුරු හරිලබා දුන්නාය කියල.අනිත් එක එහෙම කරන එක සරල දේකුත් නෙවෙයි,එහෙම දෙයක් කොහොමද උනේ.මිස්ට රාජසේකර ගෙන් කට උත්තරයක් ගන්නත් බෑ.ඉනිශල් පොලිස් කම්ප්ලේන් එකකුත් නෑ..ඒත් පුතා අපිට මේකට ඉන්වෝල් වෙන්න වෙලා තියනව.
චීෆ් ඉස්සරහට නැඹුරු උනා.. ප්‍රයිමිනිස්ටර් මට පර්සනලි කතාකරල කිව්ව මේකෙ සුලමුල හොයන්න කියල.ඔහ් නෝ.. විජිත ඔලුව හෙල්ලුවෙ නොරිස්සුමෙන් වගේ.. මට තේරෙනව විජිත , බට් මේක අන් ඔෆිශල් ඕඩර් එකක්.. රාජසේකර ප්‍රයිමිනිස්ටර් ගෙ ලගම හිතවතෙක්, මටවෙනත් විදියට දැනගන්නහම්බ උන මෑන් තමයි ප්‍රයිමිනිස්ටර් ගෙ ෆයිනෑන්ශල් හැන්ඩලර්..දන්නවනෙ විජිත... ඔය පොලිටිශන්ලගෙ බිස්නස්, අනිත් එක තමයි මිනිහට වීඅයිපී ඩිවිශන් එකෙන් කොල්ලො දෙන්නෙක්ගෙ ගාර්ඩ් එකකුත් දීල තියනව.ඈස් පර් ද ප්‍රයිමිනිස්ටර්ස් රික්වෙස්ට්,තේරෙනවනෙ මිනිහ කොච්චර ඉම්පෝර්ටන්ට් ද කියල..
හැබැයි විජිත මේ වැඩේ වෙන්න ඕනෙ අන් ඔෆිශලි,ලොක්කට ඕනෙ නෑ මේක එලියට එනවට,මොකද දැනට තියන තත්වෙ අනුව රාජසේකර මැරුනත් ඒක කම්ප්ලේන් නැති,පිලිකාවක් නිසා උන මරනයක්.පෝස්ට් මෝටම් එකෙන්වත් ඒක චැලේන්ජ් වෙන්නෙ නෑ.මෙයාට ඇත්තටම දැනගන්න ඕනෙ අර මෙඩිකල් රිපෝට් එකෙන් සැක කරපු දේ ඇත්ත නැත්ත,අනිත් එක තමයි රාජසේකර මොනාහරි දෙයක් තමුන්ට වෙයි කියල බයෙන් ඉඳල තියෙන්නෙ.ඒක ප්‍රයිමිනිස්ටර් අතින් එදා කියවුන.මම හිතන්නෙ ඕක තමා ප්‍රදානතම හේතුව විජිත, තමුන්ගෙ ලඟම මිනිහ ටාගට් වෙලා කියන්නෙ ,ඊළඟට තමුන් වෙන්න පුලුවන් කියල හිතනව ඇති.
ඕකේ දෙන් විජිත මෙන්න මෙඩිකල් රිපෝර්ට්ස්, මගෙ ඉනිශල් ඔබ්සර්වේශන්, ඇන්ඩ් කෙස් ඕතරයිසේශන් පේපර්ස්,
අනිත් එක ..විජිත දැනට ඉන්න තැනම ඉඳල කේස් එක හැන්ඩල් කරන්න, මේ ගැන කවුරුන් දැනගන්න අවශ්‍ය නෑ. අන්ඩර්ස්ටෑන්ඩ් චීෆ්...විජිත උත්තරය දුන්න.
චීෆ් කැන් යූ ඩූ ම් අෆේවර්??? ‍යස් යස් ටෙල් මී..චීෆ් කිව්වා.. චීෆ්..
හෙමාල් වික්‍රමසිංහ,ෆාතිමා නුරුද්දීන්,කමල් විතානගේ.. මේ තුන්දෙනා ඔපරේෂන් එකට ඇසයින් කරගන්න ඕන.ඕකේ .. මට රික්වෙස්ට් එක මේල් කරන්න, මම ඉමිඩියට්ලි තුන්දෙනාවම කරන්ට් ඇසයින්මන්ට් වලින් රිලිස් කරල පූල් එකේ ස්ටෑන්ඩ්බයි දාන්නම්.. එනිතින්ග් එල්ස්..??? නෝ චීෆ් විජිත කිව්ව.
ඕකේ දෙන් ඩිස්මිස්....

තුෂාර ආසිරි . 

Friday, May 22, 2020

දියැඳි සිතුවම්... 06

~06~ මුස්පේන්තු ගෝලයා

කඩේ මිදුලටම සීරුවෙන් ඇදුනු කාරය ජෑම් ගහ යට නවත්තල ,හොඳට ඇද පැලඳපු මහත්තයෙක් බැහැල ආව.මුදලාලි සිගරැට් තියනවද, ගෝල්ඩ්ලිෆ්..?? ආ තේත් තියනව නේ..දාන්නකො හොඳ ටී එකකුත්.මේ සර් නං කලින් මෙහෙට ඇවිල්ල නෑ.. හ්ම් අද තමයි මෙහාට ඉස්සල්ලම ආවෙ, අමුත්ත සිගරැට්ටුව පත්තුකරගන්න ගමන්ම උත්තරය දුන්න.තේ එකෙන් උගුරකුත් බිව්ව.ඒක නේ මහත්තය ඇවිත් තියනවනම් මට මතකයි. අමුත්ත කතාව ආය පටන් ගත්තා ,රේල්වෙ එකෙන් මේ සී.ජී.ආර් ඉඩම් වල කොන්ක්‍රිට් සිල්පර වැඩපොලක් පටන්ගන්න යන්නෙ ඊලග මාසෙ ඉඳල.මම තමයි ඒක බාර ඉංජිනේරු.අද මං ආවෙ මේ වටපිටාව ටිකක් බලාගෙන යන්න.අනේ හොඳ යි සර්, මේ ඉඩම් කාටත් ප්‍රයෝජන නොවී වල් වැදිලා තියනවට වඩා හොඳයි එහෙම දෙයක් පටන්ගන්න එක.කොල්ලන්ට රස්ස ටිකක් හරි ලැබෙයිනෙ.කොල්ලන්ට විතරක් නෙවෙයි මුදලාලිටත් හොඳයි ,තේ කඩේ කෑම කඩයක් ම කරතහැකි.ඉංජිනේරුව කිව්වෙ ඇහැක් ඉඟිමරමින්.මට පුලුවන් ඒක රෙකමන්ඩ් කරල දෙන්න.මොකද කියන්නෙ ඉංජිනේරුව මුදලාලි දිහා බලන් ඇහුවා.අනේ මොනා කියනවද සර්.. මම යුතුකම් දන්නව, සර් මේ උදව්ව මට කරල බලන්නකො.. අම්මප ඕනෙ දෙයක් මම සර් වෙනුවෙන් කරනව.. මුදලාලි කිව්වෙ ශෝටීස් පිගානකුත් ලංකරමින්..මේ පැත්ත ගැන විස්තර ටිකක් කිව්ව මගෙ යාලුවෙක්, මිනිහ අදුනන කෙනෙක් මේ කිට්ටුව ගරාජ් එකක් කරනව කිව්ව.මිනිහ කාලෙකින් දැක්කෙත් නෑ ඒත් මගෙ යාලුවගෙ නම කිව්වොත් සලකල උදව් කරයි කිව්ව.මට ඔය ගරාජ් කාරයගෙ නම ඔලුවට එන්නෙ නෑනේ.. විසල්.. ද.. වි ..වි. ශෙහ් ඒවගෙ නමක්, ඉංජිනේරුව ඔලුවට තට්ටු දමම්න් මතක් කලා. සර් මිනිහගෙ නම විමලෙ ද.??? දැට්ස් රයිට්.. විමලෙ, විමලෙ.. මුදලාලි දන්නව වගේ මෑන්, කොහෙද මිනිහ ඉන්නෙ දැන්.?
ගරාජ් එක නම් මේ ලඟ පාත් සර් , හැබැයි මිනිහ ඕක් දාල මීට අවුරුදු දෙකකට හමාරකට කිට්ටුව ගමට ගියා.තිස්පනේ ..විමලය මට පොඩි ගානක් දෙන්නත් තියනව.. දැන්නම් ඕව පොත්වලින් කැපිල.මිනිහ කෝල් කලාමත් මම ඕක මතක්කලා වැඩ්ඩක් නෑ. මුදලාලි කීව.ඔය කෝල් කලා කීවෙ ඊයෙ පෙරේදද..? ඉංජිනේරුව ඇහුව, නෑ සර් මිනිහ ගියාට පස්සේ කෝල් කලේ. තිස්මඩ හදිසියේම ආවාය.ගෝලය හෙට කඩේ යතුර ගෙනත් දෙයිය,ඒක මං එනකන් තියාගන්න කියල කිව්ව.. ඉතිං ..? පහුවෙනිදා මට ඇට් හෝම් ගෙදරකට යන්න තිබ්බ නිසා මම එදාම හවස ගියා යතුරු ඉල්ලගන්න.කොහෙද අර යකා බිම සිමෙන්ති දැමිල්ලක් කරනව ඒ අස්සෙ. ඉනුත් පහුවෙනිදා හවස ඔය යකා කඩේටම ඇවිත් යතුරු ටික දුන්න.
කවුද මුදලාලි ඔය ගෝලය..?. අනේ දන්නෙනෑ සර්, ඔය තිස්මඩ ඉඳල ආපු විමලෙගෙ දුර නෑයෙක් කියලනෙ කිව්ව.මොකෙක් උනත් අමු පෙරේතයෙක්, ආ දවසෙ ඉඳල ඇදන් හිටියෙ එකම ඇදුම, රැවුලක්, කොන්ඩයක් කපන්නෙ නැති,මිනිහෙක් ගෙ මූන දිහා බලල කතා කරන්නෙ නැති මූසලයෙක්.කොහොමහරි සර් ඔය යතුරු හුටපටෙන් පස්සෙ මිනිහත් යන්න ගියා.මට නං හිතන්නෙ දෙන්නගෙ මොකක් හරි හුටපටයක් තිබ්බ,ඒකනෙ මට කෝල් කරලම කිව්වෙ උගෙන් යතුරු ඉල්ලගන්න කියල.
හ්ම්.. දැන් ඔය තැන වහල දාල තියෙන්නෙ ඉංජිනේරුව ඇහුව. හි.හි. නෑ සර් මුදලාලි ආයෙත් ඔලුව කසන්න ගත්ත. ඕක තිබ්බෙ මඩුව වගේ , මොනා උනත් අර ගෝල කොල්ල බිම සිමෙන්ති ටික දාල ගිය නිසා එතන පොඩ්ඩක් කල එලි උනා.
ඉතිං මම තව ටිකක් ඔතන පිලිවෙල කරල මගෙ බෑනට දුන්න බාබර් සාප්පුවක් දාන්න.හ්ම්.. ඒකට කමක් නෑ.. නිකන් ඕව වහල තියන්නෙ මොකටද..? මම හිතන්නෙ මගෙ යාලුව ඔය හුටපට දන්නෙ නෑ.. මම කියන්නම් මිනිහ දැන් මෙහෙ නෑ කියල.. මට මුදලාලි ගෙ ටෙලිෆෝන් නොම්මරේ දෙන්න. අර විමල් ද මොකාද කියන මනුස්සයගෙත් නොම්මරේ දෙන්න.මම මගෙ යාලුවට දෙන්නම්.ආ හරි සර් ඉන්න මම ලියල දෙන්නම්, මුදලාලි කවුන්ටරේට ගියා. එතකොට මගෙ ගාන කීයද? ගෝල්ඩ්ලිෆ් පැකට් එකයි, ටී එකයි,ශෝටීස් දෙකයි.. ඉංජිනේරුව ඇහුව.. අනේ පිස්සුද අපෙ සර්.. ඕක මොකක්ද...සර්ල ඇවිත් වැඩ පටන්ගන්න කො මුදලාලි කිව්ව..එහෙම හරිනෑනෙ මුදලාලි කියන්න මගෙ ගාන.. හරි හරි සර් අපි ඔය ගනුදෙනු පස්සෙ බලමු.. මුදලාලි කිව්වෙ හිනා වෙවී.
හරි බොහොම ස්තුතියි එහෙනම්, මම අපේ ෆෝමන්ට කියන්නම් මුදලාලි එක්ක කතා කරල කෑම බීම් ,සිල්ලරබඩු මෙහෙන්ම ගන්න පිලිවෙලක් කරගන්න කියල.. එහෙම හොඳයි නෙ කියපු ඉංජිනේරුව කාරය පාරට හැරෙව්ව.
සර්.. හේමාල් .. ඔව් සර්.. එතන තව එකෙක් ඉඳල තියනව.. ඕක් සර් ..
ෆෝන් එක ඕෆ් කරපු ඉංජිනේරුව ඒක සීට් එක උඩට දැම්ම.

තුෂාර ආසිරි .

