Followers

Showing posts with label දර්ශනය. Show all posts
Showing posts with label දර්ශනය. Show all posts

Wednesday, May 13, 2020

ටෙලියේ ජයන්ත චන්ද්‍රසිරි ළකුන


ලාංකිකයන් ඇසුරු කරන කලාවන් අතර ටෙලි නාට්‍ය කලාවට අයත් වන්නේ සුවිශේෂී ස්තානයකි.ලෝක ටෙලි කලාවට සාපේක්ෂව  මහා ටෙලි භාවිතාවක් හෝ ටෙලි මගින් ඇතිකල සමාජ කතිකාවත අපහට නැතත්, අපට බැලූ බැල්මට පෙනෙනා ලෙස එය සුලුකොට තැකිය හැක්කක්ද නොවේ.. ඇතැම්විට අපට එය එසේ පෙනෙන්නේ අප අද දකින බහුතරයක් නිර්මානයන්හි කලාත්මක සහ ගුනාත්මක මට්ටම්හි අවම බව නිසාවෙන් විය හැක.එහෙත් ලාංකීය ටෙලි කලාව තුල වෙනසක් ඇතිකල, සමාජය තුල කතිකාවක් ඇතිකල, සමාජයේ රසවින්දන සහ චින්තන දහරාව පුලුල් කල විශිෂ්ට නිර්මාණ කිහිපයක් 1982 දිමුතු මුතු හි සිට අදදක්වා නිර්මාණය වූ ටෙලි දහස් ගනනක් අතරේ දිදුලමින් අදටත් පවතියි.ඉනුදු නිර්මාන බහුතරයක නිමැවුම් කරුවා වන ජයන්ත චන්ද්‍රසිරි සහ ඔහුගේ ටෙලි පිළිඹද සුලු කියවීමක් සිදුකිරීමට මේ සුදුසුම  කාලයයැයි මට හැගේ, මන්දයත් නැවත ඔහුගේ නිර්මාන විඳීමට මඳ ඉසිඹුවක් මේ දිනවල අප සෑම දෙනාහටම ලැබී ඇති හෙයිනි.
දැන් හැට එක්වන වියෙහි පසුවන ජයන්න කලාවට පිවිසීමට පෙර සහ ඉන් පසුවද පුවත්පත් කලාවේදියෙකු ලෙස කටයුතුකල අතර 70 දශකයේදී කලාවට පිවිසීමෙන් පසු මේ දක්වා ඔහුගේ භූමිකාව වේදිකා නාට්‍ය කරුවෙකු, සිනමා සහ රෑපවාහිනී නිර්මානකරුවෙකු, ගීත රචකයෙකු, තිරනාටක රචකයෙකු, ලේකකයෙකු ලෙස පුලුල් වපසරියක පවත්වාගෙන යනු ලබයි. 
ඔහුගේ මුල්ම ටෙලි නිර්මානය වන වෙදහාමිනේ අනූව දශකයේ මුල් භාගයේ විකාශනය වන විට ලාංකික රෑපවාහිනී නිර්මානකරුවන් සහ මෙහෙයවන්නන්ගේ පොදු මතය වූයේ ටෙලි නිර්මානයන්හි අරමුන විය යුත්තේ සරල රස වින්දනයක් නරඹන්නන්ට ලබාදීම බවත්, ටෙලි නිර්මානයක් උසස් කලාත්මක කෘතියක් ලෙස ගොඩනැංවීම ප්‍රායෝගිකව කල නොහැක්කක් යන්නයි.එහෙත් එම මතය අතික්‍රමනයකිරීමට වෙදහාමිනේට හැකිවිය. ඉන් පසුකාලයකදී ටෙලි කලාව තුල ඔහුගේ සළකුන තිරව පිහිටුවාලීමටද ඔහුට හැකිවිය,
මෙසේ කිරීමට ජයන්තහට හැකිවුයේ කෙසේද..? මා දකින ලෙසට මෙයට කරුණු දෙකක් මුල්වී තිබේ. එකක් නම් ජයන්තගේ වේදිකා නාට්‍ය කරනයෙන් ලද අභ්‍යාසයයි, දෙවැන්න ඔහු තුල මුල සිටම ජීවත්වූ ජනමාධ්‍යවේදී භූමිකාවෙන් ලද සමාජය තුල අවදියෙන් ඉඳිමින් සමාජය කියැවීමකට , විශෙශ්ෂයෙන්ම සමාජයේ මානසික රටාවන් කියැවීමට සහ පුරෝකතනය කිරීමට ලද හැකියාවයි. 