දියැඳි සිතුවම්... 05

~05~ ගරාජ් විමලේ

මේ විමල් අය්යලගෙ ගෙදරද..? මිදුලට ගොඩවැදුණු අමුත්ත ඇහුව.ඔව් මහත්තය විමලෙ අපෙ මල්ලි. අමුත්ත දිහා සැකෙන් වගේ බලන් ගැහැනිය උත්තරය දුන්න.ඒයි.. මෙහෙ එනවකෝ කියූ ඈ,පොඩ්ඩක් ඉන්න මහත්තයො කියමින් ගෙට වැදුන.මොකෝ බං මේ බෙරිහං දෙන්නෙ කියන් මැදිවියේ කෙට්ටු මනුස්සයෙක් එලියට ආව.මේ මහත්තය මල්ලි ගැන අහනව. ටිකක් බැලුවනං කියපු ඈ ආපහු අමුත්තට කතාකලා අනේ මහත්තයො අපෙ මල්ලි ගැන මුකුත් ආරංචියක්වත් ද..? .. උඹ පලයං ඇතුලට, අපෙ මල්ලි... හහ්.. කියපු මිනිහා එලියට ඇවිත් පිල උඩ වාඩි උනා.
ඔය පඩත්තරයත් එක්ක අපේ කිසි ආස්සරයක් නෑ මහත්තය.තමුංගෙ මවු ගෙ ඉල්ලව්වටවත් ආයෙ නැති පරය.ආ..මහත්තය වාඩි වෙන්න.. මහත්තය කවුද ,මට නිච්චියක් නෑ නෙ.. ආ මම අමිල.. විමල් අය්ය අදුනන කෙනෙක්, ඒ දවස්වල මම මෙහෙ සබන් ඒජන්සි එකේ රෙප් නෙ. තිස්මඩ තමයි අපෙ අන්තිම ඒරියා එක , ඉස්සර මෙහෙ නැවතුනාම විමල් අය්ය අපිත් එක්ක සෙට් වෙනව.. දන්නැද්ද ඉතිං, අමිල හිනාඋනා.. ඔව් ඔව් විමලයට පිනට බොන්න දෙනවනං ඉතිං තවදෙයක් නෑ.
මම ගිය අවුරුදු තුනේම ට්‍රාන්සර් ගිහින් බදුල්ලෙ හිටියෙ , දැන් ආයෙත් මෙහෙ, ඒකයි විමල් අයිය මතක් වෙලා බලන්න ආවෙ.
ඒක මිසක්ක මහත්තය,මම හිතුවෙ එක්කො මහත්තය පොලිසියෙන් ,උසාවියෙන් කියල.එහෙමත් නැත්නම් ඕක ඔය මහත්තයටත් මොනාහරි අලුගුත්තේරු වැඩක් කරල කියල.මේ ඔය අයිය කවුද එතකොට අමිල ඇහුව.. මම පියතිස්ස මහත්තයො ,ඔය විමලයගෙ ඇවැස්ස මස්සිනා,ඔය උන්නෙ විමලයගෙ අක්ක, මගෙ නෑන.මම ඕකි කසාද නොබැන්දනං ඕක, ඕකිවත් විකුනං කනව ,එහෙමත් එකා. පියතිස්ස කිව්ව. මම දන්නෙ නෑනෙ අයියෙ විමලෙ අය්යගෙ නොම්මරේ ඔච්චර සවුත්තුයි කියල අමිල කිව්ව. මහත්තය ගෙ ගම් පලාත් මෙහෙමද ..ඔය මහත්තය වැදගත් වගේ පේන නිසයි මම මේ කියන්නෙ, මොකුත් හිතන්නෙපා මහත්තයො,විමලය මට දෙපාරක් මස්සිනා වෙච්චි එකේ මම ඌගැන හොඳට දන්නව.ඌ ආශ්‍රයට හොදේකෙක් නෙව්.මෙහ කරපු දහපදුරා වැඩවල හැටියට ගමේ ඉන්නම බැරිඋන තැන තමයි පැනිදෙණියෙ රාජසේකර මහත්තයගෙ වත්තෙ ඩ්‍රැවිවර් වැඩ කරන් හිටියෙ.රාජසේකර..අමිල ආපහු ඇහුවෙ පුදුමෙන්.. ඇයි මහත්තය ,ඒ මහත්තය අදුනනවද..?? න්..නෑ..නෑ මට ඒ නම අහල පුරුදුයි ඒකයි..අමිල කිව්ව.. ඔව් ඔව් පරම්පරා සල්ලිකාරයො.. පස්සෙ පොඩ්ඩක් පිරිහුනත් තවම හොඳ සල්ලි.. මෙහෙත් වතුතිබුන. ඔයඅපෙ මාම, විමලෙගෙ අප්පච්චි ඉන්න කාලෙ උන්දැයි, විමලෙයි දෙන්නම ඔය වතු මුරට ගියා නෙ. ඒකනෙ ඔය ඇදුනුම් කමත්.. පියතිස්ස කිව්ව. මහත්තය මේ තේ ටිකක් බීල හිටියනං කියපු විමලෙගෙ අක්ක කතාවට එක්තු උනා.ඕකගෙ කල් ක්‍රියාව හොඳ නෑ ඒකයි. යලුවො ඌව නොමඟ යැව්වා.. මම පැනිදෙණියෙ මල්ලිගෙ ගරාජ් එකටත් ගියා. ඒ දවස්වලනං ටිකක් සරු පාට තමයි තිබ්බෙ.. පැනිදෙණියෙ කොහෙද අක්කෙ අමිල ඇහුව. රේල් ගේට්ටුව ලග. මම ගියෙත් අර ලොරිය එලවන සාන්ත මල්ලිගෙ අයිරුවකට. මේ මිනිහට කිව්වට වැඩක් නැතිනිසා මම තට්ට තනියෙන් ගියා හොයාන.මොනා උනත් මගෙ මල්ලිනෙ.. ඈ කදුළු පිහිදාගත්ත.යයි මගෙ බල්ලවත්, ඕක කැන්දන් ඇවිල්ල මේ ගෙදර ඉන්න අර කරඳඩූස්මහත් වෙන කොල්ලො දෙන්නටත් උගෙ හැබිචෝල් කං පුරුදු කරන්න.. පලයං ගිහින් වැඩක් බලාගනිං පියතිස්ස සැර දැම්ම.
ඈ ගෙතුලට යනකන් හිටපු පියතිස්ස අමිලට කිට්ටු උනා. ඕක ඔය කාගෙ හරි ගෑනියෙක් වහංකරං ගිහින් කොහෙට හරි වෙලා හැංගිල ඇති.මට කීප දෙනෙක්ම කිව්ව ඕක කොළඹ ඉන්නව දැක්ක කියල, සරුයි වගේලු.. ඔය සරුබරු කමනං හොදින් හම්බුනු දෙයක් වෙන්න නං බෑ මහත්තය.මම අපේ ගෑනිට ඕක කීවෙ නෑ.ඕකි හොයන්න යන්න ඕනෙ කියල මගෙ ඔලුව කන්න හදන නිසා.
හම්.. මොනා කරන්නද අයියෙ.. මම දන්නෙ නෑ ඔච්චර දෙයක්.මම යන්නම් ඒනම් පරක්කුත් උනා,අමිල කිව්ව. හා මහත්තයො ගිහින් එන්න.. ඕක හම්බ උනොත් කියන්න මේ දිහා නාවට කමක් නෑ කියල කියපු පියතිස්ස මිදුලට බැස්ස.
එහෙන්ං අපි ගියා කියමින් අමිල බයික් එක ගුරු පාරට දැම්මා.නුවර දිහාවට සෑහෙන දුරක් ආවට පස්සෙ පාරෙ පාලු හරියක අයිනට කරල බයික් එක නවත්තපු අමිල සෙල්ෆෝනය අරන් කෝල් එකක් ගත්තා..
සර්,ගුඩීව්නින් සර්..කමල් කතාකරනව..ඔව් සර් ඇඩ්‍රස් එක හරි, එහෙම මෑන් කෙනෙක් ඉඳල තියනව..

තුෂාර ආසිරි .

දියැඳි සිතුවම්... 04

~04~ පාවෙලා කෝඩු ආකාසෙ

සීටීබී ස්කූල්බස් එකේ පිටිපස්සෙ එකම විකාරයක්, සුදු පරවි රෑන සේ... ජිගි..ජිගි.. පියාසලා.. බස් එකට තට්ටු දාන ගමන් කට්ටිය කටිනුත් මියුසික් දෙනවා.. ඒ සින්දුව ඉවර වෙද්දිම තව එකෙක් කෝකිලයන්ගෙ.. කෝකිල නාදේ.. පටන්ගන්නව.. ස්කූල් බස් එනකන් ඉන්න කෙල්ලො ඉන්න හෝල්ට් පහු කරද්දි සැර හූවක්... නංගිලා එන්න මෙකෙ නිකං අරන් යන්නෙ , කොන්ද පැනියා.. එකෙක් ඔලුව එලියට දාල නියනව... කවුද යකෝ කොන්ද කොන්ද ගාන්නෙ, හම්මට අල්ලනව බස් එක පොලිසියට, කොන්ද වේගෙන් බෙල් එකෙ ලනුව දිනව.. ලනුව කවුදෝ මැදින් අල්ලගෙන, කවුද යකෝ ලනුව අල්ලන් ඉන්නෙ කොන්දා ආයෙත් විලාප දෙනව..බස් එකම පිරෙන්න තව හූවක් එනව.. ඩ්‍රැයිවර් මාමට මෙව ගානක් නෑ. ඔහේ එලවනව.. චිකි..බුං..බුං.. ආනමාලු කෝලිකුට්ටු ඇම්බුං... සිංදුත් දිගටම යනව.. ගිම්හානුත් මේ ඔක්කොටොම හිනාවෙවී ,ඉන්න අතරෙ බැලුවෙ හසිය නැග්ගද කියල.. හසියගෙ හෝල්ට් එකෙන් නැග්ග ඔක්කොම නැග්ගෙ ඉස්සරහ දොරෙන් නිසා හසිය දැක්කෙ නෑ. අම්ම ගහයි බැට් එකෙන් මේ ඉන්නෙ බඩු, අයිනක් ගහල ඉදන් හිටිය ගිම්හාන් ලගට හසියයි,චාමරයි දෙන්න සෙනග අස්සෙන් රිංගල ආව. ඒයි ඔඩොක්කුවක් දාමු ඈ කියපු චාමර ගිම්හානගෙ ඔඩොක්කුවෙ වාඩි උනා. මේ හසිය බලපන්කො මුගෙ තියන පෙං පාට , අරලිය මලක් වගේ චාමරය විරිත්තුවා.. පල යකෝ යන්න.. බලු කතා කියන්නෙ නැතුව.. තොපි යාලුවොද.. ගිම්හාන ඇහුවා.. හා.. යාලුවොද නේ.. දැනගනින් මේ හසිය ජීවිතේ පරදුවට තියල, නම්බුව බල්ලට දාල.. ඔව් ඔව් ඌට බල්ලට දාන්න නම්බුවක් තිබ්බෙ නෑ තමයි.උඹ වෙනුවෙන් කරල තියන දේ අම්මෙක් තාත්තෙක්වත් කරන්නෑ චාමරය ආයෙත් විරිත්තුව.. මගෙ රත්තරං යාලුවො දෙන්න හූවක් මේ රත්තරං හසියට ,මුලු බස් එකම ආයෙත් හූවක් ... කියපංකො බං ... ගිම්හාන ඇහුවා.. අන්න එහෙම වරෙන්.. යමං, බැස්සාම කියන්නං කියපු චාමර ආයෙත් සිංදුවක් පටන් ගත්ත..
තුන්දෙනාම පන්තියට ගිහින් පොත්ටික දාල පැවිලියන් එක පැත්තට ගියා. මොනාද දැන් උඹ කරයි කිව්වෙ.. ගිම්හාන ඇහුවා.. මොනාද ඉති උඹෙ අරලිය මල ගැන තමයි හසිය කීව.යකෝ නංගිට වැන්දෙ නැතිටික විතරයි.ඒකි හිතුවෙ මම ලයින් කියල. උඹ කිව්වට විස්වාස කලේම නෑ බැං.ඉතිං බල්ලො උඹ කිව්වද මම කියල, ගිම්හාන කඩන් පැන්න, නැත්නං ඉතිංඅපේ රෙකෝඩ්ස් එච්චර හොඳයිනෙ. ගිම්හාන් අයිය එහෙම නැල්ලු.බලපං උඹේ තියන හැදියාව ..මම කිව්ව උඹ මැරෙන්න හදනව කියල.. ඊට පස්සෙයි නංගි මට විස්තර කිව්වෙ.තෝ මාව කාල හසිය.. ගිම්හාන් තරහින් කිව්වට, මූනෙ හිනාවක් තිබ්බ.. හම්මේ ආසයි බයයි නේ.. චාමර තට්ටුවක් දැම්ම. අහපං උන්ගෙ කොලේජ් එකේ ඉන්න අහිංසකම කෙල්ලලු.. අනං මනං චිකි බිකි සීන් මොනවත් තිබිල නැල්ලු. ඉගන ගන්න පොඩ්ඩක් කේස් උනාට , ඉස්කෝලේ ඒකිට මාර ප්ලේස් එකක්ලු තියෙන්නෙ, ඔය ඩ්‍රාම සීන් එක නිසා. නෑ ඉතිං ඉගන ගත්ත කියල ජොබ් එකක් කරන්නයැ ඉස්සරහට.. දැන් ඩොක්ට ගිම්හාන් උනත් කැමතිවෙයි මිසිස් ගිම්හාන් එයා පැක්ටිස් ඉවර වෙලා එද්දි ගෙදරට වෙලා ඉන්නවනම්.. චාමරය ආයෙත් මැද්දට පැන්න. දාපන් පහක් චාමර ගිම්හාන් ට අත දික් කලා.. ආ දාන්නෙ නැද්ද, දාන්නැත්නම් අවුලක් නෑ.. චාමර දික් කරපු අත අරන් ඔලුවෙ පිහිදගත්ත. අනිත් එක ඒකි පට්ට රිච් ලු. මොකද ෆිනෑන්ස් කොම්පැනියක් උන්ගෙලු.හැබැයි පොඩි දුක් සීන් එකකුත් තියනව.ඒකිගෙ තාත්තයි, අම්මයි නෑලු.. ඉන්නෙ තාත්තගෙ සෙකන්ඩ් වයිෆ් ලඟලු.එයාල දන්න විදියට නං ඒ මනුස්සය කෙල්ල ආදරෙන් බලාගන්නවලු. පේරන්ට්ස් මීටින්, ෆන්ශන් අරවට මේවට එන්නෙත් එ ඇන්ටි එක්කලු. ඔන්න මගෙ පුතේ ඕක තමයි කතාව. හ්ම්.. ඇත්තද, ගිම්හාන් බිමබලාගෙන කිව්ව.ආපෝ මොකද බං මූසල කමට හූල්ලන්නෙ මේ මංගල අවස්තාවෙදි, කියපු චාමර ගිම්හාන් ගෙ කරට අතක් දම්ම.අම්ම තාත්ත නැතිඑක ඇරෙන්න අනිත් විදියකට ඒකිට මාව ගැලපෙන්නෙ නෑ බං.. ගිම්හාන බිම බලාගෙනම කිව්ව.. ගිම්හාන් ගෙ ඇස්වලින් ගැලවුනු කදුලු බිංදුවක් ඒත් එක්කම සපත්තුව උඩට වැටුන.උඹ අඬනවද හුත්තො.. චාමර ගිම්හාන් තවත් උරහිසට තදකරගත්තෙ හිත් අතුලෙ පුපුරන්න තරම් දැනුනු සහෝදර කැක්කුමකින්. මේ අහපන් අපේ බයෝ ක්ලාස් එකේ ශුවර් ඩොකා උඹ , ඒක මුලු ඉස්කෝලෙම විතරක් නෙවේ උඹත් දන්නව.උඹේ ප්‍රශ්න වල හැටියට උඹව මිනිස්සුන්ට හිතාගන්න බැරි තැනක උඹ ඉන්නව.ඒකයි මේ ඉස්කෝලේ පිනාගෙ ඉදල කැන්ටිමේ බල්ලට යනකන් හැම එකෙක් ම උඹට රෙස්පෙක්ට් කරන්නෙ, බලපන් උඹෙ කඩ්ඩ සුපිරි , ඩිසිප්ලින් මාස්ටර් උඹට වදින්නෙ නැතිටික විතරයි, මාක්ස් අපිට ලංකරන්නවත් බෑ.ඩ්‍රාම සීන් එකේ උඹ තමා මේකෙ වැඩ්ඩ. ඉතිං බං ලවු එකෙත් උඹට ලැබෙන්න තියෙන්නෙ සුපිරිම එක තමයි.සල්ලි තත්වෙ දැන් උඹ ලඟ නැති උනාට ඉස්සරහට බඩේ බත් වගේ ශුවර්නෙ බං. අවුල් යන්න එපා බං හැමදේම හරියයි.හසිය කියාගෙන ගියා.. යමං කලාස් එකට චාමර ගිම්හාන් වත් ඇදගෙන නැගිට්ටා.