සරස්වතී, අත්, මෝරා තුල උන් නාට්‍ය කරුවා ඔහුගේ සියලුම ටෙලි නිර්මානයන්හි පැහැදිලි ලෙසම දක්නට ලැබේ. චරිත සදහා පුද්ගලයින් තෝරා ගැනීමේදී ඔහු ගත් රැඩිකල් තීරන මේ වග මැනවින් පැහැදිලි කරයි. දඩුබස්නා මානයේ රනා චරිතයට කමල් අද්දරාඅරච්චි නම් කලාව තුල සහ සමාජය තුල වෙනස්ම ප්‍රතිරෑපයක් තිබූවකු ගෙන ඔහු සම්පූර්ණයෙන්ම මකා දමමින් ඔහු තුලින් රනා නිර්මානය්ද් කිරීම, වෙදහාමිනේ සදහා නවක ශිල්පිනියක වන රෙබෙකා නිර්මලී යොදාගනිමින් ඇයගේ නවකත්වයට ඔරොත්තු නොදෙන තරමේ රංගනයක් උකහා ගැනීම, ජැක්සන් ඇන්තනි, ශ්‍රියන්ත, ඩ්බ්.ජයසිරි, බුද්ධදාස විතානච්චි,රිචාඩ්,මහේන්ද්‍ර, වසන්ත විට්ටච්චි, සබීතා, රවීන්ද්‍ර යන ප්‍රවීනයන්ගේ පුද්ගලික ප්‍රතිරූපය ඉක්මවායන පරිදි චරිතයන් නිර්මාණය කිරීම මෙය සනාත කරයි. එසේම මොහුගේ ටෙලින් තුල මුල සිට අග දක්වාම නාට්‍යමය ගුනය රදවාගෙන යාමත්, ප්‍රේක්ශකයා වෙතට තීව්‍ර කර මුදාහරින දෙබස් සිදුවීම් සහ චරිතයන් අතර සහ චරිත සහ ප්‍රේක්ශකයා අතර ඔහු ගොඩනගන සංවාදය හරහා  ඔහු ප්‍රේක්ශකයා කදිමට නිර්මාණය තුලට ග්‍රහනය කරගැනීමත් සිදුකරයි.මෙයද වේදිකා නාටය විශයෙහි ඔහු ලද අභ්‍යාසය ටෙලිය කෙරෙහි යොදාගත් අයුරුයි. එසේම සංගීතයද ඔහු බොහෝ උසස් ලෙස තම නිර්මාන කාර්‍යයක් සදහා උපයෝගී කරගන්නා ලදී. පසුබිම් සංගීතය සහ ගීත මගින් ටෙලියේ සංවේදී තැන් ස්පර්ශ කල ආකාරය ඔහුටම අනන්‍ය වූවක් වු අතර. විශේෂයෙන් ම ජයන්ත කේමදාස සුසංයෝගය ලාංකික ටෙලි නාට්‍ය කලාවට සහ ටෙලි සංගීතයට කල නවමු වෙනස අප වෙන්වම සාකච්ඡාකල යුතුය. එය කොතරම් ප්‍රබලද 
යත් ඔවුන්ගේ සමහර ටෙලි සංගීත නිර්මාන ලාංකීය සංගීත කලාව තුල සුවිසෙස් අනන්‍යතාවයක් අත්පත් කරගත්තෝය, වෙදහාමිනේ හි දුහුවිල්ලෙන් හැදුන ලියේ, සදකැන් දහරින් යන ගීත, දඩුබස්නා මානය හි දකිනා දිවි සිහ, ගිනි කඳක් ලෙද යන ගීත, අකාල සන්ඩ්‍යා හි පැටියෝ ගීතය, සතර දෙනෙක් සෙන්පතියෝ ටෙලියෙහි ශාලා රෝග ශාලා මෙයට කදිම උදාහරන වේ. 