තුෂාර ආසිරි 

Wednesday, May 20, 2020

දියැඳි සිතුවම්... 03

~03~ කතාකරන ඇස්

මේ.. ඔයා ගිම්හාන් නේද ස්ටේජ් ඩ්‍රාම එකේ බෲටස් ට ඇක්ට් කලේ.. ඔ.ඕව් ...කලා උලෙල ඉවරවෙලා යන කොල්ලො කෙල්ලො අතරින් ආපු ලස්සන කෙල්ලෙක් ගිම්හාන් නවත්තගෙන ඇහුව.. ගිම්හාන්ට නිකන් දැනුනෙ ලෝකෙ කැරකෙන්න වගෙ, ස්ටේජ් එක උඩ ලෝකෙම යටකරගන්න තරම් හයියක් දැනුනත් කෙල්ලො ඉස්සරහ ගිම්හාන් හැසිරුනෙ හරි කුලෑටි විදියට.යකෝ උඹ පට්ට ෆේමස් ඔය කෙල්ලෙක් හිනාවෙද්දි, කතාකරද්දි ඉබ්බ වගේ ඉන්නෙ නැතුව කතාකරල හිටපන්. අපිට ඔහොම ලක් එකක් තිබ්බනම් අද හයිස්කූල්, හෙට මහාමායා අනිද්ද ගුඩ් ශෙපර්ඩ් .. යාලුවො හැමදාම වදේ ගැහුවෙ එහෙම කියල.
මම අරලියා, අරලියා ඒකනායක.. ඔයාගෙ ෆෑන් කෙනෙක්. මමත් ඩ්‍රාම ක්ලබ් එකේ ඉන්නව.ඒත් ඉතින් ඔයාට වගේ හොදට ඇක්ට් කරන්න නම් බෑ. කෙල්ල කියවන් යනව. ඒක තමයි... කියන්න මොනවත් කටට ආවෙ නැතිතැන ගිම්හාන් ට කියවුනා.. ඒක තමයි කියන්නෙ ඔයා මගේ ඩ්‍රාම බලල තියනව එහෙනම්.. අරලියා හිනාවුනා.. ගිම්හාන් පොඩ්ඩක් ඔලුව උස්සල හරියට අරලියා ගෙ මූන දිහා බැලුවෙ ඒ වෙලාවෙ.. ඒ කතාකරන , හිනාවෙන ඇස් එක්ක මීට ගොඩාක් කාලෙකට කලින් කරපු කතාබහක්, පොඩ්ඩකට නවත්තපු ඒත් තවම ඉවර නොවුණු කතාබහක් තියනව කියල ගිම්හාන් ට ඉසිස්සල්ලම දැනුනෙ ඒ වෙලාවෙ.එතනින් එහාට අරලියා කතාකලෙත් නෑ.. කියන්න බැරි දෙයක් එකපාරටම හිතත් කතාවත් අල්ලගත්ත වගේ අරලියා ට දැනුන.හා.. යමු යමු දෙන්න මෙතන රෝමියෝ ජුලියට් කරන්න වගේ යන්නෙ. එතනට ආපු කෙල්ලො ටිකක් අරලියාගෙ අතින් ඇද්ද.ආය හම්බවෙමු ගිම්හාන්.. අරලියා ඇස් පුංචි කරල හිනා උනා.. හා.... ගිම්හාන් කිව්ව නෙවයි.. කියවුනා.. කෙල්ලො රංචුව ආයෙත් හිනාවෙන්න පටන් ගත්තා.. බායි ගිම්හාන් ඉන් ඔක්කොම කිව්වෙ එකට..
අම්ම ගහයි බැට් එකෙන්... බායි ගිම්හාන්... කොහෙදෝ ඉදන් ආපු හසියා කිව්වෙ ගිම්හාන් ගෙ පිටෙන් හොල්ලමින්.. යකෝ මූ එකෙකුට නෙවේ ඔක්කොටම ලයින් වගේ චාමර කිව්වෙ අඬන මූනක් හදාගෙන.. අපිට එකෙක් හරි ඉතුරු කරපන් මචං, තනිකඩවනං මැරිල යන්න බෑ. මොන ලයින්ද බං .. යමං යමං ගිම්හාන් ඉස්සර උනා.. ඒක නෙවේ කවුද බං අර උඹත් එක්ක ඉස්සර.වෙලා කතාකරකර හිටපු කෑල්ල.. අඩෝ කිරි ටොයිස් ... කවුද බං ඒ චාමර ඇහුවා.. එයා අරලියා ගිම්හාන් කිව්වෙ ඇහෙන නෑහෙන ගානට.. ආහ්.. එයාහ් ..අරලියායායාහ්.. හසිය ඇදල පැදල කිව්ව.. කෑ ගහන්න එපා බං, හරිනෑනෙ ගිම්හාන් කිව්ව.. ඔව් ඔව්.. අපේ නෑන පොඩ්ඩගෙ නම එහෙම කියන එක හරිනෑ.. අරලියා මහත්මිය කියමුකො.. චාමර හසිට පහක් දැම්මා.මට දුක පිංවතුනි , මේ පින කලින් පල නොදී, පලදීමට ඒලෙවල් අන්තිම මාස හය වෙනකන් ඉඳීමත්,අපිට ගස්,ගල්, බස් හෝල්ට්,උයන්වතු, ෆිල්ම් හෝල් ගානේ මුගේ වියදම්න් , අපේ මහන්සියෙන් තනි රැකීමට, මුරකිරීමට සහ කෙල්ලගේ යාලුවන්ට ලයින් පාරක් දැමීමට ඇත්තේ ඉතා සුලු කාලයක් වීමත්.. අනෙ උඹෙ බණ.. පලයන් වද නොදී.. ගිම්හාන් කිව්වත් ඒ කියන දේවලට ගිම්හාන් ට හිතට දැනුනේ කවදාවත්ම දැනිල නැති සතුටක්. එයා මට ඇත්තටම කැමතිද..?? පිස්සුද යකෝ මනුස්ස කමට කතාකලාට කෙල්ලො යාලුවෙන්නෙ නෑ.. ගිම්හාන් ගෙම ඔලුවෙ එක පැත්තක් කෑගැහුව.. ඒත් එයා යද්දි ඒ විදියට මං දිහා බැලුවෙ....
ඒ ඒකි උඹට කැමති නිසා බූරුවො.. ඔලුවෙ අනිත් පැත්තෙන් කිව්ව..

තුෂාර ආසිරි .

දියැඳි සිතුවම්... 02

~02~ මේක සිම්පල් කේස් එකක්

මේවගේ කේස් හරියට එනව, කුලී කාරයො ගෙවල් දාල යන්නෙ පැදුරටත් නොකිය..ගෙවල් කුලී එහෙම හරියට ලැබුනද?? ඔව් ඔව් ඒව වෙලාවට ගෙව්වනෙ.මයෙ ළග මාස දෙකක කී මනිත් තියල තිබ්බෙ.ඒකවත් ඉල්ලපු
නැති එකනෙ පුදුමෙ මහත්තයො.අනික කෝ මේ දරුවගෙ බඩුමුට්ටු ..හා මේකෙ තව බලන්න දෙයක් නෑ. සිරිල් දාගනව නෝට් එකක් කාමරයේ කිසිදු පුද්ගලයෙකු සිටි බවට සාක්ශියක් නැත කියල, කියමින් සාජන් විමලරත්න පහලට බැස්ස. මේකද ඔය හාදයගෙ බයික් එක, මේකත් සටහන් කර ගන්නව එන්ජින් නොම්මර, චැසි නොම්මර එක්කම ඈ, බලනව මේකෙ පොත් පත් තියෙනවද කියල, හා සාමි මහත්තය සිරිල් උත්තර දෙන ගමන්ම බයික් එකෙ මීටර එක ළග පොකට්ටුවට අතදාල බලව්ව. යතුර විතරයි තිබ්බෙ ඒක මම අරන් තිබ්බ..දරුවත් වඩාගෙන දොරෙන් එබුනු ටානියා කිව්ව. මේ කවුද..? සාජන් මහත්තය ඇහුව, මේ මගෙ දුව මහත්තයො, දුවේ ඒක මේ මහත්තුරුන්ට ගෙනත් දෙන්න, තේ ටිකකුත් හදන්න දුවේ.මහත්තය එන්නකො ඇතුලෙන් වාඩි වෙන්න, ග්‍රේස් කතාකලා. හ්ම්.. දැන් මේ අතුරුදන් වෙච්ච අය මෙහෙ කාමරේ කුලියට අරන් කොච්චර කල්ද, අවුරුදු දෙක හමාරක් මහත්‍තය. ඔය පුද්ගලයගෙ හැදුනුම්පත් කොපි , ග්‍රාමසේවක සහතික , වැඩ කරන තැන ඇඩ්‍රස් එහෙම තියනවද?? ඒකනම් මේ... ග්‍රේස් තාවර උනා.. ඒව් අපිලඟ නෑනෙ මහත්තය ග්‍රේස් කීවෙ තතනමින්. ඕකනෙ කියන්නෙ , ඕකනෙ කියන්නෙ , ඔහෙල බබ්බුද දන්නැති එවුන්ට ගෙවල් කුලියට දෙනව හෙවිල්ලක් බැලිල්ලක් නැතිව, ඌ හොරෙක්ද, ත්‍රස්තවාදීයෙක් ද කවුද දන්නෙ.. අනේ නෑ මහත්තයො ඒ දරුව කතාබහක් නැති අහිංසක දරුවෙක්. ගෙවල් කුලියටත් එකපාරම කැමති උනානෙ. අනේ කිසි කරදරයක් තිබ්බෙ නෑ.. මේ ගෑනු දෙනෙකුයි දරුවෙකුයි ඉන්න තැන ඒ දරුව හිටපු එකත් හයියක් නෙව.අනේ ඒ දරුවට කරදරයක් ද කවුද දන්නෙ.. ග්‍රේස් හූල්ලන්න උනා.. හා..හා..නවත්තනව ඇඩියාව.. සල්ලි දුන්නොත් තමුන්ලට අනිත් ඔක්කොම හොදයි. තමුන්ල තමයි අරන් ගිහින් කූඩුවට දාන්න ඕනෙ, මේ වගේ වගකීමක් නැති විදියට වැඩ කරනවට, විමලරත්න සාජන් ගෝරනාඩු කලා. සර් මෙන්න බයිල් එකේ යතුරය. ටානියා කීවා.. හම් ඕක තියාගන්න , ඔය මනුස්සය ආවොත් කියන්න බයික් එකේ පොත්පත් අරන් ඇවිත් පොලිස් පොතේ සටහන් කරගන්න කියල හරිද, හා සර් ටානියා උත්තර දුන්න. මිනිහගෙ සෙල්ෆෝන් එක වැඩ.නෑ කිව්වනෙ, මොකක්ද වැඩ කරන තැන ලිපිනය. කොස්තාපල් ඇහුවා.. ලිපිනයනම් දන්නෙ නෑ සර් යුනික් ෆිනෑන්ස් එකේ හෙඩ් ඔෆිස් එකේ වැඩ කියල තමයි අපිට කියල තිබ්බෙ, ටානියා ආයෙත් උත්තර දුන්න, ඉතින් තමුන්ල ඒ ආයතනෙට කතා කරල බැලුවෙ නැද්ද, කතාකලා සර් එහෙන් කිව්ව නිකං අකිල කියන නමින් විතරක් එයාලට හොයාගන්න බෑ, මොකක්ද සෙක්ශන් එක ඇහුවා.. අපි අකිල හිටපු සෙක්ශන් එක දැනන් හිටියෙ නෑනෙ සර් කියපු ටානියා කදුලු පිරිනු ඇස් පිහිදගත්ත.එතකොට තමුන්ගෙ ස්වාමිපුරුෂයා මොකද කරන්නෙ , සාජන් විමලරත්න ඇහුවෙ ටානියා දිහා සැලකිල්ලෙන් බලනගමන්, එයා අපෙන් ඩිවෝස් වෙන්න ඉල්ලලයි තියෙන්නෙ, ටානියා ආයෙත් පාරක් කදුලු පිහිද ගත්තා..හ්ම් ඒකත් එහෙමද..තමුන්ලගෙ පැමිනිල්ලට අනුව අපි මේ විභාගෙට ගත්ත දේවල් එක්ක අපි සොයා බැලීමක් කරන්නම්. මෙතන අපරාධ යක්, වංචාවක් වෙලත් නෑ. බෝඩිංකාරයො ඔහොම පැදුරටත් නොකිය යනව.ඒ නිසා මේගැන කරදර වෙන්න ඕනෙ නෑ, නමුත් මීට පස්සෙවත් බෝඩිං කාරයි ගද්දි නීති රෙගුලාසි අනුව කටයුතු කරන්න ඔනෙ, තේරුනාද කියපු සාජන් නැගිට්ට.හම් යමු සිරිල්.. ජීප් එකේ යන අතරෙ සිරිල් කල්පනා කලේ පැදුරටත් නොකිය පැනල ගිය බෝඩිං කාරය ගැන.මේකෙ මොකක් හරි කොස්සක් තියනව කියල සිරිල්ට තේරුම් ගිහින් තිබුන. සාමි මහත්තය , සිරිල් රැල්බුරුල් ඇරල කතාව පටන් ගත්ත, අර කේස් එකේ අමුත්තක් දැනෙන්නෙ නැද්ද. නෑ මං කියන්නෙ අර මහ ගෑනි කියාපු විදියට මිනිහෙක් හිටපු ලකුනක් වත් ඒ කාමරේ නෑ, තියෙන බයික් එකේ පොත් පත් නෑ.. ඇඩ්‍රස් නෑ.. මුං ඒ යකාගෙ සම්පුර්ණ නමවත් දන්නෙ නෑ. ඒම වෙන්න බෑනෙ සාමි මහත්තය, මේ ගෑනු දෙන්න මොකාටද එන්න හදන්නෙ.හහ්.. හහ්.. හහ්.. විමලරත්න හයියෙන් හිනාවෙන්න පටන්ගත්ත. ඕකනෙ සාමි මහත්තය බැරි.අපි මොනාහරි කිව්වොත් විහිලු .සිරිල් අමනාපෙන් බිම බලා ගත්ත. හා..හා.. තමුසෙටත් ගිනිපුක්නෙ ඕයි..අයිසෙ සිරිල් මේ අහනව මගෙ අවුරුදු හතලිහක සර්විස් එකෙන් කියන්නෙ.. අර දරුවෙකුත් එක්ක හිටපු කෙල්ල දැක්ක ගමන් මම හිතාගත්ත කේස් එක මොකක්ද කියල.. මේක මේ ලවි කේස් එකක් අයිසෙ.. කෙල්ලගෙ මිනිහ නෑ.. අම්ම නාකි පරානයක්.. ඉතිං මේ බෝඩිං කාරය කෙල්ල එක්ක යාලු උනා.අනිවාරතේම කෙල්ලගෙ බඩට දරුවෙක් එන්න ඇති, ඉතිං තමුසෙම කියනවා තමුසෙ අතින් ඔය වැරැද්ද උනානං මොකද කරන්නෙ කියල.. හහ්..හහ්..හා... පැදුරටත් නොකිය මාරුවෙනවනෙ... සාජන් සාක්කුවෙන් විටක් අරන් සිරිල්ට දික්කලා... කනවද..? ඔන්න ඕක අතඇරල දානව අයිසෙ, හොරකමක් වංචාවක් වෙලත් නැ, අපරාධයක හෝඩුවාවකුත් නෑ..ඉතිං මොන මගුලක් ද?නිකං කාලෙ නාස්තිකරගත්ත..