ඔහුගේ ජනමාධ්‍යවේදී භූමිකාව ටෙලි නාට්‍ය කරුවාතුල ඉස්මතු වන ආකාරය අපට ආකාර කිහිපයක් ඔස්සෙ හදුනාගත හැක. ඉන් මූලිකම ආකාරය නම් ඔහුගේ නිර්මාන සදහා වස්තුබීජ සපයා ගැනීමයි.ලාංකිය සමාජයේ සමූහ මානසික නැඹුරුතාව අනාගතයට වඩා අතීතය කෙරෙහි වඩාත් සමීපව හැසිරෙන බවද, තමා නිතර ඇසුරු කරන, අත්දකින හෝ දන්නා කියන දෑ වුවද ගුප්තාර්තයෙන් අසන දකින කල ඔවුන් එය කිසිදා නොදත් දෙයක් ලෙස නව්‍යාර්තයෙන් වැලදගන්නා බවද ජයන්ත මීට දශක හතරකට පෙර සිටම දැන සිටියේයැයි කිවහැක. ලාංකිකයන් උපන්දා සිට හදුනන හෙල වෙදකම, පිරිතෙහි බලය පිළිඹද විශ්වාසය, කාලයත් සමග වැලලී ගියේ යැයි විස්වාස කරන හෙල සටන් ක්‍රම ගැන වූ කතාන්දර , එපමනක් නොව පිටසක්වල ජීවය පිළිඹද විශ්වාස, භාවනාවෙන් ලැබිය හැකි බලයන් පිළිඹද අනුමාන වැනි දෑ ඔහුගේ නිර්මාන වලට විෂය වූයේ එබැවිනි.මෙවැනි දෑ ප්‍රේක්ශක මනස තුල පහසුවෙන් පැලකර හැකි සහ පෝෂනය කල හැකි බව ඔහු පෙන්වාදුනි. ඇතමෙක්ට මෙය ජයන්ත තම නිර්මාන ප්‍රෙක්ෂක මනසේ දුර්වලතා උපයෝගී කොටගෙන කරනලද අලෙවිකිරීමක් ලෙස හදුන්වාදිය හැකි උවද, මා මෙහිදී දකින්නේ ජයන්ත තම නිර්මානයෙහි වූ සෞන්දර්ය සහ නිර්මානය මගින් තමාට කීමට අවශ්‍ය වූ යටිපෙල වඩාත් මෘදුව සහ තිරව ප්‍රේශනය කිරීම මෙමගින් වූ බවයි.
ජයන්ත තුලවූ ජනමාධ්‍ය කරුවා ඉස්මතුවෙන අනෙත් අවස්තාව නම් ඔහුගේ ටෙලි නිර්මානයන්හි යටින්  දිවෙන කාලානුරූපී සමාජ විපර්‍යාසයන්, ආර්ථිකය මගින් සමාජය මත ඇතිකරන විපර්යාසයන්, ආදී කොටගත් බොහෝ සංකීර්ණ කාරනා ඉස්මතු කිරීමයි. වෙනස් වීම යන සංකල්පය සහ එම ක්‍රයාවලියට මිනිසුන් ප්‍රතිචාර දක්වන්නෙ කෙසේදැයි ජයන්තගේ සියලුම නිර්මාන වලින් උදක්ම කතාකරන අතර, අකාල සන්ඩ්‍යා හි කාලත්‍රයේම සැරිසරන නාගසේන, සතර දෙනෙක් සෙන්පතියෝහි චරිත මේ සදහා පැහැදිලි නිදසුන් වේ.
සමස්තයක් ලෙස ගත් කල ජයන්ත තම ටෙලි නිර්මාන වලින් කී දෙයට වඩා නොකී,  එහි යටිපෙලෙහි සගවාලූ දෑ බොහෝමයක් වූ බවද, අවාසනාවකට ලාංකික ප්‍රේක්ශකාගාරයේ බහුතරය එම යටිපෙල කියවාගැනීමට අපොහොසත් වූ බවද මෙහිලා සදහන් කල යුතුය.ඔහුගේ ටෙලි විකාශනය වූ කාලයට සමාන්තරව සමාජය තුල දේශීය වෙදකම් රැල්ලක්ද, අගම්පොර රැල්ලක්ද, පිරිත් බලයපෑමේ සහ පිටසක්වල ජීවීන් පිලිඹද රැල්ලක්ද, භාවනා රැල්ලක්ද ලාංකීය සමාජය තුල පැතිරගියේ එබැවිනි. බහුතරයක් මෙම රැලිවල අරමුණු රහිතව ඇදී ගිය අතර  සුලුතරයක් මේ රැලි උපයෝගී කරගෙන තම පුද්ගලික අභිවුර්දිය සලසාගත් හ.මේ සියලු රැලි දැන් ගසා අවසන් අතර , ජයන්තගේ නිර්මානයන් නැවත් රස විදීමට, නැවත කියවීමට සුදුසු කාලය මෙය බව හගිමි ,එසේම කාලයට සාපේක්ෂව ඔහුගේ නිර්මානයන්හි කතාකල දෑ අද දවස සමහ ගලපාලීමට උත්සහයක් දැරීම ඇත්තෙන්ම රසවත් සහ ඵලදායී වනු ඇත.

තුෂාර ආසිරි

Tuesday, May 12, 2020

කල්පාවසානය කුමකටද...

ඉතිහාසය පුරාවටම සහ ඉදිරියටද සියලුම මානව ශිෂ්ටාචාරයන්හි සහ ආගම් දර්ශනයන් හිද කතිකාවට බදුන්වන අපූර්ව සංකල්පයක් ලෙස ලෝක විනාශය හදුනාගත හැක. මානව පරිනාමයයේ තලයෙන් තලයට ඉහල නැගීමේ උත්ප්‍රේරකය, නොඑසේනම් මානව කුසලතා වර්ධනය කරගැනීම සහ එය පරපුරෙන් පරපුරට ඉදිරියට පවත්වාගෙන යාමේ මානසික ප්‍රවේශයෙහි අත්වැල වන්නෙ ස්වකීය වර්තමාන පැවැත්ම සහ අනාගතයක් පැවතිය හැකියැයි යන උපකල්පනය මත වන අතර පැවැත්ම යන මූලික සංකල්පය මානව පරිනාමයට ඍජුව හේතුපාදකව ඇති බවට අපට බැලූ බැල්මට හැඟුනද, විනාශය , අවසානය යන සංකල්පයද එයට සමාන්තරව පරිනාමික ගමන් මගට උපකාරීව ඇති බවද අපට පරික්ශාකාරීව විමසා බැලීමේදී පෙනී යයි.
ලෝක විනාශය යන සංකල්පය පූර්වජ මානවයාගේ සිට අද දක්වාද අද සිට අනාගතය දක්වාද පරිනාමික ප්‍රගමනයට හේතුවූයේ කෙසේද යන්න සලකා බැලීමට පෙර අප ලෝක විනාශය පිළිබඳ කතාකර ඇත්තේ කුමක් ද යන්න බලමු,
මූලික වශයෙන් මේ පිළිබඳ සාකච්ඡා කරන්නෙ ආගම් සහ දර්ශන තුල වන අතර, ඒබ්‍රහමික ආගම් වලට පෙර සිටම නයිල් සහ මොහෙන්දජාරෝ හරප්පා ශිෂ්ටාචාරයන්හි පැවති ඇදහීම් තුලද ඉන්කා ශිෂ්ටාචායෙහි ඇදහීම්වලද ලෝක විනාශය ගැන සඳහන්ව ඇත. ඒබ්‍රහමික ආගම් වල සහ ඉන්දු බහුදේවවාදී සංකල්ප වලදී ලෝක විනාශය පිළිබඳ පෘතුලව සාකච්ඡා වන අතර පසුකාලීනව ඉන්දියාව තුල මහාවීර , ගෞතම යන දාර්ශනිකයන් විසින් ගොඩනගන ලද දර්ශනයන් තුලද ලෝක විනාශය පිළිබඳ සඳහන් කිරීමක් කරයි. මෙම මූලික ධාරාවේ ආගම් සහ දර්ශනයන් හැරුනු කොට සම හා පසුකාලීනව ඇතිවූ බොහෝ ආගම් සහ දර්ශන වල මෙම කරුනට කුමන හෝ ලෙස දායකයත්වයක් ලබාදී ඇත.
ආගම සහ දර්ශනය යනු මිනිසා ඔහුගේ සහජ ඉව නැමති ප්‍රාතමික සැකසුමෙන් ක්‍රමිකව සැලසුම් සගගත සිතුවිලි රටාවකට සහ එම සිතුවිලි රටාව මත ගොඩනගන ජීවිතයට අනුවර්තනය වීමේදී ඇතිවූ මානසික අසමතුලිතතාව තුලනය කරනු වස් නිර්මාණය කරගනු ලැබුවක් වන අතර , පැවැත්ම යන සංකල්පය තිරසාර ලෙස පැවතීමට නම් එහි ප්‍රතිවිරුද්ධ සංකල්පය වන විනාශය යන්න එතුල ගැබ්වී තිබිය යුතුම වූ අතර එය එසේම විය.
ලෝක විනාශය යන සංකල්පය මිනිසාගේ ප්‍රගමනයට හේතුවූයේ කෙසේද යන අප ඉහත අසා ඇති ප්‍රශ්නයට සරල පිළිතුර එයම වේ. එනම් පැවැත්මේ සංකල්පය සමතුලිත් කිරීමයි. සමතුලිත නොවූ සංකල්පයක් කිසිවිටක දිගුකාලීනව පවත්වාගෙනයා නොහැකිවන අතර ඒමත පදනම්ව මානවයා වැනි සංකීර්ණ මානසික ස්වභාවයක් සහිත ජීවියෙකු සමූහයක් වශයෙන් නඩත්තු කිරීමද කල නොහැකි වේ.