තුෂාර ආසිරි

දියැඳි සිතුවම්... 01

~01~ අතුරුදන් වූ පියන්

එකදිගටම එලාම් එක වදිද්දිත් අකිල ඔහේ ඒ සද්දෙට කන්දීහාගෙන හිටිය, එලාම් එකට කලින් ඇහැරෙන එක දැන් පුරුද්දක් වෙලා, ඊළගට කොහෙද පන්සලක පිරිත් කියන සද්දෙ.. පොරවන් ඉන්න බෙඩ් ශීට් එකම ඇගවටේ පටලවගත්ත හෙමින් ඇවිදන් ගිහින් අකිල ජනේලෙ ඇරල දැම්ම තවම හරියට එලිය වැටිල නෑ..ඊළඟට කරන හැමදේම පුරුද්දට උන දේවල් මිස හිතල මතල කරන දේවල් නෙවෙ..හීටරේ ගැහුව,හීටරේ රත්වෙද්දි වතුර බුබුල් එනහැටි බලන් හිටිය, හදාගත්ත කිරි කෝපි එකේ හැමදාම පාවෙන කිරි කැට වලට පිඹ පිඹ ඒක බාගයක් බීල ඉතිරිය විසිකලා, ඊට පස්සෙ නාන කාමරට, නාන කාමරෙන් ඇදුම් රැක් එක ළගට,නිල් පාට කමිසෙ ,කලු කලිසම, කලු මේස්, කලු සපත්තු ,ජෙල් ටිකක් ගාපු කෙටි කොන්ඩෙ පැත්තට,ඔක්කොම හැමදාම විදියට, අන්තිමටම ඕඩිකොලොන් ටිකක්, දොර හෙමීට සද්ද නෑහෙන්න ඇදල වහල පඩිපෙල දිගේ පහලට බැස්ස.
ගුඩ් මෝනිං අයියා...මෝනිං.. අකිල ගේ දොරකඩ දිහා බැලුවෙ ඕනැවට එපාවට.. මොකද නිකං උදේපාන්දර මූන එල්ලන්, නින්ද ගියෙ නැද්ද ..? ඒක නෙවේ ඔයා ඊයෙ ආවෙ කීයටද, බයික් එකේ සද්දෙ ඇහුනෙ නෑනෙ.. ටානිය කියවන්යන අතරෙ අකිල බයික් එක ස්ටාටුත් කරන් හෙල්මට් එකත් දාගත්ත, මොකෝ කතා නැත්තෙ, කට කාමරේ තියලද ආවෙ.. කාමරේ තියල යන්න එපා මට දීල යනව දවල්ට ටිකක් කතා කරකර ඉන්න.. කතාකරනවකො...මේ හොඳ උදේපාන්දර මස්ත කුරුල්ලෙක් වගේ ඉන්නෙ නැතුව..
ඕයි මේ, තමුසෙලගෙ අම්ම මට බෝඩිම දෙද්දි මම එන වෙලාව යන වෙලාව තමුසෙට රිපෝට් කරන්න කියල කිව්වෙ නෑ.. මල වදේ හැමදාම... කියමින් අකිල බයික් එක වේගයෙන් පදවන් ගියා, නපුරුකම උතුරනව ඒ යන දිහා බලන් හිටපු ටානියා හිතුව.දුවගෙන ගිය ටානියා ඇදට පැන්නෙ ආයෙත් ටිකක් නිදාගන්න..ටානියා ඇදේ වැතිරුනු එක දැනුනු පොඩිඑකා ඇය ලගට තුරුලු උනා. ඌ හරි නපුරු උනාට ඔයා වගේම අහිංසකයි පැටියො..ටානියා පොඩ්ඩගෙ කනට මිමිණුව.
අකිල වැඩකලේ ඔෆිස් වලට ක්ලීනර්ස්ල , පියන්ල සපයපු මෑන් පවර් කොම්පැනියක.අකිලගෙ පෙනුම හොද නිසත් , ලියන කියන වැඩ පුලුවන් නිසත් අකිලට ලැබුනෙ ෆිනෑන්ස් කොම්පැනියක හෙඩ් ඔෆිස් එකක පියන් වැඩේ. පිලිවෙලට වැඩ කරන , නිශ්ශබ්ද කෙනෙක් උන අකිලට අවුරුදු දෙකක්ම එකම ඔෆිස් එකක වැඩ කරන්න හම්බවුනේ වෙන අය වගේ පැමිනිලි, ඉල්ලීම් , නිවාඩු මොනවත් නැතුව ඒකාලෙදි වැඩ කරපු නිසයි.අකිල ඉල්ලන කියන ඕනෙම දෙයක් නෑ බෑ කියන්නෙ නැතුව කරන එක ඇරෙන්නෙ, අකිල ඔෆිස් එකේ කවදාවත් පෙනුනු චරිතයක් නෙවේ.සමහරු අකිලගෙ නමවත් දැනන් හිටියෙ නෑ.මොකද වැඩකදි මිස වෙන වෙලාවල් වලදි අකිල කා එක්කවත් කතාවට ගියෙ නැති නිසා.අනික අකිලට කරන්න තිබ්බෙත් තේ හදන, ලිපිගොනු බන්ඩල් කරන වගේ පැත්තක ඉඳන් කරන වැඩ.අකිල නැවතිල හිටියෙ කොට්ටාව පැත්තෙ. ටිකක් ඇතුල පාරක බෝඩිමක.උදේට ඔෆිස් එකට, හවසට බෝඩිමට , ආයෙත් උදේට ඔෆිස් එකට කියන අකිලගෙ පොඩි ලෝකය ඇතුලෙ අකිල අදුරන කවුරුවත්ම හිටියෙ නෑ.කාටවත් අකිලව අදුනගන්න ඕනෑ කමක් තිබුනෙත් නෑ.එහෙම ඕනෙකමක් තිබුනෙ බෝඩිමේ අයිති කාරිගෙ දුව ටානියා ට විතරයි. ඒත් අකිලගෙන් වචනයක් හිනාවක් ගන්න එක පුදුම අමාරු වැඩක් කියල ටානියා දැනන් උන්න.ඒකම තමයි එයාට අකිල එක්ක දැනඇදුනුම් කමක් පවතන්න ඕනෙ උනෙත්. කවදහරි මම ඔය ලොකුකං මට්ටු කරන්නංකො හැම තිස්සෙම ටානියා හිතුවෙ එහෙම, අවුරුදු දෙක හමාරක්ම ගියත්,ඒත් ඒ කවදහරි දවස කවදාවත්ම ආවෙ නෑ.හැබැයි අකිල එක පාරටම අතුරුදන් උන දවසක් නම් ආව.සතියක් විතර අකිල දකින්න නැතිවෙද්දි,කාමරෙන් කිසි සද්දයක් බද්දයක් නැතිවෙද්දි,ෆෝන් එක වැඩකරන්නෙ නැතිවෙද්දි, අම්මයි දුවයි පොලිසියට ගිහින් පැමිනිල්ලක් දැම්ම.
"මේ කාමරේ මිනිහෙක් හිටිය කියල ඔහේට හොඳටම විස්වාසද..? සාජන් විමලරත්න ඇහුවෙ ඉනට අත්දෙකත් තියන් කාමරේ උඩ බිම බලමින්.කිසිදෙයක්.නෑ සාමි මහත්තය, ඉදිකට්ටක දෙයක් නෑ.කාමරේ තනිකර හිස්.නාන කාමරේ පාවිච්චි වෙලාම නෑ වගෙ, මේ බිම හිටං දූවිලි, මේකෙ මෙලෝ යකෙක් ඉඳල නෑ කොස්තාපල් කිව්වෙ නහයට ඉව අල්ලමින්, මේක අස්සෙ මහ පාලු ඟදක් එන්නෙ, ඒක තමයි මහත්තයො මාත් කියන්නෙ දැන් අවුරුදු දෙකාමාරක් ඔය දරුව මේකෙ නෙව හිටියෙ.සතියක්ම පේන්න නැතිවෙච්ච නිසාතමා කාමරේ ඇරල බැලුවෙ. අනෙ අම්මේ කොහොම විස්වාස කරන්නද මේව..හොරෙක් අරන් ගියාවගෙ නෙව, ග්‍රේස් හීල්ලුව...

තුෂාර ආසිරි 

Saturday, May 16, 2020

සෝබනේට පුස්තකාලයක්

ඔව් ගෙදරක පුස්තකාලයක් හරි පුස්තකාල කාමරයක් හරි තියන එක පොත්පත් නොකියවන ගොඩක් දෙනෙක් දකින්නෙ ඒ ගෙදර අය සෝබනේට කරන දෙයක් විදියට,පොත්පත් කියවන ටික දෙනෙක් දකින්නෙ මටත් මෙහෙම තැනක් තිබුනනම් කොහොමද කියල.මේ කතාව ඔන්න ඔය දෙවෙනි විදියට හිතන අයටත්, නොකියවන අයට තමතමුන්ගෙ අදහස් ගැන ආයෙත් හිතල බලන්නත් උදවුවක් වෙයි කියල හිතනව.
ඇයි අපි පොත් කියවන්න ඕනෙ, ඊ බුක්ස්, ඊ වීඩියෝ , කින්ඩල් තියන මේ කාලෙත් කඩදාසි පොත් ගොඩගහන් කරදරවෙන්න ඕනෙද.. නෑ ....ඒත් පොතක් පෙරලනකොට ඇගිලිවලට දැනෙන හැඟීම, පොතේ කඩදාසි වලින් එන සුවඳ.. පොතක් කියවද්දි සිද්දවෙන සිරුරයි, මනසයි අතරෙ වෙන අපූරු බැඳීම .. ජෙහාන්ගෙ වචන වලින් කියනවනම් " ඒක වෙන.....ම ආතල් එකක්.ඒ ආතල් එක ඉලෙක්ට්‍රොනික මාධ්‍යකින් ගන්න බෑ.
අනිත් දේ තමයි සමහර පොත්පත් තවම ඊ මාධ්‍යට නැගිල නෑ.කැමති උනත් නැතත් කඩදාසි ම තමයි.
ඔය කියවන එක ඕනෙ තැනක කරන්න පුලුවන් උනත් ඒකට වෙනමම තැනක් තිබුනොත් වැඩේ ලේසියි, වටපිටාවෙන් එන පලිබෝධ වලින් ඈත් වෙන තරමටම කියවන වැඩේ රසවිඳින්න පුලුවන් වෙනව.ඒ තැනම පොත්පත් වලින් වටවුන තැනකුත් උනාම වැඩේට හොද උත්තේජනයක් එනව.මේ පරිසරය කොහොමද හදාගන්නෙ.මේ වැඩේට වැඩි වියදමක් යන්නෙ නෑ.ගෙදර නිතර පාවිච්චි නොකරන කාමරයක් තියනවනම් වැඩේට මරැ, නැත්නම් සාලෙ ඈත කොනක්, පඩිපෙලක් යට ඉඩකඩ තියනවනම් එතන, වගේ ටිකක් නිස්කලංක තැනක් හොයාගන්න. එතන තියෙන කබඩ් , අල්මාරි, ලටපට ඔක්කොම අයින්කරල සුද්ද පවිත්‍ර කරගන්න.එතන ඔක්කොම අයින් කරන්න කිව්වෙ අපිට එතැන අලුත්ම විදියකට සැලසුම් කරගන්න ඕනෙ නිසා , මොකද පරන තැනටම පොත් ටික ගොඩගහන එක නෙවේ අපිට කරගන්න ඕනෙ.පොඩි තීන්ත ටින් එකක් ගෙනත් බිත්ති ටික පාට කරගන්න.පාට තෝරගද්දි ලා පාට ගන්න එපා තද ප්‍රබෝධමත් පාට තෝරගන්න.බිත්තියෙ චිත්‍රයක් වගේ දෙයක් ගහන්න හිතනවනම් ඒක බිත්තියෙ පාටට ගැලපෙන සහ තැනට උචිත නිර්මාණයක් යොදාගන්න. ඊලග පොත් ගබඩා කරන රාක්ක, කබඩ් උනත් කමක් නෑ,පොත්වල ආරක්ෂාවටත් හොඳයි.. හැබැයි පොත් රාක්කෙකින් පුස්තකාල කාමරේට හොඳ එලියක් එනවා.රාක්ක වලටත් ලොකු වියදමක් කරන්න ඕනෙ නෑ. සරල ඒත් අපූරු මෝස්තර වල පොත් රාක්ක තමුන්ටම හදාගන්න හැටි කියල දෙන වීඩියෝ යූ ටියුබ් එකේ ඕනෙ තරම් තියනව..එහෙම හදාගන්නෙ හෝ මිලදී ගන්න රාක්ක වල පාටත් බිත්තිවල පාටට ගැලපෙන්නම කරගන්න.හොඳ සැප පහසු පුටුවක්, කියවන විදුලි පහනක් එක්ක පොඩි පැති මේසයක් , කාමරේ තව ඉඩකඩ තියනවනම් පොඩි ගේ ඇතුලෙ තියාගන්න පුලුවන් මල්පැලයක් තියාගත්තම වැඩේ සම්පූර්නයි. ඕනෙනම් ඔය ලඟින්ම පොඩි කැසට්, සීඩී ප්ලේයර් එකකුත් තියාගත්තට කමක් නෑ. පොත්පත් වගේම හොඳ ගීතත් ඔතනම නිදහසේ රස විදින්න පුලුවන්.
ආ.. තව දෙයක් අර පැතිමේසෙ සටහන් පොතක් , පැන්සලක් තියල තියන්න, ඔය පොතක් පතක් කියවද්දි, ගීතයක් රසවිඳිද්දි හිතට එනදේවල් ලියන්න පුරුදුවෙන්න.ඒකෙ වටිනාකම කාලයක් ගියාම , ඔය සටහන් පොත පෙරලල බලද්දි තේරේවි.
දැන් අපේ පුස්තකාල වැඩේ ඉතුරුවෙලා තියෙන්නෙ පොත් රාක්කවලට අසුරන වැඩේ. ඊට කලින් ඔයාගෙ පොත් පත් හොඳට බලන්න අබලන් වෙලා නම් ඒ පොත් අලුත්වැඩියා කරන්න, කාවො එහෙම ඉන්නවනම් ඒව අයින් කරන්න.මොකද ඒකෙන් අනිත් පොත්වලටත් හානි වෙන නිසා.පොත් පත් විෂය අනුව රාක්ක ගත් කරන එක තමා නියම ක්‍රමය.අදාල විෂය තියන පොත් උස සහ බඳ ප්‍රමාණය අනුව පිළිවෙලට අඩුක්කරගන්න, විෂයන් දෙකක් අතර පොඩි ඉඩක් තියන්න, එත්කොට ලස්සනයි.අදාල විෂයට ලේබල් එකක් ගහන්න, විෂයන් අතරෙත් ඒ විෂයෙ එක කොටසකට අදාල පොත් ටිකක් වැඩි පුර තියනවනම් ඒ පොත් ටිකක් වෙනම තියන්න, උදාහරනයක් විදියට නවකතා කොටසෙ ෂර්ලොක් හෝම්ස් පොත් කට්ටලය ටිකක් වෙන්කරල තියන්න පුලුවන්.ලී වලින් හදපු රාක්ක ආදාරක තියනව ඔය වැඩේට. තමන්ටම හදාගන්න උනත් පුලුවන්.රාක්ක වල පහලම කොටසෙ සඟරා ,පත්තර වගේ දේවල් තියන්න පුලුවන්. සීඩී, කැසට් , රෙකෝඩ්ස්වගේ දේවල් තියනවනම් රාක්කෙ කොටසක් ඒවටත් වෙන්කරන්න.
ඔන්න දැන් අපේ ගෙදර පුස්තකාල කාමරේ ලෑස්තියි. කාමරෙයි පොතුයි තිබ්බට මදිනෙ කියවන්නත් ඕනෙ, ඒකට පහසු වෙලාවක් හදාගන්න, අඩුම ගානෙ දවසට පැය බාගයක්, තමුන් විතරක් නෙවෙයි ගෙදර අනිත් අයත් මේ වැඩේට එකතු කරගන්න, කියවන්න වෙනම තැනකුයි,හිත ඇදෙන පරිසරයකුයි තියන නිසා මේ වැඩේ අමාරැවෙන්නෙ නෑ.ගෙදර අය එක්ක මේ දවස්වල තමුන් කියවන පොත් ගැන පොඩ්ඩක් කතා කරන්න.ඒකෙන් කට්ටිය තව උනන්දුවෙයි.
තව වැදගත් දෙයක් තියනව වෙනම සටහන් පොතක හරි ෆෝන් එකේ, කොම්පියුටර් එකේ හරි ඔයාගෙ පුස්තකාලෙ තියන පොත් වල ලිස්ට් එකක් හදාගෙන තියාගන්න. ඒක අලුතින් පොත් ගන්නකොට, මොනාගැන හරි කරුණු හොයනකොට ගොඩක් ප්‍රයෝජනවත් වෙනව.මාසෙකට එක පොතක් හරි අරන් පුස්තකාලෙට එකතු කරන්න. පොත් ප්‍රදර්ශනය , බාගෙන් ස්ටෝල්, ඔන් ලයින් පොත් කඩ පොත් අඩුවට ගන්න පුලුවන් තැන්. මම පොත් ගන්න හැටි ගැන වෙනමම ලිපියක් දාන්නම්.ඒ ගැනත් ටිකක් වැඩිපුර කතාකරන්න ඕනෙ.
ඉතින් මේ වැඩේ කරල බලන්න, කාලයක් යද්දි, පොත් පත් ටිකටික එකතුවෙද්දි, කියවන ප්‍රමාණය වැඩිවෙද්දි ජීවිතේම අලුත් විදියකට වෙනස් වෙන හැටි ඔයාලටම තේරුම් යාවි.හෙට නෙවේ මේ වැඩේ අදම පටන්ගන්න.

තුෂාර ආසිරි 

Thursday, May 14, 2020

හොර වාහන ඉන්ෂුවරන්ස් එකකට අහූඋනාද...

ෆේස් බුක් එකේ කොයි වෙලෙත් ශෙයා වෙන පෝස්ට් ජාතියක් තමා රක්ෂණ ආයතන වලට එරෙහි පෝස්ට් , ඉන්ෂුවරන්ස් කාරයො හොරු, වන්දි ගෙව්වෙ නැතෝ, ඉන්ෂුවරන්ස් නම් ගන්න එපා වගේ ,රක්ෂයේ වටිනාකම හෑල්ලු කරන දේවල්.මම හිතන්නෙ මේකට හේතුව අපේ නොදන්නා කම,හරියට ඉන්ෂුවරන්ස් එකක් ගන්න දන්නවනම් ඒකෙ සහනය කියල නිම කරන්න බෑ.ඒ නිසා වන්දි ගන්න ගියාම ඒ කියන්න ක්ලේම් එකක් ගන්න යද්දි ඒවගේ නහයෙන් අඩන්න වෙන්නෙ නැතිවෙන විදියට ඉන්ෂුවරන්ස් එකක් තමුන්ගේ වාහනේට දාගන්නෙ කොහොමද කියල තේරෙන සිංහලෙන් කියන්නයි යන්නෙ.
ලංකාවෙ නීතියට අනුව වාහනයක් පාරට දානවනම් රක්ෂනයක් අනිවාර්යයෙන් තියෙන්න ඕන. අඩුම ගානෙ තර්ඩ් පාටි ඒ කියන්නෙ තුන්වන පාරශවයේ ආවරණයක් වත්. ඒ ඉන්ෂුවරන්ස් එක වාහනය පාරෙ තියන වෙලාව වෙද්දි ඇක්ටිව් වෙන්නත් ඕන.. ඊයෙ කල් පැනපු ඉන්ෂුවරන්ස් එකකින් අද වාහනේට වෙන සහ වාහනෙන්  වෙනත් අයට වෙන ඩැමේජ්වත් කවර් වෙන්නෙ නෑ.ඒ කියන්නෙ කල්පැනපු රක්ෂනයක් තියන වාහනේකට මොනාහරි උනොත් වන්දි සතපහක් වත් ලැබෙන්නෙ නෑ.අපි අවුරුදු ගානක් රක්ෂනේට ගෙව්ව, ක්ලේම් කරලත් නෑ.. මොනාහරි කරල ගෙවන්න කියල ඒ වෙලාවට නහයෙන් අඬල වැඩක් නෑ.මොකද ඉන්ෂුවරන්ස් එකක් කියන්නෙ නීත්‍යානුකූල ගිවිසුමක් යම්කිසි කාල සීමාවකට ගිවිසගත්ත.. කල් පැන්න කියන්නෙ රක්ෂන ආයත්නයට කරන්න කිසිම දෙයක් නෑ. ගිවිසුම කල් පනින්න දෙන්නෙ නැතුව අලුත් කරගන්න එක අපේ වගකීමක් . එච්චරයි.
ඊලඟට ඔන්ෂුරන්ස් කොම්පැනියක් තෝරා ගන්න එක. ඒක පහසුයි ලංකාවෙ රජයේ අනුමත කොම්පැනි ගානක් තියනව. අනුමත කොම්පැනියක් නම් ඒක ලොකුද පොඩිද අලුත්ද පරනද කියල බයවෙන්න දෙයක් නෑ, මොකද ඒව රජයෙන් නියාමනය වෙනව. ඇත්තම කියනවනම් ඕනෑම ආයත්නෙක මුලික ෆුල් ඉන්ෂුවරන්ස් එකේ වෙනසකුත් නෑ. වෙනස් වෙන්නෙ එක එක කොම්පැනි ඉන්ෂුරන්ස් එකත් එක්ක දෙන අමතර සේවා, ආවරණ ඒ කියන්නෙ ඇඩිශනල් කවර්ස්, ආයතනයේ කීර්තිනාමය වගේ ඒව. කොහොම හරි ආයත්නයක් හරි දෙකක් හරි තමුන් කැමති විදියට තෝරගත්ත කියමුකො, දැන් තියෙන්නෙ ඉන්ෂුවරන්ස් එකට අපිට කීයක් ගෙවන්න වෙනවද, ඒකට හම්බවෙන කවර්ස්, අමතර වාසි, සේවා මොනවද කියල දැනගන්න එක.ඒ කියන්නෙ කොටේශන් එකක් ගන්න එක. මේ වැඩේ කරගන්න දැන් හැම ආයත්නයක්ම වගේ ඔන්ලයින් පහසුකම දීල තියනව, එහෙම නැත්නම් කෙලින්ම ආයතනයේ කාර්‍යාලෙකට යන්න පුලුවන්, එහෙමත් නැත්නම් ආයතනයෙ ඒජන්ට්කෙනෙක්ට හම්බවෙන්න එන්න කියලත් කරගන්න පුලුවන්.
මෙතෙන්දි අපි අපේ වහනය සම්බන්ධ විස්තර ටිකක් දෙන්න වෙනව.හොර බොරු නැතුව හරිම හරි විස්තර මේ වෙලේදි අපි දුන්නෙ නැත්නම් කවද හරි කන්න වෙන පරිප්පුවත් හොඳටම කන්න වෙන්නෙ අපිට ම බව සිහිපත් කරගෙනම මේ විස්තර දෙන්න.
• වාහනයේ අයිතිකරු ඔබද, නැද්ද? යාලුවාගෙ වාහනේ, බෝයි ෆ්‍රන්ඩ්ගෙ ගර්ල් ෆ්‍රන්ඩ්ගෙ , පුංචම්මගෙ පුතාගෙ වාහනේ ඔයාට ඉන්ෂුවරන්ස් කරන්න බෑ.
• අයිති නැත්නම් මොකද්ද වහනෙත් එක්ක තියන නීතිමය බැඳීම. ඇටෝර්නි බලපත්‍රයක් , ලියාපදිංචි ගිවිසුමක් , ලීසිං,ලෝන් ගිවිසුමක් තියනවද
• වාහනය අද විකුනව්වොත් කීයකට දෙන්න පුලුවන්ද. ඒක තමයි ඔන්ෂුරන්ස් කරන්න ඕන වාහනේ වටිනාකම, වාරිකේ අඩුකරගන්න අඩු වටිනාකමක් කියන්න එපා. ක්ලේම් ගන්න වෙන්නෙත් ඒවගේම් අඩුවට තමයි.
• වාහනේ අලාභ හානි නැතිව හොද සහ ලියාපදිංචි පොතේ සදහන් තත්වයේ තියනවද? ඒ කියන්නෙ ඇන්ජින් මාරුකරල, චැසි මාරුකරල, වාහනේ හදපු එවුන් හීනෙකින්වත් හිතපු නැති මොඩිෆිකේශන් කරල තියනවද කියල.
• පුද්ගලික පාවිච්චියද, හයර් දුවනවද? ඉදල හිටලහරි ඔය එන හයර් එකක් එහෙම ගන්නවනන් ඒක හයර් කරන වාහනයක් තමයි .
• ඕනෙ කරන අමතර කවර්ස් මොනවාද? කලින් ඉන්ෂුවරන්ස් වල නෝ ක්ලේම් බෝනස් එහෙම තිබ්බද.? නෝ ක්ලේම් බෝන්ස් කියන්නෙ අනතුරු නැතුව වාහනය පැදවීම වෙනුවෙන් රක්ෂණ ආයතන දෙන ඩිස්කවුන්ට් එකක්.
• තව වාහනේ ගැන හෙලිකරන්න මොනාහරි විශේෂ දේවල් තියනවද?.. ඒ කියන්නෙ මේ වාහනේට අමතර ගැජට්, මිල අදික වෙනස් කිරීම් වගේ දේවල් කරල තියනවද, කලින් අනතුරු එහෙම වෙලා රෙපෙයාර් කරල තියනවද වගේ දේවල්