ලෝක විනාශය යන්න අනික් අතට මානව සිතුවිලිවල ප්‍රාතමික ස්වභාවයක් වන විනාශකිරීමට , වෙනස් කිරීමට ඇති කැමැත්ත සංතර්පනය කිරීමද කරයි.එසේම සියල්ල අවසන් වන දිනක් ඇතිබව යන සංකල්පය මනසේ හැකියාවන් ප්‍රසාරනය කිරීමේ උත්තේජකයක් ලෙසද, එම හැකියාවන් ක්‍රියාත්මක කිරීමේදී ඇතිවන මානසික ඝට්ටනයන් සමනය කිරීමේ තනූකකාරකයක් ලෙසද එකවිට ක්‍රියා කරයි.සාමාජයීය වශයෙන් මෙම සංකල්පය පූර්න වශයෙන් නැතත් , මූලික මානව හැසිරීම් රටා යම් රාමුවක් තුල සංගත කිරීමට යම් පමනක දායකයත්වයක් සපයයි.අප කුමන සමාජයක ජීවත් වුවද මෙම සංකල්පය කුමන හෝ අයුරකින් අපගේ මනසට අප දැනුවත්ව හෝ නොදැනුවත්ව කාන්දුවී ඇතිඅතර අනිච්චානුගතව හෝ අප මෙම සංකල්ප මත් සෑදෙන සිතුවිලි රටා මත අපේ ජීවිතය ගෙවා දමයි.
ලෝක විනාශය සංකල්පයේ නූතන කියවීම කුමක්දැයිද අප විමසමු,
ලෝක විනාශයකට පසු ඒ පිළිබඳ කීමට කිසිවකු ශේෂ නොවන නිසා මානව ඉතිහාසය පුරාවටම මේ පිළිබඳ පැවතුනේ කාල්පනික විග්‍රහයන් පමනකි, එහෙත් අද එයින් ඉදිරියට ගොස් ලෝක විනාශය , මානව සහ සත්ත්ව සංහතියේ විනාශය ගැන තාර්කික විග්‍රහ සැපයීමට අපට හැක. ග්‍රහක ගට්ටන, මවු තාරකාවේ ආයුකාලය අවසන්වීම වැනි පෘථිවියට බැහැරින් පැමිනෙන ස්වාභාවික හේතුන් ද පෘථිවි අභ්‍යන්තරව ස්වාභාවිකව සහ මානව ක්‍රියාකාරක්ම් නිසාවෙන් ඇතිවන කාලගුණ විපර්යාස‍යන්ද,පරමාණු , ජීව සහ වෙනත් රසායනික ක්‍රියාකාරකම් ලෝකයේ විනාශය ගැන වනතාර්කික උදාහරනයන් වන අතර , අවාසනාවට මින් බහුතරයක් මානවය විසින්ම සිදුකරන සහ ඇතිකරගන්නා ලද ඒවාය.ඇත්තවශයෙන්ම බලන කල අපගේ පූර්වජයන් හට වඩා ලෝක විනාශය ගැන අවබෝධයක් සහ එයට සත්‍ය වශයෙන්ම නිරාවරන වී ඇත්තේ වර්තමානිකයන්වන අප සහ අපගේ සමීපතම අනාගත උරුමකරුවන්‍ ය. එහෙත් මානව ඉතිහාසය පුරාවටම ලෝක විනාශය ගැන කල කතිකාවතට අප විසින් ප්‍රමානවත් සහභාගිත්වයක් දක්වන්නේද යන්න ගැටලුවකි. ඒ පිළිබඳ අපගේ දැක්ම කුමක්ද යන්න අනාගතයයට සම්ප්‍රේෂණය කරන්නෙ කෙසේද යන්න පිළිබඳ අපහට නිසිදැක්මක් නොමැති බව මාගේ හැඟීමයි. පුරාණ ආගම් සහ දර්ශන වලින් මිනිසා උත්සාහ කල ලෝක විනාශ සංකල්පයෙන් මිනිස් චින්තනය තුලනය කිරීමේ වෑයමේ ඊලග තලයට අප පාතැබිය යුතුවන්නේ නොනිමි මානව පරිනාමය්‍ එම අදියර අප තරණය කල යුතුම හෙයින් වන අතර, එය කල හැක්කේ මෙම කාරනා ගැන පුලුල් කතිකාවක් මානව සමාජය තුල ඇතිකර එයින් වන බුද්ධ් කලම්බනයෙන් මිනිස් සත්ත්වයාට හිමිකරගත හැකි කුසලතා සහ එය පවත්වාගෙන යාමේ හැකියාව අත්පත්කර ගැනීමෙනි.


තුෂාර ආසිරි