මේ දේවල් අවංකව ඉන්ෂුවරන්ස් කොම්පැනියට කොටේශන් එක ගන්න වෙලාවෙදි කියන්න බැරිනම්, කරැනාකරල ෆුල් ඉන්ෂුවරන්ස් එකක් ගන්න එපා.දෙයියනේ කියල තර්ඩ් පාටියක් දාගෙන වාහනේ පදින්න.
ඔන්න දැන් මේ කරුණු ටික දුන්නාම ආයතනය කොටේශන් එකක් දෙනව. කට වචනෙට ගන්න එපා මේක ප්‍රින්ටඩ් කොපියක් හරි ඊ මේල් එකකකින් හරි ගන්න.මේක හොඳට කියවල බලන්න මොනාද හම්බවෙන කවර්ස්, මොනාද හම්බවෙන්නෙ නැත්තෙ, අමතරව සේවා මොනාද කියල. ඕනෑම රක්ෂණ ආයත්නෙකින් සිංහල ,දමිළ භාශාවෙන් කොටේශන් එකක් ලබගන්න පහසුකම තියනව. ඕක තේරෙන්නෙ නැත්නම් හොඳම දේ ආයතනෙට ගිහින් හරි ඒජන්ට් කෙනෙක්ට එන්න කියල හරි හරියටම අහගන්න එක. සමහරු ආපෝ ඒ ඔෆිසර් පොඩි කොල්ලෙක් , කෙල්ලෙක්, ඒ ඒජන්ට් මම තරම් ඉගනගෙන නෑ වගෙ දේවල් කියල තමුන් දන්නැතිදේ අහගන්නෙ නැතුව ලොකු කමට ඉන්නව,ඒ වගේ පණ්ඩිතයො තමයි.තමන්ගෙ රක්ෂණ ,බැංකු,නීති වගේ හැම වැදගත් සේවාවක්ම අනාගන්නෙ.කරුනාකරල ඒවගේ වෙන්න එපා. වයසින් අඩු වැඩි උනත් ගැහැනු හො පිරිමි උනත් නිතරම වුර්තිකයන්ට ඇහුම්කන් දෙන්න.
හරි කොටේශන් එක පැහැදිලි කරගත්ත නම් ඒක තමා ඉන්ෂුවරන්ස් කොම්පැනියෙන් තමුන්ට ලැබෙන දේ. ඊට අමතරව කටවචනෙට ,ඇඩ්වර්ටිස්මන්ට් වල මොනා කොහොම කිව්වත් කොටේශන් එකට අමතරව බඹර තුඩක් දෙයක් බලාපොරොත්තු වෙන්න එපා.
කොටේශන් ගත්තට පස්සෙ තමුන්ට ගැලපෙන ආයතනයක් තීරනය කරපුවාම වැඩෙන්බාගයක් ඉවරයි, ඒත් තව වැදගත් දේවල් කීපයක් තියනව කරන්න.
එකක් තමයි වාහනේ ඉන්ෂුවරන්ස් කොම්පැනියට පෙන්නන එක. වෙහිකල් ඉන්ස්පෙක්ශන්. එදාට ආයතනෙ නිලධාරියෙක් වාහනේ බලල ,ෆොටෝ එහෙම අරගෙන රිපෝට් එකක් හදනව.මේක ඉතාම වැදගත් මේ රිපෝට් එක තමයි ඇක්සිඩන්ට් ක්ලේම් එකකදි වාහනය පෙර තිබ්බ තත්වෙ බලන්න යොදාගන්නෙ, මේ ඉන්ස්පෙක්ශන් එකේදී වාහනේ තියන පොඩි පොඩි අඩුපාඩුත් එර් නිලධාරිය පෙන්නල දෙයි. ඒව හදල නැවත් පෙන්වීම් අපේ යුතුකමක්.
ඉන්ස්පෙක්ශන් එකෙන් පස්සෙ ඉන්ෂුවරන්ස් ප්‍රොපොසල් ෆෝර්ම් එක ,ඒ කියන්නෙ යෝජනා පත්‍රය පුරවල දෙන්න ඕනෙ. සමහරු නිකන් මේක අත්සන් කරල ඔය මහත්වරු ඕක පුරව ගන්න කියනව ,කරුනාකරල ඒ මෝඩවැඩේ කරන්න එපා.තමන් ම පුරවන්න නිවැරදි ම තොරතුරු ලබාදෙන්න, ප්‍රොපොසල් එකේ වැරදි තොරතුරු එකක් හරි තිබ්බ කියල පස්සෙ හෙලි උනොත් , ක්ලේමුත් නෑ ගෙවපු මුදලුත් නෑ, නීතිය ඉස්සරහත් වැරදිකාරයෙක් වෙනව කියල මතකතියා ගන්න.වෙන කෙනෙක් තමන් වෙනුවෙන් ප්‍රොපොසල් එක පුරවනවනම් ඒක බාරදෙන්න කලින් හොඳට කියවල,තහවුරු කරනව කියල ලියල අත්සන් කරල බාරදෙන්න. ප්‍රොපොසල් එකත් එක්කම වාහනේ ලියාපදිංචි පොත,වෙනත් ගිවිසුම්, ලියකියවිලි වගේ ආයතනය ඉල්ලන අනෙක් ලියකියවිලිත් බාරදෙන්න.
මේ සියලුම දෙවල් ඉන්ෂුවරන්ස් සමාගමට ලැබුනට පස්සෙ සමාගම වාහනේට ඉන්ෂුවරන්ස් පොලිසියක් ඒ කියන්නෙ රක්ෂණ ඔප්පුවක් නිකුත්කරනව. ඒ මොහොතෙ ඉදල ඔබේ වාහනේට ගිවිසගත්ත විදියට ආවරනය ලැබෙනව.
රක්ෂණ ඔප්පුවක් නිකුත්කරනවත් එක්කම තව ලිය කියවිලි කීපයක් සමාගම නිකුත් කරනව.
• වාහනයේ තියාගන්න ඉන්ෂුවරන්ස් කාඩ් එකක්, මේකෙ ලබාගෙන තියන ඉන්ෂුවරන්ස් එකෙ මූලික විස්තර සදහන් වෙනව.වාහන අංකය, කාල සීමාව වගෙ.
• සියලු කරුනු අඩංගු රක්ෂණ ඔප්පුව.
• මුදල් ගෙව්වානම් ඒ බවට රිසිට් එක
• මුදල් චෙක් වලින් පස්සෙ ගෙවනවානම් ඒබව සදහන් ණයපත ඒ කියන්නෙ ඩෙබිට් නෝට් එක
මේව හම්බ උන ගමන්ම කරන්න ඕනෙ සියලු විස්තර හරිද, කොටේශන් එකේ තිබ්බ දේවල් ඔප්පුවෙත් තියනවද කියල බලන එක. මේ ඔප්පුවත් සිංහල ,දමිළ ,ඉංගිරිසි භාශා තුනෙන්ම ගන්න පුලුවන්.ඕකෙ මොනාහරි වැරැද්දක් ,අපැහැදිලි දෙයක් තියනවනම් ඒ වෙලාවෙදිම නිවැරදි කරගන්න.රක්ෂණය ගැන ඒත් අපැහැදිලි කමක් තියනවනම් හරි කොටේශන් එකට අනුව නෑ කියල තේරෙනවනම් හරි කරුනාකරල ඉන්ෂුවරන්ස් පොලිසි එක කැන්සල් කරන්න. පොලිසි එක අරන් මාස දෙක තුනක් ගියාට පස්සෙ සත්‍යාවබෝධ වෙලා කැන්සල් කරන්න ඕනෙ කියල දඟලනවට වැඩිය ඒක හොඳයි.
ඉන්ෂුවරන්ස් එක ගෙව්වෙ මුදලින් නම් ඉතා හොඳයි. චෙක් දුන්නනම් ඒව ඇදල ,රිටන් කරල වගේ කුණු වැඩ කරන්නෙ නැතුව, මහත්වරුවගේ නියම වෙලාවට ගෙවන්න, මොකද ඉන්ෂුවරන්ස් කොම්පැනියක් ඔබට ගෙවන ක්ලේම් චෙක් කවදාවත් ඉස්සරහට දින දාල දෙන්නෙවත්, ඒ චෙක් රිටර්න් වෙන්නෙ වත් නෑ.දැන් මේ ටික ඔක්කොම හරියට උනානම් ඔයත් වාහනේට හරි ඉන්ෂුවරන්ස් එකක් දාගත්ත, ආඩම්බරකාර වාහන හිමියෙක්. තමුන්ගේ සහ අනුන්ගේ ජීවිතයට සහ දේපල ගැන සැලකිලිමත් වෙනව කියන්නෙ නීතියෙන් ගැලවෙන්න මොකක් හරි ඉන්ෂුවරන්ස් කොලයක් එල්ලගෙන දුවනවවගේ නෙවේ ඒක ඔලුව කෙලින් තියන් පාරට වාහනේ දාන්න පුලුවන් දෙයක්.ඔබට සුබ ගමන්...

තුෂාර ආසිරි 

Wednesday, May 13, 2020

ටෙලියේ ජයන්ත චන්ද්‍රසිරි ළකුන


ලාංකිකයන් ඇසුරු කරන කලාවන් අතර ටෙලි නාට්‍ය කලාවට අයත් වන්නේ සුවිශේෂී ස්තානයකි.ලෝක ටෙලි කලාවට සාපේක්ෂව  මහා ටෙලි භාවිතාවක් හෝ ටෙලි මගින් ඇතිකල සමාජ කතිකාවත අපහට නැතත්, අපට බැලූ බැල්මට පෙනෙනා ලෙස එය සුලුකොට තැකිය හැක්කක්ද නොවේ.. ඇතැම්විට අපට එය එසේ පෙනෙන්නේ අප අද දකින බහුතරයක් නිර්මානයන්හි කලාත්මක සහ ගුනාත්මක මට්ටම්හි අවම බව නිසාවෙන් විය හැක.එහෙත් ලාංකීය ටෙලි කලාව තුල වෙනසක් ඇතිකල, සමාජය තුල කතිකාවක් ඇතිකල, සමාජයේ රසවින්දන සහ චින්තන දහරාව පුලුල් කල විශිෂ්ට නිර්මාණ කිහිපයක් 1982 දිමුතු මුතු හි සිට අදදක්වා නිර්මාණය වූ ටෙලි දහස් ගනනක් අතරේ දිදුලමින් අදටත් පවතියි.ඉනුදු නිර්මාන බහුතරයක නිමැවුම් කරුවා වන ජයන්ත චන්ද්‍රසිරි සහ ඔහුගේ ටෙලි පිළිඹද සුලු කියවීමක් සිදුකිරීමට මේ සුදුසුම  කාලයයැයි මට හැගේ, මන්දයත් නැවත ඔහුගේ නිර්මාන විඳීමට මඳ ඉසිඹුවක් මේ දිනවල අප සෑම දෙනාහටම ලැබී ඇති හෙයිනි.
දැන් හැට එක්වන වියෙහි පසුවන ජයන්න කලාවට පිවිසීමට පෙර සහ ඉන් පසුවද පුවත්පත් කලාවේදියෙකු ලෙස කටයුතුකල අතර 70 දශකයේදී කලාවට පිවිසීමෙන් පසු මේ දක්වා ඔහුගේ භූමිකාව වේදිකා නාට්‍ය කරුවෙකු, සිනමා සහ රෑපවාහිනී නිර්මානකරුවෙකු, ගීත රචකයෙකු, තිරනාටක රචකයෙකු, ලේකකයෙකු ලෙස පුලුල් වපසරියක පවත්වාගෙන යනු ලබයි. 
ඔහුගේ මුල්ම ටෙලි නිර්මානය වන වෙදහාමිනේ අනූව දශකයේ මුල් භාගයේ විකාශනය වන විට ලාංකික රෑපවාහිනී නිර්මානකරුවන් සහ මෙහෙයවන්නන්ගේ පොදු මතය වූයේ ටෙලි නිර්මානයන්හි අරමුන විය යුත්තේ සරල රස වින්දනයක් නරඹන්නන්ට ලබාදීම බවත්, ටෙලි නිර්මානයක් උසස් කලාත්මක කෘතියක් ලෙස ගොඩනැංවීම ප්‍රායෝගිකව කල නොහැක්කක් යන්නයි.එහෙත් එම මතය අතික්‍රමනයකිරීමට වෙදහාමිනේට හැකිවිය. ඉන් පසුකාලයකදී ටෙලි කලාව තුල ඔහුගේ සළකුන තිරව පිහිටුවාලීමටද ඔහුට හැකිවිය,
මෙසේ කිරීමට ජයන්තහට හැකිවුයේ කෙසේද..? මා දකින ලෙසට මෙයට කරුණු දෙකක් මුල්වී තිබේ. එකක් නම් ජයන්තගේ වේදිකා නාට්‍ය කරනයෙන් ලද අභ්‍යාසයයි, දෙවැන්න ඔහු තුල මුල සිටම ජීවත්වූ ජනමාධ්‍යවේදී භූමිකාවෙන් ලද සමාජය තුල අවදියෙන් ඉඳිමින් සමාජය කියැවීමකට , විශෙශ්ෂයෙන්ම සමාජයේ මානසික රටාවන් කියැවීමට සහ පුරෝකතනය කිරීමට ලද හැකියාවයි. 
සරස්වතී, අත්, මෝරා තුල උන් නාට්‍ය කරුවා ඔහුගේ සියලුම ටෙලි නිර්මානයන්හි පැහැදිලි ලෙසම දක්නට ලැබේ. චරිත සදහා පුද්ගලයින් තෝරා ගැනීමේදී ඔහු ගත් රැඩිකල් තීරන මේ වග මැනවින් පැහැදිලි කරයි. දඩුබස්නා මානයේ රනා චරිතයට කමල් අද්දරාඅරච්චි නම් කලාව තුල සහ සමාජය තුල වෙනස්ම ප්‍රතිරෑපයක් තිබූවකු ගෙන ඔහු සම්පූර්ණයෙන්ම මකා දමමින් ඔහු තුලින් රනා නිර්මානය්ද් කිරීම, වෙදහාමිනේ සදහා නවක ශිල්පිනියක වන රෙබෙකා නිර්මලී යොදාගනිමින් ඇයගේ නවකත්වයට ඔරොත්තු නොදෙන තරමේ රංගනයක් උකහා ගැනීම, ජැක්සන් ඇන්තනි, ශ්‍රියන්ත, ඩ්බ්.ජයසිරි, බුද්ධදාස විතානච්චි,රිචාඩ්,මහේන්ද්‍ර, වසන්ත විට්ටච්චි, සබීතා, රවීන්ද්‍ර යන ප්‍රවීනයන්ගේ පුද්ගලික ප්‍රතිරූපය ඉක්මවායන පරිදි චරිතයන් නිර්මාණය කිරීම මෙය සනාත කරයි. එසේම මොහුගේ ටෙලින් තුල මුල සිට අග දක්වාම නාට්‍යමය ගුනය රදවාගෙන යාමත්, ප්‍රේක්ශකයා වෙතට තීව්‍ර කර මුදාහරින දෙබස් සිදුවීම් සහ චරිතයන් අතර සහ චරිත සහ ප්‍රේක්ශකයා අතර ඔහු ගොඩනගන සංවාදය හරහා  ඔහු ප්‍රේක්ශකයා කදිමට නිර්මාණය තුලට ග්‍රහනය කරගැනීමත් සිදුකරයි.මෙයද වේදිකා නාටය විශයෙහි ඔහු ලද අභ්‍යාසය ටෙලිය කෙරෙහි යොදාගත් අයුරුයි. එසේම සංගීතයද ඔහු බොහෝ උසස් ලෙස තම නිර්මාන කාර්‍යයක් සදහා උපයෝගී කරගන්නා ලදී. පසුබිම් සංගීතය සහ ගීත මගින් ටෙලියේ සංවේදී තැන් ස්පර්ශ කල ආකාරය ඔහුටම අනන්‍ය වූවක් වු අතර. විශේෂයෙන් ම ජයන්ත කේමදාස සුසංයෝගය ලාංකික ටෙලි නාට්‍ය කලාවට සහ ටෙලි සංගීතයට කල නවමු වෙනස අප වෙන්වම සාකච්ඡාකල යුතුය. එය කොතරම් ප්‍රබලද 
යත් ඔවුන්ගේ සමහර ටෙලි සංගීත නිර්මාන ලාංකීය සංගීත කලාව තුල සුවිසෙස් අනන්‍යතාවයක් අත්පත් කරගත්තෝය, වෙදහාමිනේ හි දුහුවිල්ලෙන් හැදුන ලියේ, සදකැන් දහරින් යන ගීත, දඩුබස්නා මානය හි දකිනා දිවි සිහ, ගිනි කඳක් ලෙද යන ගීත, අකාල සන්ඩ්‍යා හි පැටියෝ ගීතය, සතර දෙනෙක් සෙන්පතියෝ ටෙලියෙහි ශාලා රෝග ශාලා මෙයට කදිම උදාහරන වේ. 
ඔහුගේ ජනමාධ්‍යවේදී භූමිකාව ටෙලි නාට්‍ය කරුවාතුල ඉස්මතු වන ආකාරය අපට ආකාර කිහිපයක් ඔස්සෙ හදුනාගත හැක. ඉන් මූලිකම ආකාරය නම් ඔහුගේ නිර්මාන සදහා වස්තුබීජ සපයා ගැනීමයි.ලාංකිය සමාජයේ සමූහ මානසික නැඹුරුතාව අනාගතයට වඩා අතීතය කෙරෙහි වඩාත් සමීපව හැසිරෙන බවද, තමා නිතර ඇසුරු කරන, අත්දකින හෝ දන්නා කියන දෑ වුවද ගුප්තාර්තයෙන් අසන දකින කල ඔවුන් එය කිසිදා නොදත් දෙයක් ලෙස නව්‍යාර්තයෙන් වැලදගන්නා බවද ජයන්ත මීට දශක හතරකට පෙර සිටම දැන සිටියේයැයි කිවහැක. ලාංකිකයන් උපන්දා සිට හදුනන හෙල වෙදකම, පිරිතෙහි බලය පිළිඹද විශ්වාසය, කාලයත් සමග වැලලී ගියේ යැයි විස්වාස කරන හෙල සටන් ක්‍රම ගැන වූ කතාන්දර , එපමනක් නොව පිටසක්වල ජීවය පිළිඹද විශ්වාස, භාවනාවෙන් ලැබිය හැකි බලයන් පිළිඹද අනුමාන වැනි දෑ ඔහුගේ නිර්මාන වලට විෂය වූයේ එබැවිනි.මෙවැනි දෑ ප්‍රේක්ශක මනස තුල පහසුවෙන් පැලකර හැකි සහ පෝෂනය කල හැකි බව ඔහු පෙන්වාදුනි. ඇතමෙක්ට මෙය ජයන්ත තම නිර්මාන ප්‍රෙක්ෂක මනසේ දුර්වලතා උපයෝගී කොටගෙන කරනලද අලෙවිකිරීමක් ලෙස හදුන්වාදිය හැකි උවද, මා මෙහිදී දකින්නේ ජයන්ත තම නිර්මානයෙහි වූ සෞන්දර්ය සහ නිර්මානය මගින් තමාට කීමට අවශ්‍ය වූ යටිපෙල වඩාත් මෘදුව සහ තිරව ප්‍රේශනය කිරීම මෙමගින් වූ බවයි.
ජයන්ත තුලවූ ජනමාධ්‍ය කරුවා ඉස්මතුවෙන අනෙත් අවස්තාව නම් ඔහුගේ ටෙලි නිර්මානයන්හි යටින්  දිවෙන කාලානුරූපී සමාජ විපර්‍යාසයන්, ආර්ථිකය මගින් සමාජය මත ඇතිකරන විපර්යාසයන්, ආදී කොටගත් බොහෝ සංකීර්ණ කාරනා ඉස්මතු කිරීමයි. වෙනස් වීම යන සංකල්පය සහ එම ක්‍රයාවලියට මිනිසුන් ප්‍රතිචාර දක්වන්නෙ කෙසේදැයි ජයන්තගේ සියලුම නිර්මාන වලින් උදක්ම කතාකරන අතර, අකාල සන්ඩ්‍යා හි කාලත්‍රයේම සැරිසරන නාගසේන, සතර දෙනෙක් සෙන්පතියෝහි චරිත මේ සදහා පැහැදිලි නිදසුන් වේ.
සමස්තයක් ලෙස ගත් කල ජයන්ත තම ටෙලි නිර්මාන වලින් කී දෙයට වඩා නොකී,  එහි යටිපෙලෙහි සගවාලූ දෑ බොහෝමයක් වූ බවද, අවාසනාවකට ලාංකික ප්‍රේක්ශකාගාරයේ බහුතරය එම යටිපෙල කියවාගැනීමට අපොහොසත් වූ බවද මෙහිලා සදහන් කල යුතුය.ඔහුගේ ටෙලි විකාශනය වූ කාලයට සමාන්තරව සමාජය තුල දේශීය වෙදකම් රැල්ලක්ද, අගම්පොර රැල්ලක්ද, පිරිත් බලයපෑමේ සහ පිටසක්වල ජීවීන් පිලිඹද රැල්ලක්ද, භාවනා රැල්ලක්ද ලාංකීය සමාජය තුල පැතිරගියේ එබැවිනි. බහුතරයක් මෙම රැලිවල අරමුණු රහිතව ඇදී ගිය අතර  සුලුතරයක් මේ රැලි උපයෝගී කරගෙන තම පුද්ගලික අභිවුර්දිය සලසාගත් හ.මේ සියලු රැලි දැන් ගසා අවසන් අතර , ජයන්තගේ නිර්මානයන් නැවත් රස විදීමට, නැවත කියවීමට සුදුසු කාලය මෙය බව හගිමි ,එසේම කාලයට සාපේක්ෂව ඔහුගේ නිර්මානයන්හි කතාකල දෑ අද දවස සමහ ගලපාලීමට උත්සහයක් දැරීම ඇත්තෙන්ම රසවත් සහ ඵලදායී වනු ඇත.

තුෂාර ආසිරි

Tuesday, May 12, 2020

කල්පාවසානය කුමකටද...

ඉතිහාසය පුරාවටම සහ ඉදිරියටද සියලුම මානව ශිෂ්ටාචාරයන්හි සහ ආගම් දර්ශනයන් හිද කතිකාවට බදුන්වන අපූර්ව සංකල්පයක් ලෙස ලෝක විනාශය හදුනාගත හැක. මානව පරිනාමයයේ තලයෙන් තලයට ඉහල නැගීමේ උත්ප්‍රේරකය, නොඑසේනම් මානව කුසලතා වර්ධනය කරගැනීම සහ එය පරපුරෙන් පරපුරට ඉදිරියට පවත්වාගෙන යාමේ මානසික ප්‍රවේශයෙහි අත්වැල වන්නෙ ස්වකීය වර්තමාන පැවැත්ම සහ අනාගතයක් පැවතිය හැකියැයි යන උපකල්පනය මත වන අතර පැවැත්ම යන මූලික සංකල්පය මානව පරිනාමයට ඍජුව හේතුපාදකව ඇති බවට අපට බැලූ බැල්මට හැඟුනද, විනාශය , අවසානය යන සංකල්පයද එයට සමාන්තරව පරිනාමික ගමන් මගට උපකාරීව ඇති බවද අපට පරික්ශාකාරීව විමසා බැලීමේදී පෙනී යයි.
ලෝක විනාශය යන සංකල්පය පූර්වජ මානවයාගේ සිට අද දක්වාද අද සිට අනාගතය දක්වාද පරිනාමික ප්‍රගමනයට හේතුවූයේ කෙසේද යන්න සලකා බැලීමට පෙර අප ලෝක විනාශය පිළිබඳ කතාකර ඇත්තේ කුමක් ද යන්න බලමු,
මූලික වශයෙන් මේ පිළිබඳ සාකච්ඡා කරන්නෙ ආගම් සහ දර්ශන තුල වන අතර, ඒබ්‍රහමික ආගම් වලට පෙර සිටම නයිල් සහ මොහෙන්දජාරෝ හරප්පා ශිෂ්ටාචාරයන්හි පැවති ඇදහීම් තුලද ඉන්කා ශිෂ්ටාචායෙහි ඇදහීම්වලද ලෝක විනාශය ගැන සඳහන්ව ඇත. ඒබ්‍රහමික ආගම් වල සහ ඉන්දු බහුදේවවාදී සංකල්ප වලදී ලෝක විනාශය පිළිබඳ පෘතුලව සාකච්ඡා වන අතර පසුකාලීනව ඉන්දියාව තුල මහාවීර , ගෞතම යන දාර්ශනිකයන් විසින් ගොඩනගන ලද දර්ශනයන් තුලද ලෝක විනාශය පිළිබඳ සඳහන් කිරීමක් කරයි. මෙම මූලික ධාරාවේ ආගම් සහ දර්ශනයන් හැරුනු කොට සම හා පසුකාලීනව ඇතිවූ බොහෝ ආගම් සහ දර්ශන වල මෙම කරුනට කුමන හෝ ලෙස දායකයත්වයක් ලබාදී ඇත.
ආගම සහ දර්ශනය යනු මිනිසා ඔහුගේ සහජ ඉව නැමති ප්‍රාතමික සැකසුමෙන් ක්‍රමිකව සැලසුම් සගගත සිතුවිලි රටාවකට සහ එම සිතුවිලි රටාව මත ගොඩනගන ජීවිතයට අනුවර්තනය වීමේදී ඇතිවූ මානසික අසමතුලිතතාව තුලනය කරනු වස් නිර්මාණය කරගනු ලැබුවක් වන අතර , පැවැත්ම යන සංකල්පය තිරසාර ලෙස පැවතීමට නම් එහි ප්‍රතිවිරුද්ධ සංකල්පය වන විනාශය යන්න එතුල ගැබ්වී තිබිය යුතුම වූ අතර එය එසේම විය.
ලෝක විනාශය යන සංකල්පය මිනිසාගේ ප්‍රගමනයට හේතුවූයේ කෙසේද යන අප ඉහත අසා ඇති ප්‍රශ්නයට සරල පිළිතුර එයම වේ. එනම් පැවැත්මේ සංකල්පය සමතුලිත් කිරීමයි. සමතුලිත නොවූ සංකල්පයක් කිසිවිටක දිගුකාලීනව පවත්වාගෙනයා නොහැකිවන අතර ඒමත පදනම්ව මානවයා වැනි සංකීර්ණ මානසික ස්වභාවයක් සහිත ජීවියෙකු සමූහයක් වශයෙන් නඩත්තු කිරීමද කල නොහැකි වේ.
ලෝක විනාශය යන්න අනික් අතට මානව සිතුවිලිවල ප්‍රාතමික ස්වභාවයක් වන විනාශකිරීමට , වෙනස් කිරීමට ඇති කැමැත්ත සංතර්පනය කිරීමද කරයි.එසේම සියල්ල අවසන් වන දිනක් ඇතිබව යන සංකල්පය මනසේ හැකියාවන් ප්‍රසාරනය කිරීමේ උත්තේජකයක් ලෙසද, එම හැකියාවන් ක්‍රියාත්මක කිරීමේදී ඇතිවන මානසික ඝට්ටනයන් සමනය කිරීමේ තනූකකාරකයක් ලෙසද එකවිට ක්‍රියා කරයි.සාමාජයීය වශයෙන් මෙම සංකල්පය පූර්න වශයෙන් නැතත් , මූලික මානව හැසිරීම් රටා යම් රාමුවක් තුල සංගත කිරීමට යම් පමනක දායකයත්වයක් සපයයි.අප කුමන සමාජයක ජීවත් වුවද මෙම සංකල්පය කුමන හෝ අයුරකින් අපගේ මනසට අප දැනුවත්ව හෝ නොදැනුවත්ව කාන්දුවී ඇතිඅතර අනිච්චානුගතව හෝ අප මෙම සංකල්ප මත් සෑදෙන සිතුවිලි රටා මත අපේ ජීවිතය ගෙවා දමයි.
ලෝක විනාශය සංකල්පයේ නූතන කියවීම කුමක්දැයිද අප විමසමු,
ලෝක විනාශයකට පසු ඒ පිළිබඳ කීමට කිසිවකු ශේෂ නොවන නිසා මානව ඉතිහාසය පුරාවටම මේ පිළිබඳ පැවතුනේ කාල්පනික විග්‍රහයන් පමනකි, එහෙත් අද එයින් ඉදිරියට ගොස් ලෝක විනාශය , මානව සහ සත්ත්ව සංහතියේ විනාශය ගැන තාර්කික විග්‍රහ සැපයීමට අපට හැක. ග්‍රහක ගට්ටන, මවු තාරකාවේ ආයුකාලය අවසන්වීම වැනි පෘථිවියට බැහැරින් පැමිනෙන ස්වාභාවික හේතුන් ද පෘථිවි අභ්‍යන්තරව ස්වාභාවිකව සහ මානව ක්‍රියාකාරක්ම් නිසාවෙන් ඇතිවන කාලගුණ විපර්යාස‍යන්ද,පරමාණු , ජීව සහ වෙනත් රසායනික ක්‍රියාකාරකම් ලෝකයේ විනාශය ගැන වනතාර්කික උදාහරනයන් වන අතර , අවාසනාවට මින් බහුතරයක් මානවය විසින්ම සිදුකරන සහ ඇතිකරගන්නා ලද ඒවාය.ඇත්තවශයෙන්ම බලන කල අපගේ පූර්වජයන් හට වඩා ලෝක විනාශය ගැන අවබෝධයක් සහ එයට සත්‍ය වශයෙන්ම නිරාවරන වී ඇත්තේ වර්තමානිකයන්වන අප සහ අපගේ සමීපතම අනාගත උරුමකරුවන්‍ ය. එහෙත් මානව ඉතිහාසය පුරාවටම ලෝක විනාශය ගැන කල කතිකාවතට අප විසින් ප්‍රමානවත් සහභාගිත්වයක් දක්වන්නේද යන්න ගැටලුවකි. ඒ පිළිබඳ අපගේ දැක්ම කුමක්ද යන්න අනාගතයයට සම්ප්‍රේෂණය කරන්නෙ කෙසේද යන්න පිළිබඳ අපහට නිසිදැක්මක් නොමැති බව මාගේ හැඟීමයි. පුරාණ ආගම් සහ දර්ශන වලින් මිනිසා උත්සාහ කල ලෝක විනාශ සංකල්පයෙන් මිනිස් චින්තනය තුලනය කිරීමේ වෑයමේ ඊලග තලයට අප පාතැබිය යුතුවන්නේ නොනිමි මානව පරිනාමය්‍ එම අදියර අප තරණය කල යුතුම හෙයින් වන අතර, එය කල හැක්කේ මෙම කාරනා ගැන පුලුල් කතිකාවක් මානව සමාජය තුල ඇතිකර එයින් වන බුද්ධ් කලම්බනයෙන් මිනිස් සත්ත්වයාට හිමිකරගත හැකි කුසලතා සහ එය පවත්වාගෙන යාමේ හැකියාව අත්පත්කර ගැනීමෙනි.


තුෂාර ආසිරි

Monday, May 11, 2020

වැල වගේද වරකා...


කොස් ගස තරම් ලාංකික ආහාර රටාවට සමීප තවත් ගසක් නැතිතරම් ය.. වී ගොවිතැන් අසානාසිවී ගිය කාලවලද අපි සැනසුමක් ලද්දේ කොස් ගෙඩියක් කා හෝ ජීවත් විය හැකියැයි සිතාය..පනාමල ලෙස හැඳින්වෙන කොස් මලේ සිට වැල හෝ වරකා ගෙඩිය දක්වා කොස් මූලික අහරක්, ව්‍යාන්ජනයක් සහ පළතුරක් ලෙස අපගේ අහරට එකතු වුයේ අනාදිමත් කාලයක සිටය.. 
කොස්මාමා ලෙස සුපතල ආතර් වී දියෙස් මැතිතුමා කොස් වැවීම සහ කොස් අනුභවය රැල්ලක් ලංකාව තුල ඇතිකිරීම වැනි කොස් හා බැඳුණු අපූර්ව සමාජ සංස්කෘතික කාරනා ,ආර්ථික  සහ වෙනත් හෞතික කාරනා කාරන කොතෙකුත් ඇතත් කොස් ගැන ප්‍රකට විදේශීය ඉවුම් පිහුම් වෙබඩවියක වූ අපූරු වීඩියෝව නැරඹීමෙන් මට සිහිපත් වූ කොස් කෑ විත්ති කීපයක් ලියා තැබීමට සිත්වුනි..
කොස් ගෙඩියට පෙර අප කන්නෙ කොස් කොලයි.. ළපටි කොස් කොල දලු පිටියෙන් තවරා , වියලි මිරිස් කරල් කීපයක් සමග තෙලේ බැදගැනීමෙන් අද අප පපඩම් වලින් ලබන කටගැස්ම එදා ලබාගතිමු... ඉන්පසු එන්නේ පොලොස්ය.. කොස් ගෙඩියේ ලාබාල කාලය අප පොලොස් ලෙස හදුන්වමු.. හොද පොලොසක් තෝරා ගැනීම පලපුරුද්දෙන්ම කල යුතු දෙයකි.. අපේ අත්තම්මලා මෙය මැනවින් දැන උන්නාය.. හැම ගසේම පොලොස් ඉවීමට නොගත් අතර හොඳ පොලොස් හැදෙන ගස් මොනවාදැයි ඔවුන් දැන උන්නාය.. මෙම ගස් වර්ග කිරීම පොලොස් වලට පමනක් නොව කොස් හා වැල වරකා සදහා ද විය.. ඒ දවස් වල අපිට පොලොස් හෝ කොස් ගෙඩියක් කඩාගෙන එන්නයැයි කියන්නේ ඒ අසවල් තැන වූ අසවල් කොස් ගහෙන්ය.. වැල සහ වරකා සදහා ද මේ නියමයන් මෙසේම විය.. පොලොසක් කැපීමද කලාවකි කකුලේ මහපටැගිල්ලට තදකොට රදවාගන්නා කැත්ත හෝ වක් පිහියටද අතටද පොල් තෙල් ටිකක් තවරා ගන්නෙ කොහොල්ලෑ කිරි නොගෑවෙන්නටය.ඉන්පසු සීරුවට වට්ටියකට කැබලි හෝ මැල්ලුම් ලෙස කපාගනී.කපාගත් කැබලි වල කහට නොපිපෙන්නට අත්තමලා විශේෂයෙන් වගබලා ගත්හ..ඉඳින් හොද පොලොස් ගෙඩියක් ලද විට පිලියෙල වන්නේ හොඳහැටි තෙල් ,අබ ,වේලූ මිරිස් යෙදූ පොලොස් මැල්ලුමකි.. නැත්නම් පදමට තුනපහ යොදා තෙල්බේරෙන්න පිසූ හොඳ රතුපැහැ පොලොස් ව්‍යාන්ජනයකි... කොහොම හැදුවත් පොලොස් රසය.. විශේෂයෙන්ම පොලොස් ඇඹුල දවසක් පරන වූ විට දිව්‍යලෝක රසය.. බත් සමග හෝ පෝරණු පාන් සමග පොලොස් ඇඹුල සහ මැල්ලුම කොපමන කෑවද ඇතිනොවන බවනම් නිසැකවම කිව හැක.
ඊලගට එන්නෙ කොස් ය , හොඳ කොස් බව ගහේදීම තිබියදී දැනගැනිමට අප දැන සිටි අතර , ඉහත පරිදි උයන කොස් වලට පතල ගසක් කොසක් නොවූ විට කොස් ගෙඩිය හොදදැයි අප සැක හැර දැනගත්තේ කොස් ගෙඩියෙහි කුඩා සිදුරක් හාරා ඉන් කොස් මදුලක් , ඇට කැබැල්ලක් ඉවතට ගෙන හපා රස බැලීමෙනි.. කොස් කැපීමත් පෙර සඳහන් වූ පොලොස් කැපීමේ අයිරුවටම වූ අතර,විශේශයක් වූයේ කොස් ගෙඩියේ ඇති වැඩි කොහොල්ලෑ එකතුකර ගුලියක් සාදා මුලුතැන්ගේ බිත්ති කොනක අලවා ඇති පෙරත් එලෙසම එකතුකල කොහොල්ලෑ ගුලියේ ඇලවීමයි..පෙරකල සෑම ගෙදරකම පාහේ මේ කොහොල්ලෑ ගුලි දක්නට ලැබුනු අතර , මෙහි ප්‍රයෝජනය වූයේ හිල්වූ හට්ටි , මුට්ටි, කල පිරියම් කර ගැනීමයි.. ඇලෙන සුලු කොහොල්ලෑ ගම් වර්ගයක් ලෙස බොහෝ ප්‍රයෝජනයවත් විය.. දැන් කොස් ඉවිල්ල දෙස බලමු.. කොස් ටික තැම්බීගෙන එද්දීම අපිට බඩගිනි සෑදේ , තැම්බෙන කොස් සුවද අප කොහේ හිටියත් කුස්සියට කැන්දාගෙන ඒ.. එවෙලේට අපට ලැබෙන්නේ තැම්බූ කොස් ය.. තැම්බූ කොස් වලට ගාගත් පොල් ටිකක් එක් කල ගත් විට සාස්...සූස් ගා රස්නිය පිටම ගිල දමා ගත් හැක
ඉන් පසු තැම්බුනු කොස්වලට පොල්කිරි යහමින් දමා කිරි කොස් මාලුව සකසා ගනී... හොදි ගතිය අඩුවී මදක් ඇලෙන සුලුව එනවිට එය ලිපෙන් බාගනී... පදම එයය.. කිරි කොස් බත් සමග, පාන් සමග අනුභව කල හැකි අතර නියම ක්‍රමය නම් සැරට සෑදූ බල හෝ කට්ටා කරවල හොද්දක් සමග කොස් පමනක් කෑමයි.. 
රෑ කෑමෙන් පසු ඉතිරිවන කිරි කොස් ටික එහෙමම හැලියේ ලිප උඩින් තියා තිබෙන අතර එය පසුවදා හීලටය...
අගුරු අස්කලත් රැය පුරාවටම රත්ව තිබුන ගොම මැටි ගෑ ලිපේ රස්නයට පාන්දර වන විට කිරිකොස් ඉතිරිය හොඳින් හිඳි තිබෙන අතර එය පොල් තෙලට අබ ටිකක්, සුදුළෑනු ටිකක් දමා යහමින් තෙම්පරාදු කර ගනී... හීලි බතට හෝ උදෑසන කැකුලු බතට එය හොඳ ටම ඇතිය.
කොස් ඇට ගැනද වෙනමම කතා කල යුතුමය , කොස් ඇට ලැබෙන ආකාර දෙකකි.. වැල වරකා කද්දී එහි ඇති ඇට අප විසිකරව්වේ නැත.. බොහෝවිට කලේ ඔය වැල වරකාවල ඇති ඇට එවෙලේම අඟුරේ පුලුස්සාගෙන කෑමය.. පුලුස්සද්දී සමහර කොස් ඇට "ටොස්" හඩින් පුපුරා යයි.. එය අපට මහත් විනෝදයක් විය.. කොස් ඇට ලැබෙන අනිත් ආකාරය නම් ගස් යටින් ඇහිද ගැනීමයි... කොස් ගසක් යටට යන ඔබට ඒ අවටින් කොස් ඇට ඕනෑතරම් ඇහිදගත හැක.කොස් ඇට කල් තබා ගැනීමට කල යුත්තේ වැලි සහිත වියලි පොලොවෙ වලලා ගැනීම වන අතර ඒ කාලයේ ගොම මැටිගෑ ගෙබිම සහිත් වී කුස්සි වල මුල්ලක කොස් ඇට වැලලා තිබුනි.. අපේ ගෙදර නම් කොස් ඇට කල් තබගන්නා ගබඩාව ලෙස තිබුනේ ඟගේ වැලි පිරවූ මහ හට්ටියකි..
මෙහි තැම්පත් කල කොස් ඇට පුලුස්සා කෑමට, කොස් ඇට අග්ගලා සෑදීමට සහ කොස් ඇට මාලුව සෑදීමට යොදාගන්නා ලදී.. වරකා කොස් ඇට වලින් යහමින් ගම්මිරිස් යොදා සාදන අග්ගලා ඉතා රසවත් වූ අතර..පොතුත් සමග උයන ලද කොස් ඇට මාලුවහි රස අද බොහොමයක් නොදන්නාබව නිසැකය.
පළතුරක් ලෙස වරකා හොඳ පැනි රසින්ද මදක් තද මදුලින්ද වනතර , හොඳ පැනිවරකා ගස් මොනවාදැයි අප ඒ දවස් වල හොදින් දැන සිටියෙමු.. වැල මදක් දියර ගතියෙන් යුක්ත් වූ අතර එයත් එක්තරා අපූරු රසයකින් වූවක් විය.. කෙසේ මුත් කොස් ගස නිසා අප ඒ වයසේදීම් වැල වලට වඩා වරකා කෑම ප්‍රිය උපදවන බවටත්.. එහෙත් වරකා කෑමේද යම් රසක් ඇති බවත් උගත්තෙමු..😉 ඔය කුමක් කෑවද ඒ සමග ලුණු කැටක් හා ගම්මිරිස් ඇටයක් කෑමට අප අමතක නොකලේ එයින් රසක් මෙන්ම වැල වරකා කෑමෙන් පසු ඇතිවිය හැකි බඩරැජාවට ඔසුවක් ද ලෙසිනි.
බතට, මාලුවට, පළතුරට කොයිකටත් සහනය වූ බත්ගස , කොස් රහමෙර පානයට කටගැස්මක් ලෙසින්ද ලබාදෙමින් ගසකින් මිනිසාට සපයන්නාවූ සියලුම ආකාරයේ ආහාර ලබාදෙන්නා ලෙස කිරුළ පැළදුවේය.. කොස් සිවිඩි සහ රේනු බැදුම මේ අපූරු කටගැස්මයි... රා ටිකක් සමග එදා මැනවින් මුසුවුන් මෙම කටගැස්ම අද තනි මෝල්ට් විස්කි ඇති මේසයක බැදපු කජු පීරිසියක් සමග සමතැන්ගෙන සිටියහැකි තරම් උසස් රසක් ගුනක් සහ පෙනුමක් ඇති අපේම ආඩම්බරකාර කටගැස්මක් බව මාගේ විශ්වාසයයි.කාලයත් සමග අපෙන් මදක් ඈතට ගිය කොස් ගස සමග වූ මේ අපුරැ අහර රටාව වැවත පනගන්වා ගැනීමට මේ සුදුසුම කාලය බව මාගේ හැඟීමයි..

තුෂාර ආසිරි